Friday, October 12, 2012

WebCam එක Security Cam එකක් කරමු.....



කොහොමද හැමෝටම?ගොඩ කාලෙකට පස්සේ තමයි post එකක් ලියන්නෙත්.මෙි කාලේ අපි නමි හරීම busy ;) ,ඒක හින්දයි blog එක පැත්තේ එවෙන්නෙත් නැත්තේ?හරි ඒවා වැඩක් නැහැ,අපි මාතෘකාවට බහිමු.මාතෘකාව කියවපු ගමන් තේරෙනවානේ අද මොකක්ද කරන්න යන්නේ කියලා?අපි අද නිකන් තියෙන web cam එක security cam එකක් කරන්නයි යන්නේ. හැබැයි නිකන්ම නිකන් security cam එකක් නෙවෙයි,Motion Detection Security Cam එකක් :
 මෙක අපිට lap එකේ cam එක විතරක් නෙවෙයි usb web cam එකට උනත් පාවිචිචි කරන්න පුලුවන්?
එහෙනමි මුලින් පහල තියෙන Software එක බාගන්න.මෙ software එකේ නම Dorgem.freeware එකක්.


දැන් software එක install කරගන්න.
හරි එහෙනමි මෙන්න කරන්න ඔන විදිය,
  1. මුලින්ම Software එක open කරගෙන,ඒකේ Camera Selection tab එකට ඔයාලගේ web cam එක Select කරලා දෙන්න.
  2. JPEG Compression එක 50 කරන්න.


  3. දැන් Option වලට යන්න.


  4. Option වල General Tab එකේ තියෙන Use Motion Detection වලට Tic එකක් දාලා,OK කරන්න.


  5. ඊලගට යන්න Store Settings ​වලට,


  6. එ​තකොට එන Window එකේ Add Button එක ක්ලික් කරාම එනවා මෙහෙම Window එකක්,මෙකෙන් අපිට පුලුවන් අපි capture කරන photo එඅපේ Hard එකේම save කරන්න හරි,වෙන කොහෙට හරි upload කරන්න හරි,එතකොට ​ලෝකේ කොහේ ඉදන් උනත් බලන්න පුලුවන්.දැන් මම use කරන්නේ තමන්ගේ hard එකේම save වෙන විදියට,ඒක නිසා මම file කියන එක select කරනවා.


  7. හරි එතකොට අලුත් Window එකක් එනවා,එකේ Name එකට ඔයාලගේ Capute වෙන Image එකට දාන්න ඔිනි name එක දාන්න.Interval  කියන්නේ image එකක් වැදිලා අනිත් එක වදින්න ගන්න කාලය,සාමාන්‍යයෙන් තත්පර 3ක් විතර දැමිමම ඈති,ඒ වෙලාව තමන්ට ඔිනි විදියට හදාගන්න.file name කියන ඒකේ කොනේ තියෙන button එක click කරලා file එක save වෙන්න ඔිනි තැන ලබා දෙන්න,ඒ එක්කම එතන Save වෙන්න Name කියපු තැනට දුන්න name එකයි name එකේ අන්තිමට %G%g කියලා දෙන්න,උදාහරණයක් විදියට Image කියලා නම දුන්නා නමි Image%G%g කියලා save කරන්න.(%G%g වලින් වෙන්නේ Image එක වදින වෙලාව හා දිනය සටහන් වීමයි,මේක දුන්නේ නැත්නමි එකම image එක overwrite වෙනවා?)




  8. දැන් Ok කරලා,auto capture කියන එක Tic කරලා Capture Now Button එක click කරන්න?


  9. හරි නේද වැඩේ......

Tuesday, August 28, 2012

පුලුවන්නම් මෙයාගේ නහය අල්ලන්න......

  පහල රූපය මත ක්ලික් කරල බලන්න

Friday, August 17, 2012

Passwords හැකර්ලා ගෙන් රැක ගන්න Last Pass භාවිතා කරමු.



මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉතා වැදගත් දෙයක්. සමහරු දැනටමත් මේක බාවිතා කරනවා ඇති. ඒත් තාමත් බාවිතා නොකරන මේ ගැන නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතුන නිසා පොඩ්ඩක් ලියන්න තීරණය කරා. අපි හැමෝටම අන්තර්ජාලයෙ විවිධ එකවුන්ට් තියෙනවා. ඊමේල් එකවුන්ට්, ෆේස්බුක් එකවුන්ට්, ඔන්ලයින් බෑන්ක් එකවුන්ට්, වගේ තව තව ගොඩක් දේවල්. තමන් තමන්ගෙ එකවුන්ට් ගැන ගොඩක් සැලකිලිමත් වෙන පුද්ගලයෙක් නම් කවදාවත් හැම එකවුන්ට් එකකටම එකම පාස්වර්ඩ් එකක් බාවිතා කරන්නෙ නෑ. මොකද පිටස්තරයෙක් කිසියම් ක්‍රමයකින් ඔබව රවට්ටලා ඔබේ පාස්වර්ඩ් එක දැන ගත්තොත් ඔබ ඔබේ සෑම ගිණුමකටම බාවිතා කරලා තියෙන්නෙ එකම පාස්වර්ඩ් එකක් නම් ඔබට ඒ සියලුම එකවුන්ට් අහිමි වෙනවා. ගොඩක් වෙලාවට හැකර්ලා... සොරි වැරදුනා... ස්ක්‍රිප්ට් කිඩ්ස්ලා ඔබේ පාස්වර්ඩ් දැන ගන්නෙ ඔබව රවට්ටලා. සෝෂල් නේට්වර්ක් බාවිතයෙන් කිසියම් පුද්ගලයෙක් රවට්ටලා ඔහුගේ පුද්ගලික තොරතුරු ලබා ගන්න එකට අපි කිසිම වෙලාවක හැක් කරනවා කියලා කියන්නෙ නෑ. නමුත් ගොඩක් අය මම දැකලා තියෙනවා ෆේස්බුක් එකවුන්ට් හැක් කරා... ඊමේල් එකවුන්ට් හැක් කරා කිය කිය කෑ ගහනවා. නමුත් එතන ඇත්තටම හැක් කිරිමක් වෙලා නෑ. වෙලා තියෙන්නෙ යම් පුද්ගලයෙක්ව රවට්ටලා ඔහුගේ පාස්වර්ඩ් එක සොරකම් කිරීම පමණයි. එසේ යම් කෙනෙක්ව රවට්ටලා පාස්වර්ඩ් එක හොරකම් කරන්න පුලුවන් ආකාර ගොඩක් තියෙනවා. ඔබ බුද්ධිමත් නම් කාටවත් ඔබේ පාස්වර්ඩ් හොරකම් කරන්න බෑ. අනිත් එක තමයි දැන් ජී මේල් වල ෆේස්බුක් වල පවා ඉතාමත් හොඳ සාර්ථක පහසුකමක් හඳුන්වලා දීලා තියෙනවා. දැන් කියලා කිව්වට මේවා ඇවිල්ලා ටික දවසක් වෙනවා... ගොඩක් අය දන්නවා මේ ගැන. ඒ තමයි Facebook වල Login Approvals සහ Gmail වල 2-Step Verification කියන පහසුකම්. ඉතින් මේ පහසුකම් ඔබ සක්‍රීයකර ගත්තොත් ඔබ ගොඩක් ආරක්ශිතයි වගේම පාස්වර්ඩ් එක පිටස්තරයෙක් අතට පත් උනත් බයවෙන්න දෙයක් නෑ.

ඒවා ගැන ඒ ඇති. අද මම ඔයාලට කියන්න යන්නෙ අපගේ පාස්වර්ඩ් මැනේජ් කරන්න පුලුවන් විශ්වාසවන්ත හා ආරක්ෂිත දැනට තිබෙන ලෝකයේ තියෙන හොඳම Password Manager මෘදුකාංගයක් ගැන. ඒ තමයි LastPass Password Manager මෘදුකාංගය. මේක නොමිලේ සපයන මෘදුකාංගයක්. පහසුකම් පොඩ්ඩක් වැඩි සංස්කරණයක් අවුරුද්දකට ඩොලර් 12ක් වගේ පොඩි ගානක් දීලා ගන්නත් පුලුවන්. නමුත් මේ නොමිලේ දෙන සංස්කරණය අපිට අපේ ආරක්ෂාව සඳහා හොඳටම ප්‍රමාණවත්.

Lastpass බාවිතයේ තියෙන වාසි මොනවද කියලා සමහර විට ඔයාලට හිතෙන්න පුලුවන්. මම පහලින් ඔබට ලැබෙන ප්‍රධානම වාසි ටික දාන්නම්.

01.) පලවෙනි එක තමයි අපිට පාස්වර්ඩ් මතක තියාගන්න ඕන වෙන්නෙ නෑ. මොකද Lastpass අපේ පාස්වර්ඩ් මතක තියාගන්නවා. ඔබට මතක තියාගන්න වෙන්නෙ Lastpass සඳහා දෙන මාස්ටර් පාස්වර්ඩ් එක විතරයි. සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරද්දි මාස්ටර් පාස්වර්ඩ් එකට හොඳ ශක්තිමත් පාස්වර්ඩ් එකක් දෙන්න, ඒ වගෙම ඒ පාස්වර්ඩ් එක හොඳින් මතක තියා ගන්න.

02.) දෙවනි වාසිය තමයි අපිට අපේ මොකක් හරි එකවුන්ට් එකකට ලොග් වෙන්න ගියාම යූසර්නේම් හා පාස්වර්ඩ් ටයිප් කර කර කාලය කන්න ඕන නෑ. AutoFill පහසුකම තියෙන නිසා එක ක්ලික් එකෙන් පාස්වර්ඩ් යූසර් නේම් තෝරලා දෙන්න පුලුවන්.

03.) තුන්වෙනි පහසුකම තමයි අපිට පාස්වර්ඩ් මතක තබා ගැනීමේ උවමනාවක් නැති නිසා එක් එක් එකවුන්ට් එක සඳහා එකිනෙකට වෙනස් පාස්වර්ඩ් ලබා දීමට හැකි වීම.

04.) තව ලැබෙන වාසියක් තමයි ඉතා ශක්තිමත් පාස්වර්ඩ් අපිට මේ මෘදුකාංගය බාවිතා කරලම සාදා ගන්න හැකි වීම.

මම හිතනවා ඔබට මේ ඉතාමත් වටිනා මෘදුකාංගය ගැන වැටහීමක් ලැබෙන්න ඇති කියලා. ඔබ එක පාරක් හරි මේ මෘදුකාංගය බාවිතා කරලා බලන්න. එතකොට ඔබට වැටහේවි වෙනස.
 
 
 
 

Saturday, August 4, 2012

ලොව විශිෂ්ඨත්ම විශේෂ බලකායන්- World's best special forces


Brigade des Forces Spéciales Terre (Army Special Forces Brigade - France)







1997 දී පිහිටවනු ලැබූ ප්‍රංශ කොමාන්ඩෝ බලකාය 2001 වසරේදී ප්‍රතිසංවිධානය කරන ලද අතර දැන් එය හැඳින්වෙන්නේ ප්‍රංශ විශේෂ බලකා සේනාංකය ලෙසිනි. ප්‍රංශ යුධහමුදාවෙන් තෝරාගන්නා විශිෂ්ඨයින් අතලොස්සකට පමණක් එක්වීමට වරම් ලැබෙන මෙම විශේෂ බලකාය ලෝකයේ ඉතාමත්ම දුෂ්කර තෝරාගැනීමේ හා පුහුණු කිරීමේ ක්‍රමවේදය ඇති බලකායකි. මෙය යුරෝපා මහාද්වීපයේ (බ්‍රිතාන්‍යය හැර ) හොඳම සටන් සූදානම (combat readiness) ඇති විශේෂ බලකාය බවට පිලිගැනේ.
ප්‍රංශ විශේෂ බලකාය විශේෂිත අනුඛන්ඩ තුනකින් සමන්විතය.

1] Counter-terrorism and search and destroy missions Unit - ත්‍රස්ත මර්ධන මෙහෙයුම් හා සොයා විනාශකිරීමේ මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද මෙම අනුඛන්ඩය කැලෑ සටන් කඳුකර ප්‍රදේශවල සටන් හා මුහුදින් ගොස් සතුරාට පහරදීමේ (amphibious) මෙහෙයුම් සඳහා පුහුණුව ලබා ඇත.

2] Long Range Reconnaissance Unit - ප්‍රංශ කොමාන්ඩෝ සේනාංකයේ දිගුදුර විහිදුම් මෙහෙයුම් භාරව සිටින මෙම අනුඛන්ඩයේ මූලික රාජකාරිය වන්නේ සතුරු රටවල් අභ්‍යන්තරයට ගොඩ බැස රහස් තොරතුරු රැස් කිරීමයි.

3] Transport & Logistics Unit - ලොව ඕනෑම ප්‍රදේශයකට භටකණ්ඩායම් යැවීම හා මෙහෙයුමෙන් පසු ආපසු රැගෙන යාම (insertion and extraction) මෙන්ම අවශ්‍ය සැපයුම් ලබාදීම සඳහා සඳහා ගුවන්, නාවික හා සබ්මැරීන පහසුකම් මෙම ඒකකය සතුව ඇත.

ප්‍රංශ විශේෂ බලකාය අප්‍රිකාවේ අයිවරි කෝස්ට් රාජ්‍යයේ, ඇෆ්ඝනිස්ථානයේ හා ඉතා මෑතකදී ලිබියාවේ මෙහෙයුම් සඳහා සහභාගීවී ඇත.

ලිබියාවේ මෙහෙයුම වලට සහභාගීවුනු ප්‍රංශ යුධහමුදා විශේෂ බලකා භටයින්











Kommando Spezialkräfte (Army Special Forces Command - Germany )



KSK කොමාන්ඩෝ බලකාය ජර්මන් යුධ හමුදාවේ සෑම අංශයකින්ම තෝරාගන්නා අති දක්ශ සෙබලුන්ගෙන් සමන්විතවේ. මහා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට SAS විශේෂ බළකායේ ආකෘතියට සංවිධානය කොට ඇති KSK බලකාය නේටෝ සංවිධානයේ මෙහෙයුම් ගණනාවකට සහභාවී වී ඇත. 1996දී පිහිටවනු ලැබූ මෙම බලකාය මේ වනවිට බොස්නියාවේ, කොසෝවෝ ප්‍රදේශයේ, රුසියාවේ හා ඇෆ්ඝනිස්තානයේ මෙහෙයුම් වලට සක්‍රියව දායකවී ඇති බව පැවසේ.

KSK බලකාය භට කණ්ඩායම් (company) 4කින් සමන්විත වන අතර එක් භටකණ්ඩායමක සියයක පමණ සෙබලුන් පිරිසක් සිටී. මේ එක් භටකණ්ඩායමක් විශේෂිත ප්ලැටූන 5කට බෙදා ඇත.

1වැනි ප්ලැටූනය : සතුරු ප්‍රදේශයට ගොඩබිම හරහා කොමන්ඩෝ භටයින් රහසින් ඇතුලු කිරීමේ (land insertions) විශේෂඥ පුහුණුව ඇත

2වැනි ප්ලැටූනය : ඔත්තු සේවා හා ගුවනින් භටයින් සතුරු ප්‍රදේශවලට ඇතුලු කිරීමේ (intelligence gathering and airborne operations) විශේෂඥ පුහුණුව ඇත.

3වැනි ප්ලැටූනය : දිය මතින් පැමිණ ප්‍රහාර එල්ල කිරීමේ (ජලාශ්‍රිත මෙහෙයුම්) (amphibious operations) විශේෂඥ පුහුණුව ඇත.

4වැනි ප්ලැටූනය : ධ්‍රැව ආශ්‍රිත (polar regions) අධික ශීතල ඇති ප්‍රදේශ හා දුශ්කර කඳුකර ප්‍රදේශවල මෙහෙයුම සඳහා විශේෂඥ පුහුණුව ලබා ඇත. 

5වැනි ප්ලැටූනය : දිගුදුර පෙරික්සුම් මෙහෙයුම් (long range reconnaissance) හා ඉලක්කයට වෙඩිතැබීමේ (sniper) විශේෂඥ පුහුණුව ඇති ප්ලැටූනය







කැලෑ සටන්වලට සන්නද්ධවූ KSK කොමාන්ඩෝ සෙබළෙක්





නගරාශ්‍රිත ත්‍රස්ත මර්ධන මෙහෙයුමක් (urban anti-terror mission) සඳහා සූදානම් වුනු KSK කොමාන්ඩෝ සෙබලෙකු




ජලාශ්‍රිත මෙහෙයුමක (amphibious operation) නිරතවන KSK කොමාන්ඩෝ සෙබළෙක්

ඇෆ්ඝනිස්ථානයේ යුධ මෙහෙයුම්වලට සක්‍රියව දායක වුනු ජර්මන් කොමාන්ඩෝ භට පිරිස්












Long Range Reconnaissance Patrol (LRRP) : Black Ops Special Forces Unit - Sri Lanka Army













Sri Lanka Special Forces

ශ්‍රී ලංකා විශේෂ බළකා රෙජිමේන්තුවේ (SL Special Forces Regiment) විශිෂ්ඨයින්ගෙන් ගෙන් සැදුම්ලත් දිගුදුර විහිදුම් බළකාය ලොව අති දක්ශ මෙන්ම ඉතා සාර්ථකම විශේෂ බළකා ඒකකයක් බව ලොව පුරා යුධ විශේෂඥයින් අවිවාදයෙන් පිලිගනී.

දිගුදුර විහිදුම් මෙහෙයුම් පිලිබඳ විස්තර කෙරෙන විකිපීඩියා වෙබ් පිටුවේහි මෑත ඉතිහාසයේ සාර්ථක දිගුදුර විහිදුම් දියත්කල හමුදා අතරට ශ්‍රී ලංකා දිගුදුර විහිදුම් බළකායද අයත් කොට ඇත්තේ එම බළකායේ සාර්ථකත්වය පිලිබඳව ඇති අවබෝධය නිසා විය යුතුය.

යුධ සමයේදී හමුදා පාළන මායිම් වලින් ඉතා ඈතට විහිදී ගොස් සතුරාගේ හදවතටම ප්‍රහාර එල්ලකොට සතුරු නායකයින් ගණනාවක් මරාදමා ත්‍රස්ත හදවත්වලට බිය කිඳා බැස්සවූ මහසොහොන් බළකාය ලෙස විරුදාවලී ලත් දිගුදුර විහිදුම් බළකාය ඉතාමත් රහසිගත ලෙස ක්‍රියාත්මකවූ අතර තවමත් එම රහසිගත භාවය එලෙසම පවත්වාගෙන යන්නේ මෙම විශිෂ්ඨ ඒකකයේ ආරක්ශාව සඳහාය.

සතුරු ප්‍රදේශ විනිවිද ගොස් ඔත්තු සෙවීම, සතුරාගේ නායකයින් ඝාතනය, සතුරු සැපයුම් විනාශ කිරීම හා සැපයුම් මාර්ග අවුල් කිරීම, නොසිතන අවස්ථාවල එල්ල කරන ක්ශණික ප්‍රහාර මගින් සතුරාට සිය බලප්‍රදේශයේ වුවද රිසිසේ සැරිසැරීමට ඇති නිදහස විනාශකොට සතුරු බළමුළු බිය වැද්දවීම දිගුදුර විහිදුම් බළකායේ ප්‍රධාන මෙහෙයුම් අභිමතාර්ථ විය.

මහසොහොන් බළකායේ සෙබළුන්ගේ මවු රෙජිමේන්තුව වන විශේෂ බළකා රෙජිමේන්තු සෙබළුන්ගේ හිස් පළඳනා ලාංඡනයේ (beret insignia) ඇති ඊතල සතරෙන් සංකේතවත් කරන්නේ රහසිගත දිගුදුර විහිදුම් මෙහෙයුම් සඳහා යොදගන්නා සතර දෙනෙකුගෙන් යුතු කුඩා කණ්ඩායමයි. එහි සිටින රාජාලියා නිර්භීතභාවය හා සිය සතුරා නොවැරදීම ග්‍රහණය කරගැනීමේ සුවිශේෂ හැකියාව සංකේතවත් කරයි.

වම් උරහිස් ලාංඡනය "jolly roger" නම් වූ මිනී ඔළුව හා ඇටකටු දෙකෙහි අනුවර්තනයකි. මෙය විශේෂ බළකායේ බිහිසුණු සටන් හැකියාව හා සතුරාට විනාශය ලඟාකිරීමේ හැකියාව සංකේත්වත් කරන අතර මෙම "jolly roger" සංකේතයේ තවත් අර්ථයක් වන්නේ නොසිතූ අවස්ථාවල, අසම්මත ආකාරයේ (එනම් සතුරාට සිතාගත නොහැකි අන්දමේ) ප්‍රහාර එල්ලකිරීමේ හැකියාව පිලිබිඹු කිරීමයි.



Special Air Service (SAS) - British Army





SAS ලෙස හඳුන්වනු ලබන බ්‍රිතාන්‍ය යුධ හමුදාවේ විශේෂ බලකාය ලොව පැරණිතම විශේෂ බලකාය වන අතර එහි ඉතිහාසය දෙවන ලෝක මහා සංග්‍රාමය තෙක් ඈතට දිවයයි. SAS බලකායේ ප්‍රථම මෙහෙයුම 1941දී නට්සි ජර්මනියට යටත්ව තිබුණු උතුරු අප්‍රිකාවේදී (ලිබියාව හා ඊජිපතුව) සිදුවිය. එම මෙහෙයුමෙන් වැඩ ඇල්ලූ SAS විශේෂ බලකාය ලොව වැඩිම යුධ මෙහෙයුම් හා ත්‍රස්ත මර්ධන මෙහෙයුම් ගණනකට සහභාගීවූ, එමෙන්ම ලොව අතිශයම සාර්ථක විශේෂ බළකාය ලෙස විරුදාවලී ලබා ඇත.

SAS බළකායට ලබාදී ඇති නිළරාජකාරි නියමයන්ට අනුව මහා බ්‍රිතාන්‍යය යම් කිසි යුධ ගැටුමකට මැදිහත්වී නොමැති වකවානුවලදී (peace times) ත්‍රස්ත නාශක මෙහෙයුම්වලද, මහා බ්‍රිතාන්‍යය යම් රටකට විරුද්ධව යුධ ගැටුමක මැදිහත්වූවිට (war times) එම යුධ ව්‍යායාමයට සහය වීම සඳහා විශේෂ රහසිගත මෙහෙයුම්වල නිරතවීමට නියමවී ඇත.

මොවුන් මෑතකදී සභාගී වුනු මෙහෙයුම් අතර බොස්නියා-හර්සගොවීනාවේ මෙහෙයුම්, පළමුවන ගල්ෆ් යුද්ධයේදී (1990) හා දෙවන ගල්ෆ් යුද්ධයේදී ඉරාකයේ මෙහෙයුම්, ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් හා අල්ඛයිඩා නාශක මෙහෙයුම්, ගඩාෆිගේ පාලනය අවසන් කිරීම සඳහා සටන් වැදුනු ලිබියානු සටන්කාමීන්ට සහය වීම සඳහා ලිබියාවේ සිදුකරන ලද මෙහෙයුම් විශේෂයෙන් ගත හැකිය. එමෙන්ම ලැබෙන තොරතුරු අනුව මේ මොහොත වනවිටත් සිරියාවේ අසාඩ් විරෝධී කැරළිකරුවන් හට සහයවීමට SAS විශේෂ බලකා ඒකක සිරියාවට ඇතුළුවී සිටියි.

රෙජිමේන්ම්තු තුනකින් සමන්විත SAS බළකාය, එක් රෙජිමේන්තුවක් භටඛන්ඩ 4කට බෙදෙන ලෙස සංවිධානය කොට ඇත. එම අනුඛන්ඩ; ගුවන් මෙහෙයුම් (airborne), ගොඩබිම් මෙහෙයුම් (desert and jungle warfare) , කඳුකර හා ධ්‍රැව ආශ්‍රිත අධික ශීතලෙන් යුතු ප්‍රදේශවල මෙහෙයුම් (polar and mountain operations) , හා ජලාශ්‍රිත මෙහෙයුම් (amphebious) යනුවෙන් මෙහෙයුම් අනුඛන්ඩ වලට බෙදා ඇත.

පලමුවන ගල්ෆ් යුද්ධයේ SAS බළකාය සිදුකල මෙහෙයුම් වලින් "Bravo Two Zero" යන රහස් කේතයෙන් හැඳින්වුනු මෙහෙයුම ප්‍රචලිතය. Bravo Two Zero යනු 1991 ප්‍රථම ගල්ෆ් යුධ සමයේදී ඉරාකයට රහසින් ඇතුළුවුනු 8 දෙනෙකුගෙන් යුතු SAS කණ්ඩායමක් ඉරාකයේ ජංගම ස්කඩ් මිසයිල විදිනයන් තිබෙන ස්ථාන හදුනාගෙන වාර්තාකිරීම සඳහා දියත්කල මෙහෙයුමකි. මෙම මෙහෙයුම ප්‍රචලිත වූයේ එම මෙහෙයුමට සහභාගීවුනු විශේෂ බලකා නිළධාරීන් වුනු ඇන්ඩි මැක්නාබ් හා ක්‍රිස් රයන් තම අත්දැකීම අළලා ලියූ පොත්වලිනි. මෙම මෙහෙයුම සහභාගීවන විට මැක්නාබ් හා රයන් යන දෙදෙනාම SAS බළකායේ සාජන්ට් නිළය දැරූහ.

SAS බළකායට අයදුම් කිරීමට බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ඕනෑම නිළයකට හැකියාව තිබෙන අතර මාස පහක් පුරා පැවැත්වෙන අති දුශ්කර තෝරාගැනීමේ පරීක්ශණ මාළාවකින් සමත්විය යුතුය. මෙයින් එක් කඩ ඉමක් නම් කිලෝ 40ක් බර යුධ උපකරණ මල්ල හා ආයුධය රැගෙන විනාඩි තිහක කාළයක් තුල සැතපුම් 4ක දුරක් දිව යාමේ හැකියාවයි. එයින් සමත් වන්නන් විනාඩි 90ක කාළයක් තුල සැතපුම් 2ක දුරක් පිහිණීමේ පරීශණයකින්ද සමත්විය යුතුය. එහෙත් SAS ශාරීරික යෝග්‍යතා පරීක්ශණ වල දුශ්කරම පරීකශණය මෙය නොව, පුහුණු කඳවුරේ සිට කිලෝමීටර් 32ක් දුරින් ඇති, අඩි 2900ක් කන්දක් මුදුනට කිලෝ 40හේ බඩු පොදියත්, ආයුධයත් රැගෙන නැග, කඳුමුදුනේ සිය පැමිණීම සටහන් කොට ආපසු නැවත කඳවුර බලා යාමයි. සමත්වීමට නම් මෙම මුළු ගමණම පැය 20කට අඩුකාළයකින් නිමකල යුතුය.

මේ සියල්ලකින්ම සමත්වෙන අයදුම්කරුට සමත්වීමට ඇති අවසාන පරීක්ශණය නම් වදහිංසා වලට ඔරොත්තු දීමට ඇති හැකියාව උරගා බැලෙන පරීක්ශණයයි (resistance to torture). අයදුම් කරු පැය 36ක් පුරාවට විවිධ කායික හා මානසික වදහිංසා වලට බඳුන්කරන අතර එම වදහිංසා දරාගෙන , තම අනන්‍යතාවය හා දන්නා තොරතුරු සඳවාගෙන සිටීමේ හැකියාව සොයාබලයි. මෙම පැය 36 පුරාවටම අයදුම් කරුවන් කෑම, ජලය පමණක් නොව නින්ද පවා ලබා නොදෙන අතර, විවිධාකාරයේ වදහිංසා පමුණුවයි. SAS තෝරාගැනීමේ පරීක්ශණයේදී අයදුම් කරුවන්හට මුහුණ දෙන්නට සිදුවන වදහිංසා බොහොමයක් අන්තර්ජාතික නීතිරීති අනුව සතුරු සෙබලෙකුට අත්කරදීමට තහනම් කරන ලද ඒවාවේ.

බළකායේ පුහුණුව හා යුධ මෙහෙයුම් වලදී ඔවුන් දැක්වන සාර්ථකත්වය නිසාම ලොව පුරා විශේෂ බළකා පිහිටුවීමේදී SAS බළකායේ ආඥා ව්‍යුහය (command structure) හා තෝරාගැනීමේ හා පුහුණු කිරීමේ උපක්‍රම ආදර්ශයට ගෙන ඇත. SAS බළකායේ ආභාශය ලැබූ විශේෂ බළකා කිහිපයක් පහත දැක්වේ.

* ශ්‍රී ලංකා පොලීසියට අනුයුක්ත විශේෂ කාර්ය බළකාය (STF) පිහිටුවීමේ SAS බළකාය ආදර්ශයට ගෙන ඇති අතර 1983දී බ්‍රිතාන්‍යයේ සිට පැමිණි කෘතහස්ථ SAS නිළධාරීන් විශේෂ කාර්ය බළකායේ පළමු භටකණ්ඩායම් හා නිළධාරීන් පුහුණු කොට ඇති අතර කළුතර පිහිටි පොලිස් විද්‍යාලයට අනුයුක්ත විශේෂ කාර්ය බළකා පුහුණු මධ්‍යස්ථනය පිහිටුවීමේදීද මෙම නිළධාරීන් විශේෂඥ උපදෙස් හා තක්ශණික සහය ලබාදී ඇත.

* අමෙරිකාවේ ප්‍රමුඛතම ත්‍රස්ත මර්ධන විශේෂ බළකායක් වන 1st Special Forces Operational Detachment-Delta හෙවත් ඩෙල්ටා ෆෝස් බළකාය නිර්මාණය කල කර්නල් චාර්ල්ස් ඇල්වින් බෙක්විත් කළක් අමෙරිකානු යුධ හමුදාව හා බ්‍රිතාන්‍ය යුධ හමුදාව අතර සම්බන්ධීකරණ නිළධාරියෙකු ලෙස SAS බළකායට අනුයුක්තව සේවය කළ අතර මෙහිදී ඔහු ලැබූ පුහුණුව හා අත්දැකීම් වල ගුණාත්මක භාවය නිසාම ඔහු අමෙරිකානු ඩෙල්ටා ෆෝස් බලකාය SAS බළකායේ ආකෘතියට නිර්මාණය කලබව පැවසෙනවා.

* ඊශ්‍රායලයේ හා ප්‍රංශයේ විශේෂ බළකා මෙන්ම ජර්මයේ SKS බළකායද SAS බළකායේ ආභාශය ලබා ඇත. මීට අමතරව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයද, සිය මව් රට ලෙස සැළකෙන මහා බ්‍රිතාන්‍යයේ SඇS විශේෂ බළකාය ආකාරයටම ඔවුන්ගේ විශේෂ බළකාද නිර්මාණය කරගෙන ඇත. මේම බළකා දෙකම හඳුන්වන්නේද SAS Regiment-Australia හා SAS Regiment -New Zealand යනුවෙනි. ඔවුන් නිරන්තරයෙන් බ්‍රිතාන්‍ය SAS බළකාය සමග ඒකාබද්ධ පුහුණු සැසි පවත්වයි.





ඉරාකයේ මෙහෙයුම් කල SAS ඛණ්ඩයක්



ඇෆ්ඝන් තලප්පාවකින් සැරසී ඇෆ්ඝනිස්ථානයේ මෙහෙයුමකට සූදානම් වන SAS භටයෙකු


Spetsnaz Vympel - Russia



ස්පෙට්ස්නාස් යනු රුසියානු භාශාවෙන් විශේෂ හෝ කොමාන්ඩෝ බළකා සඳහා භාවිතාකරන පොදු නාමයයි. ඒ අනුව ස්පෙට්ස්නාස් බළකා ගණනාවක් සෝවියට් රුසියාව තුල ක්‍රියාත්මක වුනු අතර සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමෙන් පසු සමහර ස්පෙට්ස්නාස් බළකා විසුරුවා හරින ලද අතර අනෙක් බළකා රුසියානු ෆෙඩරේශණයේ විවිධ ආරක්ශක අංශ මගින් අන්තර්ග්‍රහණය කරගන්නා ලදී.

ස්පෙට්ස්නාස් බළකා පවත්වාගෙන සෝවියට් රුසියානු ආයතන අතර සෝවියට් හමුදා ඔත්තුසේවය (GRU), සෝවියට් ආරක්ශක අමාත්‍යාංශය, සෝවියට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය (MVD), සෝවියට් පොලීසිය (පොලිට්සියා) හා කේ.ජී.බී (KGB) ඔත්තුසේවය වේ.

මේ අතරින් කේ.ජී.බී ඔත්තුසේවයට අයත් ස්පෙට්ස්නාස් බළකාය ස්පෙට්ස්නාස් විම්පෙල් ලෙස හැඳිවුනු අතර මෙය 1981දී පිහිටුවන ලද්දේ සතුරු රටවල්වලට රහසින් ඇතුළුවී සැපයුම් මාර්ග, ගබඩා, ප්‍රවාහණ කේන්ද්‍රස්ථාන පාළණ හා සන්නිවේදන මධ්‍යස්ථාන, යුධ කටයුතු සඳහා යොදාගත හැකි යටිතල පහසුකම් (පාලම්, දුම්රිය මාර්ග ආදිය ) විනාශකිරීම, හදිසි පහරදීම් සිදුකොට සතුරා අන්දමන්ද කිරීම වැනි අතිවිශේෂ මෙහෙයුම් සඳහාය. ඉතා රහසිගත ලෙස ක්‍රියාත්මක වෙන විම්පෙල් බළකායේ සෙබළුන්හට භාශාවන් කිහිපයක් කථාකිරීමේ හැකියාව අනිවාර්ය කොට ඇත්තේ ඔවුන් සතුරු විදෙස් රටවලට ඇතුළුවී මෙහෙයුම් කළයුතු නිසාවෙනි.

කේ.ජී.බී ඔත්තුසේවය අහෝසිකිරීමෙන් පසු ස්පෙට්ස්නාස් විම්පෙල් බළකාය කේ.ජී.බී ආයතනයේ අනුප්‍රාප්තික රුසියානු ෆෙඩරල් ඔත්තු සේවය (FSB) ග්‍රහණය කොට ඇත. FSB ආයතනයට අන්තර්ග්‍රහණය වීමෙන් පසු Vympel බළකාය ත්‍රස්ත මර්ධන හා රුසියාවේ න්‍යශ්ඨික අවිගබඩා ආරක්ශාකිරීමේ මෙහෙයුම් සඳහාද පුහුණුකොට ඇත. චෙච්නියාවේ බෙදුම්වාදී චෙචෙන් ගරිල්ලන් සමග යුධවැදුනු Spetsnaz Vympel බළකාය චෙචෙන් ගරිල්ලා නායක සල්මාන් රදුයෙෆ් ජීවග්‍රහණයෙන් අල්ලාගන්නට සමත්වූ අතර එයින් පසු චෙචෙන් බෙදුම්වාදීන්ගේ කොඳුනාරටිය බිඳීගිය බව පැවසේ.

ස්පෙට්ස්නාස් විම්පෙල් පුහුණුව

ස්පෙට්නාස් විම්පෙල් බළකායට අතිවිශිෂ්ඨ පුහුණුවක් ලැබෙන අතර, ඔවුන්ගේ පුහුණුවේ එක් අංගයක් වන්නේ අධික වදහිංසාවලට ඔරොත්තු දෙන ලෙස සෙබළුන් හැඩගැස්වීම හා දරුණු වේදනාවන් දරාගෙන ඉදිරියටම යාම සඳහා ලබාදෙන පුහුණුවයි. මෙම පුහුණුව කොතරම් දුශ්කරදැයි පහත ඡායාරූප සාක්ශි සපයයි.










ස්පෙට්ස්නාස් විදේශ මෙහෙයුම





ස්පෙට්ස්නාස් විම්පෙල් බොස්නියාවේ මෙහෙයුමකට සැරසෙමින්





චෙච්නියා බෙදුම්වාදීන්ට එරෙහි





චෙච්නියා බෙදුම්වාදීන්ට එරෙහිව

Monday, July 23, 2012

YOUTUBE වලින් මුහුනු හ‍න්ගන්නේ කොහොමද?


මුලින්ම ඔයාල‍‍‍ගෙ වීඩියෝ එක අප්ලොඩ් කරලා ඉවර වෙලා Video Manager වලට යන්න.එතනින් ඔයාගේ වීඩියෝ එක තෝරගෙන මෙන්න මේ ඉමේජ් එකේ වගේ ක්ලික් කරලා එන මෙනු එකෙන් Enhancements කියන එක තෝරන්න..

ඊට පස්සේ මේ වගේ පේජ් එකක් ඕපන් වෙයි..එතනින් Additional Features කියන එකේ දිස්වෙන Apply බොත්තම ක්ලික් කලාම ඔයාලගේ වීඩියෝ එකේ තියෙන හදුනාගැනීමට හැකි මුහුනු සියල්ල බොඳ වෙලා යනවා...



හරි නේද වැඩේ................................

Tuesday, July 3, 2012

IPHONE එකේ සිරී වැඩකරන හැටි දන්නවාද??


සිරී නම බිහිවූයේ කෙසේද?


සිරී වැඩසටහනට පාදකවී ඇති භාශා හඳුනාගැනීමේ මෘදුකාංගය (speech recognition software) නිර්මාණය කලේ අමෙරිකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අනුබද්ධ පර්යේෂණ ආයතනයක් වූ "Stanford Research Institute" හෙවත් "SRI" ආයතනයයි. පසුව එම මෘදුකාංගය වානිජව ප්‍රචලිත කිරීම සඳහා සිරි නම් පෞද්ගලික සමාගමක් (Siri Inc.) අරඹා ඔවුනට එම තාක්ශණයේ පේටන්ට් අයිතිය ලබාදී තිබුණා. පසුකලෙක ඇපල් සමාගම විසින් සිරී ආයතනය මිලදී ගත් අතර ඔවුන් සිරී නාමය වෙනස් නොකොට තබාගත්තේ තාක්ශණය බිහිකල තිඹිරිගෙය වූ SRI ආයතනයට ඇති ගෞරවයක් ලෙස බව පැවසෙනවා.


සිරී, අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවේ අධිතාක්ශණික ව්‍යාපෘතියක් වූ බව ඔබ දන්නවාද?

සිරී නිර්මාණය කල ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනය, අමෙරිකන් ආරක්ශක දෙපාර්තමේන්තුව සඳහා නවතම තාක්ශණයන් බිහිකිරීමේ පර්යේෂණ සඳහා පුරෝගාමී ආයතනයකි. සිරී ව්‍යාපෘතිය ඇරබෙන්නේ 2004 වසරේදී අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුව අනුමත කල CALO (Cognitive Assistant that Learns and Organizes) නම් ව්‍යාපෘතිය යටතේයි. CALO ව්‍යාපෘතියේ අරමුණ වූයේ පුද්ගලික සහයකයෙකු (personal assistant) ලෙස ක්‍රියාකල හැකි, බුද්ධිමත්, කටහඬ හඳුනාගෙන ප්‍රතිචාර දැක්විය හැකි, තොරතුරු ගබඩාකරගෙන, ඒවා සැකසුම් කරමින් අවශ්‍ය ආකාරයට තොරතුරු ලබාදීමේ හැකියාව ඇති පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමයි.
පස්වසරක ව්‍යාපෘතියක් වූ මෙයට අමෙරිකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන 25ක පර්යේෂකයින් හා විද්‍යාඥයින් 300කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර ඔවුන් ගේ ඉලක්කය වුනේ, කෘත්‍රිම බුද්ධිය පාදක කොට ගත්, තර්කණ හැකියාව, ඉගෙනීමේ හැකියාව, කටහඬින් දෙන විධාන හඳුනාගෙන ප්‍රතිචාර දැක්විය හැකි, තමන් කරමින් සිටින දෙය විස්තර කල හැකි, තමන් ඉගෙනගත් දේ පිලිබඳව ප්‍රත්‍යාවලෝකනය කල හැකි මෘදුකාංග වැඩසටහනක් නිපදවීමයි.

අතිශය සාර්ථක වුනු මෙම වැඩසටහනේ තාක්ශණය අමෙරිකානු F22 වැනි අතිනවීන ගුවන් යානා පරිගණකවලට ඇතුලුකොට තිබෙන බව පැවසෙනවා. මේ අනුව නියමුවාට යානයේ පරිගණකට සාමාන්‍ය භාශාවෙන් විධාන දීම, තොරතුරු ලබාගැනීම හා උපදෙස් ලබාගැනීමේ පහසුකම ලැබී තිබෙනවා.
යුධ ව්‍යාපෘති සඳහා තාක්ෂණය උකහාගත් පසු, ඒ සඳහා වැයවූ ආයෝජනයෙන් කොටසක් උපයාගැනීම සඳහා ආරක්ශක දෙපාර්ථමේන්තුව CALO තාක්ශණය වානිජකරණය සඳහා SRI ආයතනයට අවසර දුන්නා. ඇපල් සමාගමට සිරි තාක්ෂණය ලැබුණේ ඒ අයුරිනුයි.

අයිෆෝනයේ සිරී  ක්‍රියාකරන අයුරු

 ඔබ සිරිවෙත යම් විධානයක් දුන් විට, එය මුලින්ම ඔබගේ හඬ ඩිජිටල් සංඥා බවට පරිවර්තනය කිරීම සිදුකරණවා. දෙවනුව ක්‍රියාමාර්ග දෙකකට මුල පුරනවා





විධානය මීටපෙර දී තිබෙන විධානයක් නම්, නැතහොත් සරල විධානයක් නම් (උදා: address book හි ඇති අංකයකට ඇමතුමක් ගැනීම, මතක ගබඩාවේ MP3 ඇති ට්‍රැක් එකක් ධාවනය කිරීම) පරිගණකය මගින් තමන් ගැටලුව විසඳාගත් බව සර්වරයට දන්වන අතර සර්වරය සිය විශ්ලේෂණය නවතාදමනවා.

විධානය ෆෝනයේ පරිගණකයට තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ විධානයක් නම් එය සර්වරයේ විශ්ලේෂණය ලැබෙන තෙක් සිටින අතරම, විධානය පැහැදිලි කරගැනීම සඳහා භාවිතාකරන්නාගෙන් පැහැදිලි කිරීම්ද ඉල්ලා සිටිනවා.
එපමණක් නොව, වරක් සංකීර්ණ විධානයක් සාර්ථකව විසඳාගත් පසු, එය මතක තබාගෙන නැවතත් එම විධානය හෝ ඊට ආසන්න විධානයක් ලැබූවිට සර්වරයේ ආධාරයක් නොමැතිව ක්‍රියාත්මක වීමට සිරී මෘදුකාංගයේ කෘත්‍රිම බුද්ධි වැඩසටහනට හැකියාව තිබෙනවා.
එමෙන්ම ඔබගේ රුචිකත්වයන් ඉගනගෙන ඒ අනුව ඔබට සහයවීමට සිරීට හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබ නිතරම සිරී භාවිතා කරමින් ඔබ කාර්යාලය හෝ නිවස අවට ඇති ඉතාලි අවන්හල් ගැන විස්තර සොයා තිබෙනවා නම්, ඔබ වෙනත් නගරයකට ගොස් අවන්හල් පිලිබඳ විස්තරක් ඉල්ලුව හොත් සිරී එම නගරයේ ඔබ නවාතැන් ගෙන සිටිනා ස්ථානය අවට තිබෙන ඉතාලි අවන්හල් වල ලැයිස්තුවක් සකසා ඔබට ඉදිරිපත් කරනවා. මේ සඳහා ඔබ සිටිනා ස්ථානය දැන ගැනීමට GPS පහසුකම හා ගූගල් මැප්ස් (මෑතක සිට ඇපල් සමාගමේම සිතියම් වැඩසටහන) මෙන්ම ගූගල් සෙවුම් යන්ත්‍රයද භාවිතා කරනවා.

Tuesday, June 12, 2012

මෙන්න පොඩි Portable Soft කෑල්ලක් සෙට් උනා... මේකෙ ඉතිං Install කරන්න දෙයක් නෑ නේ.. ඒකනේ Portable කියන්නේ.. ඕනේ නම් ඔය Pen කෑල්ලක උනත් දාගෙන ගිහින් කැමති විධියට බාගන්න පුලුවන්.. ඒකිව්වේ MP 4, MP 3 , Avi වගේ එක එක Format වලින් බාගන්න පුලුවන්...මේක Internet එක් හදුන්වන්නේ Free YouTube Download 3.0.17.1117 කියලා...



Tuesday, May 22, 2012

Dream Aquarium



මම අද ඔයාලට අරගෙන ආවේ පට්ට Screensaver එකක අලුත්ම Version එක. මම නම් ආසම කරන Screensaver එක මේක. මේක දිහා මට නම් ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුලුවන්. මාර ලස්සනයි. Windows 7 වලටත් නියමෙට වැඩ. Full Registered Version එකක් නිසා අමුතුවෙන් Register කරන්න දෙයක් නෑ. Install කරන්න විතරයි තියෙන්නෙ. වැඩිය ඉතින් කතා කරන්න දෙයක් නෑ. Download කරගෙනම බලන්නකො. Windows Vista හා Windows 7 පාවිච්චි කරන අය Setup එක උඩ Double Click කරලා Install කරන්න යන්න එපා. Right Click කරලා "Run as administrator" විදානය ලබා දෙන්න. නැත්තම් Install කරන්න බැරි වෙයි. 
 
WinRAR Password : -WSRF- 

ඇල්කොහොල් BURNING.......


 අද ඔයාලට අරගෙන ආවා ඔයාලට තවත් වටියි කියලා හිතුන දෙයක්. ඒ තමයි ඇල්කොහොල්... Alcohol 120% කියලා කියන්නෙ මැක්සා සොෆ්ට්වෙයා එකක්. සමහරු නම් මේකෙන් කරන්නෙ මොනවාද කියලා දන්නවත් ඇති. නොදන්න අයත් ඇති කියලා හිතලා පොඩ්ඩක් බ්ලොග් එකට දාන්න හිතුනා.


Alcohol 120% කියන සොෆ්ට්වෙයා එක බාවිතා කරලා ඔයාලට කරගන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. CD / DVD රයිට් කරගන්න. ISO ඉමේජ් ෆයිල් ක්‍රියේට් කරගන්න. CD/DVD Image ෆයිල් Mount කරගෙන ඕපන් කරගන්න හා තවත් වැඩ රාශියක් කරගන්න පුලුවන්. 

IDM Internet Download Manager v6.11




 ඔය කාටවත් IDM ගැන කියන්න ඕනේ නෑ නේ... ඒක නිසා මම කියන්නම් මේ IDM අලුත්ම Version එකේ මොනවද තියෙන වැඩ කෑලි කියල, ඒ වගේම මේ 5.6 MB විතරයි තියෙන්නේ
මේක කෙලින්ම් Window 7 වලටම ගහපු එක්ක කියලා කියන්න පුලුවන්... ඒ වගේම මේකේ IE වලටත් දැන් Support කරනවා 

ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ....... Download

Wednesday, May 16, 2012

Nero 11 Full Version එක Key එකත් එකක්


අපි කවුරැත් පාවිච්චි කරන Nero වල අලුත්ම Version එක... මේකේ Interface එක නම් මට සුපර්... මේක ගැන.. මම මොනවා කියන්නද.. ?.. කුවුරැත් දන්නා නේ Nero කිව්වම..Torrent නෙමේ කෙලින්ම බාගන්න තමයි තියෙන්නේ.. මේකේ තියෙන වැඩ කෑලි ගැන ඔනන මම යටින් ලින්ක් එකක් දානවා ඒකට ගිහින් බලන්න කෝ...