Sunday, November 6, 2011

අලුත්ම NOKIA ස්මාර්ට් ෆෝන් දෙකක් වෙලදපොලට.......


ගිලිහෙමින් තිබෙන සුප්‍රකට නොකියා දුරකතන සමාගම අවසාන මොහොතේ හෝ අනිකුත් තරගකරුවන්ට අභියෝග කිරීමේ අරමුණෙන් නව ජංගම දුරකතන දෙකක් වෙළඳ පොළට හඳුන්වා දෙයි.

මේ අනුව, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පින්ලන්ත නොකියා සමාගම හඳුන්වා දී තිබෙන මෙම නව ස්මාර්ට් ෆෝන් දෙක මගින් මයික්‍රොසොෆ්ට් සමාගමේ Windows දුරකතන මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කළ හැකි බවයි.
නොකියා සමාගමින් පිට මෘදුකාංග භාවිතා කළ හැකි පළමු නොකියා දුරකතන බවට මෙම ජංගම දුරකතන පත්වන අතර මේ තුළින් තමන් වෙතින් ගිලිහී ගිය වෙළඳ පොළ නැවතත් අත්පත් කර ගැනීම සඳහා සමාගම ඉලක්ක කර ඇත.
Lumia 800 හා Lumia 710 ලෙස නම්කර තිබෙන මෙම දුරකතන දෙක ලබන මාසයේ සිට යුරෝපයේ අලෙවි කෙරෙන අතර 2012 වසර අවසන් වනවිට සිය සමාගමේ සේවකයින් 3500 ක් පමණ ඉවත් කරන බව නොකියා දැනටමත් නිවේදනය කර තිබේ.
කලක් ලෝකයේ ජංගම දුරකතන නිපදවන ප්‍රමඛතම සමාගමක් ලෙස වැජඹුණු නොකියා සමාගම, අනිකුත් තරගකරුවන්ට සාපේක්ෂව වෙළඳ පොළට නව්‍යතා ඉදිරිපත් කිරීමේදී දැක්වූ උදාසීනත්වය නිසා පසුගිය කාලයේදී දැඩි පසුබෑමකට ලක්විය.

No comments:

Post a Comment