Saturday, November 5, 2011

අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට යයි !


ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඇතැම් අන්තර්ජාලවල ඇති අසභ්‍ය ලිංගික දර්ශන සහිත වීඩියෝ දර්ශන මගින් ළමා සහ තරුණ පරපුරේ මනස විකෘති වීමේ අනතුරක්‌ මතුව ඇති බැවින්, ඉදිරියේදී මෙම වෙබ් අඩවි සම්බන්ධව පියවර ගැනීමට රජය කටයුතු කරන බව  වාර්තා කරයි.


මෙවැනි වෙබ් අඩවි සම්බන්ධව වහාම පියවර ගන්නා ලෙස බහුජන සංවිධාන රැසක්‌ රජයෙන් ඉල්ලීම් කර ඇති බවද එම වාර්තවේ සදහන්වේ.


 මීට අමතරව මෙම වෙබ් අඩවි මගින් දේශපාලනඥයන්, කලාකරුවන්, කීර්තිමත් පුද්ගලයන්ට අපහාස කරමින් අසත්‍ය ප්‍රවෘත්ති සහ විකෘති කළ ඡායාරූප පළ කිරීමද මේ වන විට සමාජයේ දැඩි ආන්දෝලනයට ලක්‌ව ඇතැයි මෙම සංවිධාන සඳහන් කරයි.


එබැවින් ඊට එරෙහිව පියවර ගැනීමට දැඩි නීති රීති පනවන ලෙසද මෙම සංවිධාන රජයෙන් ඉල්ලා තිබේ.
මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේඅවධානය යොමුවී ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන්වේ.

No comments:

Post a Comment