Thursday, December 1, 2011

Ready Boost - Win 7 වලදී RAM එක වැඩි කරගන්න හැටි

 



මේක කරන්න පුලුවන් Windows 7  වල විතරයි.අපි හැමෝම ලඟ සමානයෙන් pen drive තියෙනවනෙ. ඒකම මේ වැඩේට ගන්න පුලුවන්. 
 
ඉස්සර වෙලාම pen drive එක USB port එකට සම්භන්ධ කරන්න. ඊට පස්සෙ My Computer අයිකන් එක Double Click කරලා open කරගන්න.  ඔබේ pen drive එතන දැන් පේන්න ඇති. එක Select කරලා ඒක උඩම Right Click කරන්න. 
 
ඊට පස්සෙ ඒකෙ යටම තියෙන Properties කියන එක Click කරන්න. 

ඊට පස්සෙ Dialog Box එකක් මතු වෙනවා. ඒකෙ තියෙනව ReadyBoost කියලා Tab එකක්. ඒක Select කරගන්න. ඒකෙ තියෙන Settings ටික  පහත රූපයේ විදියට හදාගන්න. Pen Drive එකේ  ඉතිරි වෙලා තියෙන ඉඩ ප්‍රමාණය තමයි එතන පෙන්වලා තියෙන්නෙ. RAM එක විදියට ගන්න ඕන ඉඩ ප්‍රමාණය අපිට කැමති විදියට අඩු වැඩි කරගන්න පුලුවන්.
 
ඊට පස්සේ OK කරාම Pen Drive එක ‍RAM එකක් විදියට වැඩ කරනවා. මේක අපිට දිගටම පාවිච්චි කරන්න පුලුවන්. මේ අතරෙම Pen Drive එකේ ReadyBoost කියලා file එකක් හැදෙනවා. ඒකත් මකන්නෙ නැතිව තියන්න. ඒ file එක මැකුනොත් වැඩ කරන්නෙ නෑ.

 

No comments:

Post a Comment