Saturday, October 13, 2012

Android - ජංගම සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය

අද මම කියන්න යන්නේ Bhasha Dictionary ජංගම සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය. කොළඹ සරසවියෙ භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය සමඟින් අත්වැලබැඳගෙන තමයි අපි ඔබට මේ තෑග්ග තිළිණ කරන්නෙ.


Google Play වෙතින් ලබාගන්න:
 https://play.google.com/store/apps/details?id=lk.bhasha.dictionary


Bhasha Dictionary කියන්නෙ ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය හරහා සිංහල-ඉංග්‍රීසි තේරුම් ලබාගන්න පුළුවන් ජංගම ශබ්දකෝෂයක්. මෙයින් ඔබට සබැඳිව (online) වගේම නොබැඳිව (offline) උනත් සිංහල-ඉංග්‍රීසි වචන පරිවර්තනය කරගන්න පුළුවන්. (ඒ කියන්නෙ මෙය භාවිතා කිරීම අන්තර්ජාලයට සම්බන්ධ වී තිබීම අත්‍යවශ්‍ය නෑ.) හැබැයි ඉංග්‍රීසියෙන් සිංහලට හරවන්න නොබැඳිව පුළුවන් උනත් සිංහලෙන් ඉංග්‍රීසියට හරවන්න නම් සබැඳිව ඉන්න ඕනෙ. ඒ වගේම සබැඳිව පරිවර්තන හොයන කොට ඔබට ඇතැම් වචන වල සිංහල, ඉංග්‍රීසි වගේම දෙමළ පරිවර්තනද ලබාගන්න පුළුවන්.



Bhasha Dictionary හි තවත් විශේෂත්වයක් තමයි ඔබට වචන පැවසීමෙන් වුනත් තේරුම් හොයන්න පුළුවන් වීම. "කියන්න... සොයන්න..." කියලා අපි සඳහන් කරලා තියෙන්නෙ ඒකයි. මෙමඟින් ඔබට පුළුවන් වචන ටයිප් කරන්නවත් වෙලාව නාස්ති නොකර කෙලින්ම වචන පවසලාම තේරුම් හොයාගන්න. හැබැයි මේ "කියන්න... සොයන්න..." ක්‍රියාකාරීත්වය සඳහානම් ඔබේ දුරකථනය අන්තර්ජාලයට සම්බන්ධ වී සිටිය යුතුයි. Wi-Fi මඟින් සබන්ධ වෙන්න පුළුවන්නං මේ ක්‍රියාකාරීත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්වෙයි.

තව දෙයක් තමයි සිංහලෙන් ඉංග්‍රීසියට වචන පරිවර්තනය කරගැනීමේ පහසු‍ව. මේ සඳහා ඔබ සිංහල වචන සිංහල යුනිකේත වලින්ම ටයිප් කරන්න අවශ්‍ය නෑ. ඔබට පුළුවන් සිංග්ලිෂ් වලින් ඔබ සිංහල sms ටයිප් කරන ආකාරයට සිංහල වචන ටයිප් කරන්න. එහෙම සිංග්ලිෂ් වලින් ටයිප් කරන වචන Bhasha Dictionaryය අඳුනගෙන ඔබට එසැණින් ඉංග්‍රීසි පරිවර්තන ලබා දේවි. හැබැයි මේ සඳහාත් අන්තර්ජාලයට සම්බන්ධ වී සිටීම අවශ්‍යයි.

ක්‍රියාකාරීත්වයන්:
  • පැවසීමෙන් හෝ ටයිප් කිරීමෙන් ඉංග්‍රීසි -> සිංහල පරිවර්තන ලබාගන්න
  • සිංහල යුනිකේත හෝ සිංග්ලිෂ් වලින් ටයිප් කිරීමෙන් සිංහල -> ඉංග්‍රීසි පරිවර්තන ලබාගන්න
  • අන්තර්ජාලය නොමැතිව වුවද ඉංග්‍රීසි -> සිංහල පරිවර්තන ලබාගන්න
  • අන්තර්ජාලයට සම්බන්ධ වී සිං‍හල -> ඉංග්‍රීසි පරිවර්තන ලබාගන්න
  • අන්තර්ජාලයට සමබන්ධ වී ඉංග්‍රීසි වචන වල සිංහල මෙන්ම දෙමළ පරිවර්තනද ලබාගන්න  (ඇතැම් වචන වල පමණක්)
  • භාවිතා කරන්නෙ සබැඳි සේවාවද නොබැඳි සේවාවද යන්න ඔබට තීරණය කළ හැක
  • ටයිප් කරන සැණින් පෙර සෙවූ වචන යෝජනා ලබාගන්න
  • ඔබේ ප්‍රියතම වචන තේරුම් ලැයිස්තුවක් පවත්වාගන්න
    
    

තව දෙයක් කියන්න ඕනෙ. මේ Bhasha Dictionary ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ගිය වර්ෂයේ අපි සම්මාන හිමි කරගත් Bhasha Dictionary බහු-ආකාර මධ්‍යගත සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයෙ තවත් එක් ආකාරයක්. මේ නිමැයුමට අපිට ගිය වර්ෂයේ ඉ-ස්වාභිමානී ජාතික සම්මානය හිමිකරගන්න හැකියාව ලැබුනා. ‍Bhasha Dictionary හි අනෙක් ආකාරයන් එනම් SMS, Chat සහ Web ඔස්සේද ඔබට මේ Bhasha Dictioanry සේවාවන් ලබාගන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර http://dictionary.bhasha.lk වෙබ් අඩවිය ඔස්සේ බලාගන්න පුළුවන්.

Bhasha Dictionary සඳහා වචන පරිවර්තන සපයන්නෙ කොළඹ සරසවියෙ භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය මඟින්. ඒ නිසා වඩාත් නිරවද්‍ය සහ විශ්වාසවන්ත පරිවර්තන ලබාගන්න ඔබට පුළුවන් වේවි. Bhasha Dictionary සේවාව සඳහා වචන පරිවර්තන ලබාදෙමින් අප සමඟ අත්වැලබැඳගත් කොළඹ සරසවියේ භාෂා තාක්ෂණ පර්යේෂණායතනයටත්, වි‍ශේෂයෙන් එහි ප්‍රධානී ආචාර්ය රුවන් වීරසිංහ මහතාටත් මේ අවස්ථාවේ විශේෂය ස්තූතිය පුදකර සිටින්න කැමතියි.

එහෙනං ඔන්න දැන් අලුත් අවුරුදු තෑග්ගෙන ප්‍රයෝජන ගන්න කාලෙ හරි. දැන්ම ගිහින් Google Play වෙතින් මේ අලුත් අවුරුදු තෑග්ග බාගන්න.

1 comment:

  1. Tech Talk With World: Android - ජංගම සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය >>>>> Download Now

    >>>>> Download Full

    Tech Talk With World: Android - ජංගම සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය >>>>> Download LINK

    >>>>> Download Now

    Tech Talk With World: Android - ජංගම සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය >>>>> Download Full

    >>>>> Download LINK 6M

    ReplyDelete