Tuesday, February 7, 2012

WiFi Hotspot එකක් හදාගන්න අන්තර්ජාලයත් එක්කම...


 
අපි ළඟ තියෙන ලැප්ටොප් එක ලේසියෙන් ම පට්ට WiFi Hotspot එකක් කරන්නේ කොහොමද කියලා තමයි කියන්න යන්නේ මේ! හිතමුකෝ අපි ළඟ රවුටර් එකක් ගන්න සල්ලි නෑ කියලා, ඉතින් කොහොමද අපි මැෂින් ගොඩක් සෙට් වෙන නෙට්වර්ක් එකක් හදාගන්නේ. ඉතින් ලැප් එකේ තියෙන WiFi පහසුකම පාවිච්චි කරලා නෙට්වර්ක් එකක් හදාගන්න හැමෝම දන්නවා ඇතිනේ. අද මේ කියන්න යන්නේ WiFi Hotspot එකකින් අන්තර්ජාල පහසුකම බෙදාගන්නේ කොහොමද කියලා.

සාමාන්‍යයෙන් WiFi පහසුකම පාවිච්චි කරන්නේ File Sharing කරන්නනේ. අපි නම් ඒකටත් නෙවෙයි පාවිච්චි කළේ... ගේම් ගහන්නනේ. හොස්ටල් එකේ කට්ටිය සෙට් වෙලා ලැප් 10 ක් 15ක් නෙට්වර්ක් කරගෙන Wulfenstein, Halo වලින් වෙඩි තියාගන්නවා, NFS වල කාර් පැද පැද ඉන්නවා, සමහර දවස් වල රෑ එකයි දෙකයි නිදාගනිද්දී.

කියාගෙන ආව එකෙන් පිටට ගියානේ, මේ Connectify කියන software එක ස්ථාපනය කරගත්තා ම ලේසියෙන් ම WiFi Hotspot එකක් හදාගන්න පුළුවන්. ඊටපස්සේ ඩොන්ගල් එකක් නැති යාළුවෙකුට අපේ අන්තර්ජාල සම්බන්ධතාවය හරහා ලේසියෙන් ම සම්බන්ධතාවය ලබාදෙන්න පුළුවන්. Configuration කරගන්න පුළුවන් විනාඩියෙන්. ස්ථාපනය කළාට පස්සේ Hotspot name 1, Password එක දුන්නා ම task bar එකේ WiFi device පෙන්නන තැන (Notification Tray එකේ )Connectify පෙන්නනවා. එතැනින් ලේසියෙන් ම අන්තර්ජාල පහසුකම ලබාදෙන කෙනාගේ WiFi Hotspot එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට අපේ පරිගණකයේ මේ මෘදුකාංගය තියෙන්න ඕනෙත් නෑ. බලන්නකෝ ඔයාලත් කැමති නම් බාගත කරගෙන ම....

No comments:

Post a Comment