Sunday, October 21, 2012

Android වලට System app එකක් install කරන හැටි



ඉස්සෙල්ලාම install  කරන්න යන APK file එක download කරගෙන ඉන්න. (මේක කරන්න phone එක root කරලා තියෙන්න ඕනේ)

ඊට පස්සේ system app එකක් විදියට install කරන්නේ මෙහෙමයි. (Normal file manager එකකින් install කරන්න එපා!)
මේක කරන්න Root file manager එකක් තියෙන්නේ ඕනේ. නැත්තම් මෙතනින් Download කරගන්න. දැන් download කරපු APK එක copy කරන්න System/App කියන තැනට. Copy උනාට පස්සේ ඒ copy උනු file එක select කරලා options යන්න. (නැත්තම් ඔබාගෙන ඉන්න file එක උඩ.) 

Options වලින් Change Permision select කරන්න. ඊට පස්සේ පල්ලෙහා තියෙන රූපේ විදියට Permissions set කරන්න.


Reboot කරලා අලුත් system app එක පාවිච්චි කරන්න පටන් ගන්න! වැඩේ අවුලක් ගියොත් comment එකකින් කියලා යන්න, පුලුවන් විදියට උදවුවක් දෙන්නම්...

No comments:

Post a Comment