Wednesday, May 29, 2019

හුආවේ ගූගල් ගැටුම | Google + Huawei


ගූගල් ආයතනය, සුප්‍රසිද්ධ දුරකථන නිෂ්පාදන සමාගමක් වූ චීනයේ හුආවේ ආයතනය සමග තිබූ වෙළඳ සම්බන්දතාව පසුගියදා නවතා දමා තිබෙනවා. 

මෙම සිදුවීමත් සමග හුආවේ දුරකථන සඳහා ලබාදී තිබූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් ගිවිසුම වෙනස්වීමකට ලක්ව තිබෙන අතර ගූගල් ආයතනය පවසන පරිදි මෙම සිදුවීම නිසා හුආවේ ජංගම දුරකථන තුළ ස්ථාපනය කළ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම පද්ධතිය තවදුරටත් යාවත්කාල නොවනු ඇත. එමෙන්ම ඉදිරියේදී ගූගල් Play Store හරහා නවතම ඇප්ස් බාගත කරගැනීමේදී පවා දෝෂ ඇතිවිය හැකියි. Youtube, Gmail, GoogleMaps වැනි යෙදවුම් පවා හුආවේ දුරකථන තුළ තහනම් වනු ඇත.

හුආවේ ප්‍රධාන විධායක රෙන් පවසන්නේ හුආවේ නිෂ්පාදනලොව ඉතා වේගයෙන් ජනප්‍රිය වන්නට පටන් ගැන්ම නිසා ඇමරිකානු දුරකථන නිෂ්පාදන සමාගම් වලට එල්ලවන පහර වැලැක්වීමට ඇමරිකානු සමාගමක් වන ගූගල් මෙය සිදුකරන්නට ඇති බවයි. කෙසේ වෙතත් ගූගල් ආයතනට දැනට වසර කීපයකට පෙර සිටම හුආවේ දුරකථන සඳහා යම් යම් තහංචි පනවා තිබුනා.

ට්‍රම්ප් පාලනය යටතේ ඇමරිකාවේ හුආවේ වෙළඳ ‌ෙපාළට බොහෝ ගැටුම් සිදුවූ අතර. පසුගියදා හුආවේ ඇමරිකාව තුළ අසාදු ලේඛන(BlackList) ගත කෙරුනේ ඔවුන් සමග ගිවිසුම් ගතව සිටීම ඉතා ගැටලු සහගත බැවු ප්‍රකාශ කරමින්. කෙසේ වෙතත් දැනට භාවිතා වන හුආවේ දුරකථන වලට සීමාසහිතව තම සේවා සපයන බව ගූගල් ආයතනය පවසනවා.

No comments:

Post a Comment