Thursday, February 9, 2012
Tuesday, February 7, 2012
WiFi Hotspot එකක් හදාගන්න අන්තර්ජාලයත් එක්කම...
අපි ළඟ තියෙන ලැප්ටොප් එක ලේසියෙන් ම පට්ට WiFi Hotspot එකක් කරන්නේ කොහොමද කියලා තමයි කියන්න යන්නේ මේ! හිතමුකෝ අපි ළඟ රවුටර් එකක් ගන්න සල්ලි නෑ කියලා, ඉතින් කොහොමද අපි මැෂින් ගොඩක් සෙට් වෙන නෙට්වර්ක් එකක් හදාගන්නේ. ඉතින් ලැප් එකේ තියෙන WiFi පහසුකම පාවිච්චි කරලා නෙට්වර්ක් එකක් හදාගන්න හැමෝම දන්නවා ඇතිනේ. අද මේ කියන්න යන්නේ WiFi Hotspot එකකින් අන්තර්ජාල පහසුකම බෙදාගන්නේ කොහොමද කියලා.
සාමාන්‍යයෙන් WiFi පහසුකම පාවිච්චි කරන්නේ File Sharing කරන්නනේ. අපි නම් ඒකටත් නෙවෙයි පාවිච්චි කළේ... ගේම් ගහන්නනේ. හොස්ටල් එකේ කට්ටිය සෙට් වෙලා ලැප් 10 ක් 15ක් නෙට්වර්ක් කරගෙන Wulfenstein, Halo වලින් වෙඩි තියාගන්නවා, NFS වල කාර් පැද පැද ඉන්නවා, සමහර දවස් වල රෑ එකයි දෙකයි නිදාගනිද්දී.
කියාගෙන ආව එකෙන් පිටට ගියානේ, මේ Connectify කියන software එක ස්ථාපනය කරගත්තා ම ලේසියෙන් ම WiFi Hotspot එකක් හදාගන්න පුළුවන්. ඊටපස්සේ ඩොන්ගල් එකක් නැති යාළුවෙකුට අපේ අන්තර්ජාල සම්බන්ධතාවය හරහා ලේසියෙන් ම සම්බන්ධතාවය ලබාදෙන්න පුළුවන්. Configuration කරගන්න පුළුවන් විනාඩියෙන්. ස්ථාපනය කළාට පස්සේ Hotspot name 1, Password එක දුන්නා ම task bar එකේ WiFi device පෙන්නන තැන (Notification Tray එකේ )Connectify පෙන්නනවා. එතැනින් ලේසියෙන් ම අන්තර්ජාල පහසුකම ලබාදෙන කෙනාගේ WiFi Hotspot එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට අපේ පරිගණකයේ මේ මෘදුකාංගය තියෙන්න ඕනෙත් නෑ. බලන්නකෝ ඔයාලත් කැමති නම් බාගත කරගෙන ම....
Windows මුර පදය අමතක වුණාද..?
අද මම කියන්න යන්නෙ Windows වල මුර පදය අමතක උනොත් recover කරගන්න විදිහක් ගැන. මටත් Windows කිව්වම ඉතින් ජාති ගොඩක් තියනවනෙ, මෙන්න මේවා තමා ඒ,
NT 3.51, NT 4 (all versions and SPs), Windows 2000 (all versions & SPs), Windows XP (all versions, also SP2 and SP3), Windows Server 2003 (all SPs), Windows Vista 32 and 64 bit (SP1 also), Window 7 (all variants). (Some say also Windows Server 2008 is OK)
මේ වගේ වෙලාවට මුලින්ම බලන්න ඕන Default Administrator Account එකේ මුර පදයක් නැද්ද කියල, ඒකට logging window එකේදි Ctrl + Alt + Delete දෙපාරක් ඔබල user name එකට Administrator කියල දීල මුර පදය නැතුව ඇතුලට යන්න පුලුවන්ද බලන්න. ( Safe Mode එකෙදි මේ Default Administrator Account එක logging window එකේ පෙන්වනව, Safe Mode යන්න Windows logo එක පේන්න කලින් F8 ඔබන්න ). ඒකෙ මුර පදයත් මතක නැත්නම් ඉතින් මේ විදිහට තමයි ගොඩ ගන්න වෙන්නෙ. මේ වැඩේට අපිට Bootable CD එකක් හදා ගන්න වෙනව. මම කියන්නම්කො කරන පිළිවෙල.
NT 3.51, NT 4 (all versions and SPs), Windows 2000 (all versions & SPs), Windows XP (all versions, also SP2 and SP3), Windows Server 2003 (all SPs), Windows Vista 32 and 64 bit (SP1 also), Window 7 (all variants). (Some say also Windows Server 2008 is OK)
මේ වගේ වෙලාවට මුලින්ම බලන්න ඕන Default Administrator Account එකේ මුර පදයක් නැද්ද කියල, ඒකට logging window එකේදි Ctrl + Alt + Delete දෙපාරක් ඔබල user name එකට Administrator කියල දීල මුර පදය නැතුව ඇතුලට යන්න පුලුවන්ද බලන්න. ( Safe Mode එකෙදි මේ Default Administrator Account එක logging window එකේ පෙන්වනව, Safe Mode යන්න Windows logo එක පේන්න කලින් F8 ඔබන්න ). ඒකෙ මුර පදයත් මතක නැත්නම් ඉතින් මේ විදිහට තමයි ගොඩ ගන්න වෙන්නෙ. මේ වැඩේට අපිට Bootable CD එකක් හදා ගන්න වෙනව. මම කියන්නම්කො කරන පිළිවෙල.
වැදගත් :
මේ විදිහට recover කළායින් පසුව කලින් තිබුනු encrypted files කියවීමට නොහැකි වේ,
අන්තිම පියවරේදි read only file system කියල error එකක් එනවනම් Safe Mode එකට ගිහින්
log in window එක ආපුවාම Shutdown කරල නැවත උත්සහ කරල බලන්න.
මොකද කලින් පාර හරියට Shutdown වෙලා තිබ්බෙ නැත්නම් අවුල්.
1. මෙතනින් ISO Image එක බාගන ISO Burn කරන මෘදුකාංගයක් පාවිච්චි කරල CD එක burn කරගන්න.
2. ඊට පස්සෙ මුර පදය අමතක වෙච්ච මැසිම ඒකෙන් boot කරන්න.
3. දැන් තියෙන්නෙ එන උපදෙස් පිළිපදින එක තමයි. සම්පූර්ණ විස්තරයක් මෙන්න මෙතන තියනව. මේක බාගෙන හිටියොත් වඩාත් හොඳයි. මේකෙදි සාර්ථකම ක්‍රමය කියන්නෙ Administrator Account එකේ මුර පදය එක හිස් කරන එක.
3. දැන් තියෙන්නෙ එන උපදෙස් පිළිපදින එක තමයි. සම්පූර්ණ විස්තරයක් මෙන්න මෙතන තියනව. මේක බාගෙන හිටියොත් වඩාත් හොඳයි. මේකෙදි සාර්ථකම ක්‍රමය කියන්නෙ Administrator Account එකේ මුර පදය එක හිස් කරන එක.
වැරදි කෙනෙක්ට ගියොත්, අපි බේරෙන්නෙ කොහොමද ?
මේකත් කියන එක ඇඟට ගුණයි කියල මට හිතුන. උඩ තියන මෘදුකාංගය USB Pen Drive එකක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක හින්ද මේ වගේ දෙයක් වැරදි විදිහට පාවිච්චි කරන කෙනෙක්ගෙන් බේරෙන්න තියන විදිහ තමයි first boot device එක Hard Disk කරල BIOS වලට මුර පදයක් දාන එක. හැබැයි Mother Board එකේ බැටරිය ගැලෙව්වහම ඒකත් නැති වෙනව. ඒකට විසඳුම තමයි මැසිමට බුවා මහත්තයා වගේ padlock 1ක් දාගන්න එක :P
Tuesday, January 17, 2012
Mirror Folder දෙකක් හදා ගන්න මෘදුකාංගයක්
Mirror Folder එකක් කියන්නේ එක Folder එකක කොපියක්. මේ Folder දෙකෙහිම එකම දත්ත තියෙන්න. අපිට මෙම ක්‍රමය backup විදියට භාවිත කරන්න පුලුවන්. මෙම මෘදුකාංගය මගින් Mirror Folder සාදාගෙන data automatically ම sync වෙන්න සාදාගන්න පුලුවන්. මම නම් කරල බැලුව. සාර්ථක ක්‍රමයක්. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කරල බලන්න. network location එකකට වුනත් sync වෙන්න සාදාගන්න පුලුවන්. ඒ නිසා කාර්්‍යාල කටයුතු වලට නම් ප්‍රයෝජනවත් වෙනවා.
Memory chip වල Pen වල files permanently මකල දාන්න......
මෙය freeware එකක්. Eraser නම් ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. අපේ memory chip වල pen වල වැදගත් files දානවනෙ. අපි pen එක කාට හරි දෙනකොට ඔක්කොම මකල දුන්නම ආයේ ඒ files ගන්න බැ කියල හිතන්න නම් එපා. ඒ files recovery කරන්න පුලුවන්. එයට අවශ්‍ය මෘදුකාංගත් ඕන තරම් තියනවා. මේ තත්වය මත් අපේ පුද්ගලිකත්වය අවධානමකට ලක් වෙන්න තියන ඉඩ කඩ වැඩියි. මම අද කියන්න යන්නේ නැවතත් files recovery කිරීමේ සම්බාවිතාවය අවම කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන. Eraser මෘදුකාංගය මගින් දත්ත 99% දක්වා සම්පූර්ණයෙන්ම මකන්න පුලුවන්.
තවත් මෙහි ඇති වාසි
- User friendly
- Secure drive erasure methods are supported out of the box
- Erases files, folders and their previous deleted counterparts
- Works with an extremely customizable Scheduler
- It works with any drive that works with Windows
Tuesday, January 10, 2012
SLT එකේ රහස් ඩේටාබේස් ලීක් වෙයි
මේ දවස් වල වැඩිපුරම කතා වෙන මාතෘකාවක් තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් කියන්නෙ. හේතුව මේ ආයතනයේ සෙට් එක පහු ගිය දවස් වල එයාලගෙ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් ලිමිට් කරලා කියන හේතුව. ඒ කියන්නෙ ඔයාලා අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් එකක් ගත්තත් ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න පුලුවං උපරිම 25GB විතර. එක එක පැකේජ් අනුව ප්‍රමාණය වෙනස් වෙනවා. හොඳම ආතල් එක තමයි කලිං පැකේජ් අරගෙන තියෙන කස්ටර්මස්ලටත් මේ FUP (Broadband Fair Usage Policies) එක දාලලු.
මෙහෙම කරන්න හේතුව විදියට එයාලා කියන්නෙ සමහර පුද්ගලයො දිගට හරහට ඩවුන්ලෝඩ් කරන නිසා සාමාන්‍ය බාවිතා කරන්නන්ට අසාදාරනයක් වෙනවා කියන එක. මුලින්ම මෙයාලා හොයලා බලනවා කව්ද හයි යූසර්ස්ලා කියලා. එයාලව හොයලා එයාලගෙ ලිස්ට් එකට දාගෙන එවැනි පුද්ගලයන්ට මෙන්න මේ කියන ලිමිට් එක දානවලු.
ඔන්න ඉතින් මේවා ඉස්සුවේ කොහොමද කියලා නං අහන්න එපා...:P. බාගෙන බලන්න. මේවා ෆයිල් 3 ඇති. ඕපන් කරන්න ඕන නම් මයික්‍රොසොෆ්ට් එක්සෙල් (Microsoft Excel) බාවිතා කරන්න වෙනවා. බලන්න ඔයාලගේ යූසර් නේම් එක තියෙනවාද කියලා. තියෙනවා නම් ඔයත් හයි යූසර් කෙනෙක්...:P.
Sunday, January 8, 2012
Hard Drive එකේ Speed එක වැඩි කරමු
මේ Configuration එකට Enable AHCI කියලා තමා කියන්නෙ. දිග නම තමා Advanced Host Controller Interface කියන එක. Windows7 වල අපිට පුළුවන් මේ AHCI කියන දේ Enabled කරගන්න. මේකෙන් වෙන වාසිය තමයි අපේ Machine එකේ තියෙන SATA drives වල operations වල වේගය වැඩි කරන්න (Read and Write Speed) සහ multitasking වල efficiencyනැත්තම් කාර්යක්ෂමතාව වැඩිකරගන්න පුළුවන් .
Thursday, January 5, 2012
වින්ඩෝස් 7 එක්ක එන Malicious Software Removal Tool එක ගැන දන්නවාද?
Windows 7 දැන් අවුරුදු 3 ඉඳලා පාවිච්චි කලාට ළඟදි තමයි මම නම් දැනගත්තෙ Malicious Software Removal Tool එකක් Windows එක්කම තියෙනවා කියලා. ගොඩක් වෙලාවට Virus Guard එකක් පාවිච්චි කරන් නැති අයට වගේම සාමාන්‍ය antivirus software එකකින් detect කරන්නැති Malicious Software ලේසියෙන්ම Windows එක්ක එන මේ Tool එකෙන් detect කරගන්න පුළුවන්. අළුතෙන් කිසිම දෙයක් Install කරන්න අවශ්‍ය නෑ, Start Menu එකේ " mrt " කියලා type කරලා මේ Tool එක open කරගන්න පුළුවන්.
Desktop එක වෙන කෙනෙකුට භාර කරන්නේ කොහොම ද?
Desktop එක තවත් කෙනෙකුට පෙන්වන්නේ කියලා. මේ සඳහා විවිධ ක්‍රම කිහිපයක්ම තියනවා. ඒ අතරින් Skype මෘදුකාංගය හරහා Desktop එක ආරක්ෂිතව වෙනත් අයකුට පෙන්විය හැකි ය. ඒ සඳහා මුළින්ම එම අදාළ පුද්ගලයා Skype Contacts තුළට ඇතුලු කර ගන්න. ඊට පස්සේ Call තුළින් Share Your Screen තුළ ඇති Share Full Screen තෝරා යන්න. එවිට අනෙක් පුද්ගලයාට අපේ Desktop එක දර්ශනය වේ. නමුත් ඒ තුළට විත් අනෙක් අනෙක් පුද්ගලාය අපගේ පරිගණකයට ඇතුලු වී කටයුතු කිරීමට හැකියාව නැත. ඒ සඳහා Remote Desktop භාවිතා කළ යුතු ය. එය කරන විදිය දැන ගන්න ඕන නම් ලැජ්ජ වෙන්නෙ නැතුව මෙතන ක්ලික් කරන්න.
Monday, December 12, 2011
එක එක විදිහට පින්තූර හදන්න PhotoFunia
මෙම වෙබ් අඩවිය Effects යොදාගෙන පින්තූර නිර්මාණය කරන්න හදපු අඩවියක්. Photoshop වැනි මෘදුකාංග යොදාගෙන අසීරුවෙන් කළ යුතු නිර්මාණ ඡායාරූප සංස්කරණය පිළිබදව කිසිදු මූලික දැනුමක් නොමැතිව මෙම වෙබ් අඩවිය මගින් පහසුවෙන් කිරීමේ හැකියාව පවතිනවා. සිදු කළ යුත්තේ අදාල Effects එක යොදාගෙන අවශ්‍ය පින්තූරය Upload කිරීම පමණයි. මෙහිදී යොදා ගත හැකි වන්නේ පෙර සකස් කළ Effects වර්ග පමණයි. පිවිසෙන්න.
Twitter දැන් කොරියන් භාෂාවෙනුත්
Twitter වෙබ් අඩවිය කොරියන් භාෂාවෙන් සැකසුණු නව සංස්කරණයක් හදුන්වා දී ඇති අතර මේ වන විට Twitter වෙබ් අඩවිය භාවිතා කළ හැකි භාෂා ගණන 7 කි. මෙයට හේතු වී ඇත්තේ පසුගිය වසර තුළ කොරියානු Twitter පරිශීලකයන් විශාල වශයෙන් වැඩි වීමයි. මෙහිදී Twitter වෙබ් අඩවිය පමණක් නොව ඔවුන්ගේ Android හා iPhone apps ද කොරියන් භාෂාවට පරිවර්තනය කර ඇත.
Thursday, December 1, 2011
Ready Boost - Win 7 වලදී RAM එක වැඩි කරගන්න හැටි
මේක කරන්න පුලුවන් Windows 7 වල විතරයි.අපි හැමෝම ලඟ සමානයෙන් pen drive තියෙනවනෙ. ඒකම මේ වැඩේට ගන්න පුලුවන්.
ඉස්සර වෙලාම pen drive එක USB port එකට සම්භන්ධ කරන්න. ඊට පස්සෙ My Computer අයිකන් එක Double Click කරලා open කරගන්න. ඔබේ pen drive එතන දැන් පේන්න ඇති. එක Select කරලා ඒක උඩම Right Click කරන්න.
ඊට පස්සෙ ඒකෙ යටම තියෙන Properties කියන එක Click කරන්න.
ඊට පස්සෙ Dialog Box එකක් මතු වෙනවා. ඒකෙ තියෙනව ReadyBoost කියලා Tab එකක්. ඒක Select කරගන්න. ඒකෙ තියෙන Settings ටික පහත රූපයේ විදියට හදාගන්න. Pen Drive එකේ ඉතිරි වෙලා තියෙන ඉඩ ප්‍රමාණය තමයි එතන පෙන්වලා තියෙන්නෙ. RAM එක විදියට ගන්න ඕන ඉඩ ප්‍රමාණය අපිට කැමති විදියට අඩු වැඩි කරගන්න පුලුවන්.
ඊට පස්සේ OK කරාම Pen Drive එක RAM එකක් විදියට වැඩ කරනවා. මේක අපිට දිගටම පාවිච්චි කරන්න පුලුවන්. මේ අතරෙම Pen Drive එකේ ReadyBoost කියලා file එකක් හැදෙනවා. ඒකත් මකන්නෙ නැතිව තියන්න. ඒ file එක මැකුනොත් වැඩ කරන්නෙ නෑ.
Subscribe to:
Posts (Atom)








