Tuesday, April 22, 2014

අන්තර්ජාලය හරහා ඔබේ මිතුරන් මවිත කරමින් සංවාදයේ යෙදෙන්න අලූත් ම ක‍්‍රමය මෙන්න!

අලූත් පරිගණක වැඩසටහනක් එනවා, ඒ මගින් ස්කයිප් කරන අතර ඔබේ මිතුරන් මවිත කරවන්න පුළුවන්! මෙසේ මවිත කරවන්නේ විස්මිත වෙස්වලා ගැනීමක් මගින්.

ඒ පරිගණක වැඩ සටහන හරහා සකයිප් කරන ඔබට රතු පැන්ඩාවකුගේ පටන් අං ඇති යක්ෂයකු දක්වා පරිගණක කී‍්‍රඩාවල හෝ ටෙලිවිශන්, සිනමා ආදියෙහි එන ඕනෑම ජනපි‍්‍රය චරිතයක් බවට පෙරළී ඔබේ මිතුරා විස්මයට පත් කරමින් කතා කළ හැකියි. ඒ ඔබ තෝරා ගන්නා රූපයට ඔබේ ඉරියව් පවා අනුකරණය කළ හැකියි.

ඒ අනුව ළඟදීම ඔබට අමුතුම විනෝදයක් ස්කයිප් හෝ වෙනත් වෙබ්කැම් සේවාවක් හරහා කරන කතාබහේදී ලබා ගත හැකියි.


 
දැන් අලූතින් ම නිපදවා ඇති මේ ‘ෆේස්රිග්’ මෘදුකාංගය යොදා ගෙන ඕනෑම ජනපි‍්‍රය චරිතයක් ලෙස වෙස්වලා ගන්න පුළුවන්. ඒ රූපයට ඔබේ කටහඬ පමණක් නෙවෙයි, ඔබේ ඉරියව් පවා ඒ ආකාරයෙන්ම අනුකරණය ඛළ හැකියි.

ලබන අගෝස්තුවේ දී මෙය ලොව පුරා දියත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙම පරිගණක වැඩසටහන හැඳින්වෙන්නේ ‘ෆේස්රිග්’ (FaceRig) කියායි.

මේ ‘ෆේස්රිග්’ මෘදුකාංගයට අදාළ පුද්ගලයාගේ මුහුණේ ඇති වන වෙනස්කම් හා හිසේ චලනය හසුකර ගත හැකියි.

එසේ ම එය භාවිත කරන තැනැත්තාගේ ඉල්ලීමට අනුව ති‍්‍රමාන රූපයක් සජීවීකරණය කරන්න අවශ්‍ය දත්ත එක්රැුස් කර ගන්න එයට පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, මේ මෘදුකාංගය සාමාන්‍ය වෙබ්කැම් එකක් භාවිත කරන්නක් වන අතර, එයට වීඩියෝ චැට් සේවාවන්වල වීඩියෝ සඳහා එක්වීමට ද ස්කයිප් හා වෙබ් අඩවිවල ඇති කී‍්‍රඩාවලට එක්වීමට ද පුළුවන.

භාවිත කරන්නාට එහි කට හඬ වෙනස් කරන්නට ද කැරෝකී මාදිලියට යොදා ගන්නටද පුළුවන.

භාවිතකරන්නාට තමන්ගේ ප‍්‍රතිරූපය හෙවත් අවතාරය හා එහි පසුබිම ආලෝකමත් කිරීම ද තමන්ට කැමති පරිදි සිදු කළ හැකියි.

කලින් කිව්වා වාගේ අර ජපන් පාසල් දැරියගේ චරිතය හෝ අං සහිත යක්ෂයාගේ හෝ රතු පැන්ඩාගේ චරිතයක් තෝරාගෙන ඊට ආදේශ විය හැකියි.

මේ තාක්ෂණය භාවිත කරන්නන්ට අතථ්‍ය චිත‍්‍රපටයක ඩිජිටල් නළුවකු වීමට අවස්ථාවක් ලැබෙනවා.

මෙහි එන චරිත රුමේනියාවේ බුකාරස්ට් නුවර පරිගණක කී‍්‍රඩා නිෂ්පාදක සමාගම් පහක් විසින් පරිගණක කී‍්‍රඩා නිර්මාණ කළ ඒවායි. ඒ නිසා පහසුවෙන් ම පරිගණකය ඔස්සේ ස්කයිප් තාක්ෂණයේ දී වගේ ම වෙනත් වෙබ් සේවාවලදීත් භාවිත කරන්න පුළුවන් කම ලැබෙනවා.

ආරම්භයේ දී ලබන අගෝස්තුවේ දී මෙය අලෙවි කරන්න පටන් ගත්තාම ඩොලර් 5ක් වැනි මුදලකටයි ලබා දෙන්න යන්නේ. මෙය පසුව වඩාත් සංකීර්ණ කළ විට මිල වැඩි කරන්න නිෂ්පාදකයන් අපේක්ෂා කරනවා.

හොලෝටෙක් ස්ටුඩියෝස් කියන්නේ, ලොව ප‍්‍රථමවරට පුළුල් ලෙස වෙළඳ පොළට යැවෙන හැඟීම් හා ඉරියව් හසුකර ගත හැකි මෘදුකාංගය ඉදිරිපත් කරන්නට තමන්ට හැකි වීම ගැන ආඩම්බර වන බවයි.

මේ නව මෘදුකාංගය නිපදවා ඇත්තේ ස්වීඩනයේ විසාජ් ටෙක්නොලොජීස් (Visage Technologies) නම් නව සමාගමක් මගින්. මේ සඳහා සජීවීකරණ රූප පෙළ ඔබ වෙනුවෙන් සකස් කළේ ඔවුන්ගේ ම තවත් අතුරු සමාගමක් වන හොලෝටෙක් ස්ටුඩියෝස් (Holotech Studios) ආයතනය මගින්. පරිගණක කී‍්‍රඩා නිපදවන සමාගම් කීපයක් මෙයට දායක වෙලා තියෙනවා.

ඒ මොහොතේම ඉදිරියේ සිදු වන දේ කැමරාවෙන් හසු කර ගෙන ඊට අදාළ දත්ත ලබා ගෙන එය ති‍්‍රමාන මොඩලයකට යෙදීම ඇත්තෙන්ම විස්මිත දෙයක්. ඒ සඳහා විශේෂ මෘදුකාංගයක් සකසා තියෙනවා.

මේ නිර්මාණයට එක් වූ විද්‍යාඥ කණ්ඩායමේ අය කියන්නේ, මේ විස්මිත නිර්මාණය කරන්න ඔවුන්ට පර්යේෂණ ගණනාවක්ම කරන්න සිදුවුණු බවයි. ඒවගේම ඉහළම මට්ටමේ විද්‍යාඥයන් හා තාක්ෂණික ශිල්පීන් පිරිසක් ද මේ කටයුත්තට ඔවුන්ගේ දයකත්වය දුන්නා. ඒ අනුවයි, මේ අපූරු න්ර්මාණය බිහිවුණේ.

 
මේ නව පරිගණක මෘදුකාංගය මගින් ජපාන කාටූන චරිතයක් වූ මංගා (වමේ) සිට අං ඇති යක්ෂයකු (දකුණේ) දක්වා ඔබ කැමති ඕනෑම චරිතයකට පිවිස ඒ චරිතය මෙන් කතා කළ හැකියි.

 
මේ ෆේස්රිග් සොල්දාදුවාගේ අවතාරය අවස්ථාව සලසා දෙනවා වෙබ් කැම් ඉදිරියේ ඉන්නා තැනැත්තාට මොහොතකට හමුදා භටයකු වෙන්න.

 
මේ බුද්ධිමත් මෘදුකාංගය සාමාන්‍ය වෙබ් කැමරාව මගින් ඉදිරියේ ඉන්නා තැනැත්තාගේ මුහුණේ ඉරියව් හා කටහඬ හසුකර ගෙන ඔහු තෝරාගත් අවතාර චරිතයට ඒ සියල්ල එසැණෙන් මුසු කිරීම සිදු කෙරෙනවා.

ඉදිරියේ දී මුහුණෙන් ඔබ්බට ගොස් මුළු සිරුරේම චලනයන් හසු කර ගත හැකි වන පරිදි මේ මෘදුකාංගය පුළුල් කරන්නට ඔවුන් බලාපොරාත්තු වෙනවා. මේ අගෝස්තුවේදී නිකුත් කෙරෙන මෘදුකාංගය ගෘහස්ථ භාවිතයට පමණක් සැකැසූ එකක් වුනත් ඉදිරියේ දී ව්‍යාපාරික වශයෙන් භාවිත කළ හැකි එකක් නිපදවීමට අපේක්ෂා කෙරනවා.

මෙය භාවිතා කරන අය මේ පැකේජයට අයත් මෘදුකාංගය අන්තර්ජාලයෙන් එය බාගත යුතුයි. ඉන්පසු කළ යුත්තේ පරගණකයේ වෙබ් කැමරාව ඉදිරියෙන් වාඩි වීම පමණයි.

මේ ව්‍යාපෘතිය සඳහා අන්තර්ජාලය හරහා මුදල් ආයෝජනය කරන්න ජනතාවට අවස්ථාව දුන්නා. මූලික අවශ්‍යතා සඳහා ඉල්ලා සිටි මුදල වූ ඩොලර් 120,000 වෙනුවට ඩොලර් 211,615ක් එකතු වුණා.

”අපට අවශ්‍ය වුණේ හැම දෙනාටම තමන් කැමති චරිතයකට ඩිජිටල් ක‍්‍රමයට පිවිසෙන්න අවස්ථාව ලබා දෙන්නයි. මූණ විතරක් නෙවෙයි, හිසේ සිට දෙපතුල දක්වාම සාර්ථකව අනුකරණය කළ හැකි සජීවී හොලිවුඞ්-පික්සාර් තත්වයෙන් යුත් ක‍්‍රමයක් හදන්නයි. ඒ වගේම අන්තර්ජාලය තුළ රූප හා ශබ්ද දෙයාකාරයෙන්ම නරඹන්නාට ප‍්‍රතිචාර දක්විය ක‍්‍රමයත් ලබා දෙන්නයි.” එය නිපදවූ කණ්ඩායම කියනවා.

”ආරම්භයේ දී දැනට අප දෙන්නේ ෆේස්රිග් යටතේ හැඟීම් හා මුහුණේ ඉරියව් හසුකර ගත හැකි ක‍්‍රමයක් විතරයි.” වැඩිදුරටත් ඒ අය කියනවා.

 
මේ මෘදුකාංගය මගින් ඒ මොහොතේම ඔබේ මුහුණේ ඇති වන වෙනස්කම් හා හිසෙහි චලනයන් අල්ලාගෙන සැණෙන් ති‍්‍රමාන මොඩලයට යොදනවා. බලන්න අං ඇති යක්ෂයා හැසිරෙන්නේ පරිගණකයේ වෙබ් කැමරාවෙන් ඔබ කරන දේ බලාගෙන ඒ විධියටමයි. ඇත්තෙන් ම විස්මයජනක දෙයක්!

 
මෙහි මුල් අදියරේ මෘදුකාංගය වෙබ් චැට්වලට හා වෙබ් කී‍්‍රඩාවලට යොදා ගත හැකි අතර භාවිත කරන්නන්ට ඒවායේ කටහඬ වෙනස් කරන්නට හා පසුබිම් ආලෝකය තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගන්නත් පුළුවන්. මෙහි දැක්වෙන්නේ කැරෝකී නිදර්ශනයක්.

 
මුලින් ම නිකුත්වෙන මෘදුකාංගයට අනුව මේ විධියට හිසෙහි හා මුහුණේ චලනයන් හසු කර ගත්තෑකි. පින්තූර දෙකේ මුහුණවල සමානකම සසදා බලන්න

 
මේ ව්‍යාපෘතිය සඳහා අන්තර්ජාලය හරහා මුදල් ආයෝජනය කරන්න ජනතාවට අවස්ථාව දුන්නා. මූලික අවශ්‍යතා සඳහා ඉල්ලා සිටි මුදල වූ ඩොලර් 120,000 වෙනුවට ඩොලර් 211,615ක් එකතු වුණා. මෙහි දක්වෙන්නේ අං ඇති යක්ෂයා කැරෝකී ක‍්‍රමයට ගීයක් ගායනා කරන අයුරුයි.

Wednesday, October 16, 2013

මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් root කරනවා කියන්නේ...???


ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් පාවිච්චි කරන කෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ root කරනවා කියන්නේ කියන එක.

Root කරනවා කියන්නේ මොකක්ද?

Android rooting යනු smart phones, tablets භාවිතා කරන users ලා සඳහා Android's subsystem එක පාලනය කිරීමට සම්පූර්ණ අවසරය ලබා දීමයි. මෙම root කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ සමහර දුරකථන නිපදවන සමාගම් වලින් එය භාවිතා කරන පුද්ගලයාට පනවා ඇති සීමා ඉවත් කර ඔහුට සියලු පාලනයන් කිරීමේ පූර්ණ අවසරය ලබා දීමයි. මෙම ක්‍රියාවලියෙන් පසුව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියේ කිසිඳු වෙනසක් කිරීමකට භාජනය කල නොහැකි System Apps , System settings එය භාවිතා කරන පුදුගලයාට පහසුවෙන් තමන් කැමති ආකාරයට වෙනස් කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම administrator-level අවසරය අවශ්‍ය වෙන විශේෂිත Apps දුරකථනයෙහි run කිරීමටද අවස්තාව හිමිවෙනවා. root නොකරන ලද දුරකතනයක් භාවිතා කරන කෙනෙකුට කිසිසේත් කිරීමට අවසරයක් නොමැති කාර්යන් root කරන ලද දුරකතනයක් භාවිතා කරන කෙනෙකුට කිරීමට අවසරය හිමි වෙනවා.

Root කිරීමෙන් ලැබෙන වාසි

බොහෝ පිරිසක් දන්නේ නැහැ root කරනවා කියන්නේ මොකක්ද කියලා. ඒවගේම root කරපු දුරකතනයකින් කරන්න පුළුවන් මොනවද කියල දන්නෙත් නැහැ.මේ පහතින් දිස් වෙන්නේ දුරකතනයක් root කිරීමෙන් පසුව ඔබට ලැබෙන සමහරක් වාසි සහගත දේවල් පිළිබඳවයි.

1. Custom Software (ROM’s)

ඔබට superusers rights හිමිනම් ඒ කියන්නේ ඔබට custom roms ඉන්ස්ටෝල් කිරීමට පුළුවන්. custom rom එකක් කියල කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලම version එකක් තමයි. නමුත් එම rom එක ඇන්ඩ්‍රොයිඩ් developers ල විසින් ඔවුන්ට කැමති විදියට ඔවුන් විසින්ම වෙනස් කිරීම් වලට භාජනය කරගත් එකක්. අන්න ඒ වගේ roms ඔබ භාවිතා කිරීමෙන් ඔබට සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් user කෙනෙක්ට කිසිසේත් අත්විඳිය නොහැකි පහසුකම් අත්විඳීමට ඔබට අවස්තාව සැලසෙනවා.උදා හරණයක් විදියට ඒ විදියට develop කරගත්ත rom එකක icons වල වර්ණය, app menu, app dock වෙනස් කරගන්න පුළුවන්.

2. Custom Themes

root කරගත් දුරකතනයක සෑම Graphic කොටසක්ම customize කර ගැනීමට හැකියාව තිබෙනවා. සම්පූරයෙන්ම වාගේ ඔබගේ දුරකථනයෙහි පෙනුම වෙනස් කල හැකි මෙවැනි themes දහස් ගණනක් අන්තර්ජාලයෙහි තිබෙනවා.

3. Cool Applications

Root කරපු දුරකථන වල පමණක් වැඩ කරන apps විශාල සංක්‍යාවක් දැනටමත් අන්තර්ජාලයෙහි තිබෙනවා. උදාහරණයක් විදියට screenshot apps, Overclocking apps, ROM Manager, Wireless Tether for Root Users, Root Explorer, Titanium Backup මෙන්න මේ වගේ ගොඩාක් වටිනා apps තියෙනවා.

4. Speed and Performance

අපි හැමෝම වගේ දන්නවා android මෙහෙයුම් පද්දතියකින් සමංවිත smart phone එකක processor එකෙහි වේගය සහ කාර්යක්ෂම තාවය පිටුපස ඉන්නේ kernels බව. ඉතින් kernels version එක වෙනස් කරගන්න පුලුවන්නම්, දුරකථනයෙහි වේගය සහ කාර්යක්ෂම තාවය වැඩි කරගන්න පුළුවන්.

5. Increasing Battery life.

battery යෙහි ආයු කාලය දිගුකරගත හැකි root කරපු දුරකථන සඳහා පමණක් විශේෂයෙන්ම නිර්මාණය කරපු apps භාවිතා කරලා දුරකථනයෙහි battery යෙහි ආයූ කාලය දිගු කරගැනීමට පුළුවන්.

6. Installing Unsupported apps

ඔබගේ දුරකථනය සඳහා සහයෝගය නොදක්වන apps විශාල සංක්‍යාවක් තිබෙනවා. එම apps පවා ඔබට ඉන්ස්ටෝල් කිරීමට හැකියාව ලැබෙනවා root කිරීමෙන් පසුව. එය සඳහා build.prop කියන file එක edit කරන්න සිදුවෙනවා. එය කල හැක්කේ root කල දුරකතනයකම පමණයි.

7. Backing Up your device.

root කරපු දුරකථනයකට custom boot loader එකක් ඉන්ස්ටෝල් කිරීමෙන් nandroid backup එකක් සාදා ගැනීමට පුළුවන්.එම සාදා ගත් backup එක restore කිරීමේදී ඔබගේ දුරකථනය backup කරන මොහෙතේ පැවතී වේගය, කාර්යක්ෂමතාවය, ඒවගේම ගබඩා කොට තිබු දේවල් ඒ විදියටම නැවත ලබා ගන්න පුළුවන්.

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් root කිරීමෙහි ඇති අවාසි


1. Bricking

වැඩි දෙනෙක් root කිරීමට බියවි සිටින්නේ මෙම හේතුව නිසා.bricking කියල කියන්නේ දුරකතනයෙහි software වලට දැඩි ලෙස හානි වීමට ඇති හැකියාවයි. එම හේතුව නිසා ඔබගේ දුරකථනය පෙර තිබු පරිදි නිවැරදිව වැඩ කිරීමට නොහැකි වී. එම phone එක වැඩක් නැති දෙයක් බවට පත් වීමට පුළුවන්.

2. Loose Warranty

root කිරීමෙන් පසුව එම දුරකථනය නිපදවපු සමාගම ඔබගේ දුරකතනයට තව දුරටත් වගකියනු නොලැබේ, නමුත් දැන් එම root කරපු දුරකතය නැවත පෙර තිබු තත්වයට පත් කර ගැනීමටද පුළුවන් බව මතක තබා ගන්න.

3. Malicious Software

root කරපු දුරකථන සඳහා තිබෙන සමහර apps virus බෙදා හරිනවා. worms, viruses, spyware and Trojans වගේ දේවල් තමයි මේ විදියට පැමිණෙන virus. ඒ විදියට එන virus ඔබගේ දුරකතනයේ anti virus app එකෙන් සොයන්නේ නැහැ.

Tuesday, October 15, 2013

ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදී ඔබ දැනගත යුතු දේ........

 
එදිනෙදා ජීවිතයේ මුදල් ගණුදෙනු වලට ඉතාම පහසුවක් වෙලා තියන එක හේතුවක් තමයි ණය පත. අපි සිංහලෙන් ලේසියට “ක්‍රෙඩිට් කාඩ්“ කියල කියන එක ගැන තමයි මම කතා කරන්නේ. අපි වගේ තුන්වෙනි ලෝකෙ දියුණු වෙමින් පවතින රටවල් වල මේක සුලබ දෙයක් වුනාට හුගක් බටහිර රටවල් වල මිනිස්සු මේවා පාවිච්චි කරන්නේම නැති තරම්. 
 
ක්‍රෙඩිට් කාඩ් වලට මිනිස්සු ඇදිල යන්න හේතු ගොඩක් තියනවා. ආරක්ෂාව සහ පහසුව ඉන් ප්‍රධානයි.

ඉතින් මම මේ කතා කරන්නෙ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනකොට අපි සැලකිය යුතු කරුණු ටිකක් ගැනයි. හුඟක් දෙනා දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්නත් ක්‍රෙඩිට් කාඩ් එකක් අළුතින් ගන්න අයට උදව්වක් වෙන්නත් හිතාගෙන තමයි මම මේ  පෝස්ට් එක සෑහෙන කාලෙකට පස්සෙ ලියන්නෙ.

මුලින්ම කියන්න ඕනෙ බැංකුවකින් අපිට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නෙ අපිට තියන ආදරේට නොවෙන බව. කාඩ් එකක් දෙනකොට අපිට හිතෙනවා ණයට දෙන විදිහට බැංකුවට ආදායමක් නෑනෙ කියලා. ඒත් ක්‍රෙඩිට් කාඩ් එකකින් තරම් බැංකුවට ලාබ එන්නෙ නෑ වෙන කොහෙන්වත් (මම හිතන්නෙ) . සාමාන්‍යය බැංකු ණයක් ගන්න ගියොත් බැංකුවෙන් අපිට හම්බ වෙන්නෙ සාමාන්‍යයෙන් 20% කට අඩු පොලී අනුපාතයක්. ඒත්  ක්‍රෙඩිට් කාඩ් එකක වාර්ෂික අනුපාතය 24%ක් විතර වෙනවා. (ඉස්සර මේක තිබ්බෙ 28%ට. පස්සෙ අඩුවුනා) ඒත් මාකටිං පැත්තෙන් පෙන්නන්නෙ මාසෙට 2%ක් තරම් අඩු මුදලක් කියල. මිනිස්සු ක්‍රෙඩිට් කාඩ් වලට අහුවෙන තැනක් මේක. මාසෙට 2% ගානෙ අවුරුද්දට 24% බව මතක තියාගන්න.

බැංකුවකින් කෙනෙක්ට ආවට ගියාට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නෙ නෑ. දෙන්න කලින් පස්මහ බැළුම් බලනවා. මාස 3 පඩි වාර්තා, බැංකු ප්‍රකාශන, නිවැරදි ලිපිනයන්, රෙකමදාරු කරන්න තවත් අය ආදී වශයෙන්. හේතුව තමයි මේ ණය ගෙවන්න පුළුවන්ද කියල බලන එක. (ඇපේට කිසිම දෙයක් ලඟ තියා ගන්නෙ නැති හන්දා). ඒ වගේම පොඩි පඩියක් ගන්න කෙනෙක්ටත් මේවා දෙන්නෙ නෑ. (දැනට මං හිතන්නෙ අඩුම තරමෙ රුපියල් 20000ක් වත් පඩි තියෙන්න ඕනෙ)

ඊලඟට ගත්තහම ක්‍රෙඩිට් කාඩ් එකේ ණය ප්‍රමාණය වෙන්නෙ  තමන්ගෙ පඩිය වගේ දෙගුණයක්. ඒ ගෙවාගන්න පුළුවන් උපරිම ප්‍රමාණය කියල සලකලා. මේ ප්‍රමාණය නම් හුඟක් බැංකු වෙනස් කරන්නෙ නෑ. ඉල්ලුවොත් ඇරෙන්න. මොකද ඒක බැංකුව පැත්තෙන් ආරක්ෂක උපක්‍රමයක් හන්දා. මේ ණය සීමාව වැඩි කරන්න ඒගොල්ලො අමතර මුදලකුත් අය කරනවා. ඒත් සමහර බැංකු නොකියම ප්‍රමාණය වැඩිකරනවා. ඒකත් එක උපක්‍රමයක් වියදම් කරන්න තියන ප්‍රමාණෙ වැඩිකරන්න.

තවත් අය අහුවෙන මාකටිං පොයින්ට් එකක් තමයි ගෙවන්න දවස් 51ක් හම්බ වෙනවා කියන එක. ඔව් එහෙම හම්බ වෙනවා තමයි. ඒත් මිලදී ගන්න හැම දේටම නෙමෙයි. ඒක තීරණය වෙන්නෙ අපි භාන්ඩයක් මිලදී ගන්න දවසයි, අපේ මාසික ප්‍රකාශනය නිකුත් කරන දවසයි අපිට ඒ ප්‍රකාශනයට මුදල් ගෙවන්න තියන දවයි එක්ක.

උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක්ගෙ මාසික ගිණුම් ප්‍රකාශනය හදන්නෙ කිසියම් මාසෙක 25 වෙනිදාට කියල හිතමු(උදා. සැප්තැම්බර් 25). එයාට ඒකට මුදල් ගෙවන්න තියන අන්තිම දවස ඊලඟ මාසෙ 15 වෙනිදා කියල හිතමු (උදා. ඔක්තෝම්බර් 15). එතකොට එයා භාන්ඩය මිලට ගන්නෙ මේ මාසෙ 26 වෙනිදා (සැප්තැම්බර් 26) නම් ඒක මේ මාසෙ ප්‍රකාශනයට අදාල වෙන්නෙ නෑ. ඒක අයිති වෙන්නෙ ඊලඟ මාසෙ ප්‍රකාශනයට (ඔක්තෝම්බර් ප්‍රකාශනය). එතකොට එයාට ඒ සඳහා සල්ලි ගෙවන්න මාසෙකුත් දවස් 20ත් විතර හම්බ වෙනවා (නොවැම්බර් 15). සැප්තැම්බර් 26 ඉඳන් නොවැම්බර් 15 අතර කාලය තමයි දවස් 51 වෙන්නෙ.  ඒක ඉතින් උපරිම කාලය. එන්න එන්න කාලය අඩුවෙනවා.

අපි ලබාගන්න හැම  ක්‍රෙඩිට් කාඩ් එකටම ගන්න කලින් වාර්ෂික සාමාජික ගාස්තුවක් (Annual Fee) ගෙවන්න ඕනෙ. ඒක බැංකුව - කාඩ් වර්ගය මත වෙනස් වෙනවා. මේ මුදල සාමාන්‍යයෙන් රුපියල් 750 ඉඳල 5000ක් හෝ ඊට වැඩි වෙන්න පුළුවනි. ඒත් සමහර මාකටින් කැම්පේන් වලදි මේ සාමාජික ගාස්තුව නැතුව කාඩ් එක පිරිනමනවා. මතක තියාගන්න ඕනෙ මෙහෙම පිරි නමන කාඩ් එක වලංගු කරල දෙන්නෙ අවුරුද්දකට නොවන වග. පළවෙනි අවුරුද්ද නිකන් වුනාට දෙවනි අවුරුද්දෙ මේ ගාස්තුව කපා ගන්නෙ කියල නෙමෙයි. ඒ බව දන්නෙ ගිණුම් ප්‍රකාශනය ආවහම තමයි. 

ඊළඟට වෙන්නෙ ඔබ ගැන විමසිල්ලෙන් ඉන්න බැංකුව ඔබට අමතර කාඩ් පතක් පිරිනමනවා. ඒ ඔබේ සහකරුට හරි සහකාරියට හරි. හුඟක් වෙලාවට සාමාජික ගාස්තු නැතිවම. ඔබේ ණය සීමාවෙන් අඩක් පමණ. සාමාන්‍යෙයන් අපි නිකන් ලැබෙන ඕනෑම දෙයක් ගන්න සූදානම් නිසා දෙපාරක් හිතන්නෙ නැතුව මේ කාඩ් එක ගන්නවා.ඉතින් දෙවනි අවුරුද්දෙ ඉඳන් සාමාජික ගාස්තු එක්ක අමතර වියදම් ගොඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

හිතන්න මට මගේ ගිණුම් ප්‍රකාශනයට අදාල මුදල් ගෙවන්න තියෙන්නෙ ‍මාසෙ 15 කියල. මට ගෙවන්න තියන අවම ප්‍රමාණය (සාමාන්‍යයයෙන් මුළු මුදලින් 5%ක් විතර) මම ගෙවනවා කියල. එතකොට මම 16 වෙනිදා මුළු මුදලම ගෙව්වත් ඒ මාසෙටම පොලිය (2%) හැදිල අවසන්. මේ දේ සිද්ධවෙන්නෙ මුළු මුදලටමයි. ඉතිරි කිරීමේ ගිණුමක පොලිය හැදෙන්නෙ දවසින් දවසට වුනාට ක්‍රෙඩිට් කාඩ් වල දවසක් ගියත් මාසෙකටම පොලිය හදනවා. (මේක හුඟක් බැංකු කරන දෙයක්. බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන දෙයක් )

හැම ගිණුම් ප්‍රකාශනේම ගෙවිය යුතු අවම මුදලක් තියනවා. හැබැයි ඒක ගෙවන්න තියන දවසට ගෙව්වෙ නැත්තම් ප්‍රමාද ගාස්තු (Late Payment Fee) හැටියට අමතර ගාස්තුවක් ගන්නවා. මේක  මුළු මුදලින් 5%ක් හරි ස්ථීර ගාස්තුවක් හරි (දෙකෙන් ලොකු එක මිස පොඩි එක නෙමෙයි). ඒ වගේම තමන්ගෙ ණය සීමාව පැන්නහමත් මේ වගේ මුදලක් ගෙවන්න වෙනවා.

මාසයක් අවසානයෙදි තමන්ගෙ අතට එන ගිණුම් ප්‍රකාශනය බලන්න. තමන්ට අදාල නැති අයිතම කීයක් තියනවද? තැපැල් ගාස්තු, මේ මාසයට පොලිය, ලබන මාසයට පොලිය, ගැලපුම් ගාස්තු, බදු, ප්‍රමාද ගාස්තු... මේවා නම් ඉතින් දැනගන්න වෙන්නෙ බැංකුවෙ හොට් ලයින් එකට කතා කරල එතන ඉන්න අක්ක කෙනෙක් එක්ක වලියක් දාගෙන තමයි.

හුඟ දෙනෙක් ක්‍රෙඩිට් කාඩ් ගන්නෙ ඒවාට හම්බවෙන ආකර්ශනීය ප්‍රවර්ධන ව්‍යාපාර හන්දයි. (Promotion) අපි මතක තියාගන්න ඕනෙ මේ ප්‍රමෝෂන් නැතිනම් බැංකු වලට පාඩු විඳින්න සිද්ධ වෙන බව. ඔවුන්ට අවශ්‍යය වෙන්නෙ කොහොම හරි අපේ කාඩ් එකෙන් සල්ලි වියදම් කරවන එකයි. නැත්තම් බැංකු වලට කෝ සල්ලි? ඒ සඳහා කරන්න තියන ලේසිම දේ තමයි බිස්නස් ප්‍රමෝෂන්.

ක්‍රෙඩිට් කාඩ් වලින් වෙන්නෙ  ආවේගශීලී මිලට ගැනීම්. ඒ කියන්නෙ මිනිස්සුන්ට අවශ්‍යය නැති දෙයක් වුනත් ගන්න හිතෙන එක. කෙනෙක් මුදල් වලින් ගෙවීම් කරනකොට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ. ක්‍රෙඩිට් කාඩ් මගින් ගණුදෙනු කරන කොට ඒ අවස්ථාවෙම මුදල් වියදම් වීමක් සිද්ධ නොවෙන නිසා කෙනෙක්ට මේ භාන්ඩය මිලදී ගන්න හිතක් පහල වෙනවා. (මනුස්ස සොබාවය නෙ)  හුඟක් වෙලාවට සුපිරි වෙළද සැල් වල සහ හෝටල් වෙන්නෙත් මේ දේම තමයි. ඉතින් මේ දෙකම එකතු වුනහම ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන් හන්දා හුඟක් බැංකු අලෙවි ප්‍රවර්ධනයට යොදාගන්නෙ සුපිරි වෙළඳ සැල් සහ හෝටල්ම තමයි. 5% ඉඳන් 50% වෙනකන් දීමනා දුන්නත් හැම දීමනාවක්ම කොන්දේසිවලට යටත්ව තමයි හම්බවෙන්නෙ.

ඒවගේම හැම දීමනාවක්ම වගේ සුපිරි සුඛෝපභෝගී ජීවිත ගෙවන්න මිසක් සාමාන්‍යෙයන් එදිනෙදා මිලදී ගැනීම් වලට අදාල දීමනා අලෙවි ප්‍රවර්ධන සිද්ධවෙන්නෙ නැති බවත් මතක තියාගන්න ඕනෙ. තරු පන්තියේ හෝටලේකින් 50%ක් අඩුවට වේලක් කන්න මිසක් සුපර් මාකට් එකෙන් පරිප්පු 500ක් ගන්න ක්‍රෙඩිට් කාඩ් ප්‍රමෝෂන් අදාල වෙන්නෙ නෑ. සුපිරි ඇඳුම් වෙලඳ සැලකින් 25%ක්  අඩුවට ඇඳුම් ලැබුනට පොඩි කඩේකින් චීත්ත රෙදි කෑල්ලක් ගන්න මේ ප්‍රමෝෂන් වලංගු නැත.

ඒ කියන්නෙ මේ ඔක්කොම ප්‍රමෝෂන් කාඩ් හිමියාගෙන් කුට්ටිය පිටින්ම වියදම් කිරීම උදෙසා පමණක් බව මතක තියාගන්න.

තවත් වෙළඳ ප්‍රවර්ධන අංගයක් වෙන්නෙ පොළී රහිත වාරික ගෙවීම් ක්‍රම. උඩින් බැළුවොත් මේකෙන් බැංකුවට කිසිම ලාබයක් නෑ වගේ. නමුත් මේකෙදි වෙන්නෙ මුලින්ම කිසියම් මුදලක් (මිලදී ගන්නා භාන්ඩය මත වෙනස්වෙන) ලියකියවිලි ගාස්තු / බැංකු ගාස්තු විදිහට බැංකුව අයකරගන්න එක. ඊට පස්සෙ භාන්ඩයේ වටිනාකම ක්‍රෙඩිට් කාඩ් එකේ ණය සීමාවෙන් අඩු කරල මාසිකව ගෙවන ගානත් එක්ක ණය සීමාව වැඩි කරන එක. බැංකුවෙ ගාස්තුව භාන්ඩය මිලට ගන්න කොටම බැංකුව අයකරගෙන ඉවරයි. මේකෙන් බැංකුවට වෙන අමතර වාසියක් තියනවා. ඒ ණය සීමාවේ උපරිමේටම ආපු පාරිභෝගිකයට ණය සීමාව වැඩි කරල දීල තවත් ඔරොත්තු නොදෙන තරමේ වියදම් ඇතිකරන එක.

මේ ඔක්කොටම වඩා කරදරේ සල්ලි ගෙවන්නෙ නැතුව දවස් දෙක තුනක් ගියහම දවසට දෙතුන්වරක් කෝල් එකක් දීල අපිට ඒක මතක් කරල දෙන එක.

මම මෙතන සඳහන් කරල තියෙන්නෙ මතක් වෙච්ච ටිකක් විතරයි. මෙන්න මේ කරුණු ටික ටිකක් සිහියෙ තියාගත්තහම (මේවා මට හම්බවෙච්ච උපදෙස්) ක්‍රෙඩිට් කාඩ් වලින් ගණුදෙනු කරන ටිකක් ලේසි වෙයි.

ණය සීමාව තමන්ගෙ පඩිය වගේ දෙගුණයක් වුනාට උපරිම විදියට පඩියෙන් බාගයක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් වියදම් කරන්න පුළුවන් නම් හුඟත් හොඳයි. තව පුළුවන් නම් ණය සීමාව ටිකක් අඩුකරගත්තට කමක් නෑ.

ණය පියවන දිනය ඔබේ අතේ මුදල් රැඳෙන දිනයකට යොදාගන්න. (25 පඩි හම්බ වෙනව නම් 28 විතර)
ක්‍රෙඩිට් කාඩ් එකේ උපරිම වාසිය ලැබෙන්නේ ණය පියවන දිනයටම මුදල් ගෙවනවානම් විතරයි. ඒ දිනය හිතේ තියාගෙන වැඩ කරන්න.

කවදාවත් අඩුම මුදල ගෙවන්න එපා. හැකි හැම විටම මුළු මුදලම ගෙවන්න. අමතර පොලී වලින් වැලකෙන්න පුළුවන් එතකොට.

මිළදී ගැනීම් වලදී හැමවිටම උපරිම දින සීමාව ගැන මතක තබා ගන්න.

හැකි හැමවිටම මුදල් භාවිතා කරන්න.

Monday, October 14, 2013

ඉගිල්ලෙන මාළුවෝ - Flying Fish Sinhala Film Free Download

සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය ලංකාව තුල ප්‍රදර්ශනය තහනම් කරනු ලැබුවකි'


Friday, September 13, 2013

නොමිලේ 100GB Cloud Storage එකක්

Kim Dotcom ගේ Mega සේවාව අභියෝගයට ලක් කිරීම සිව් දෙනෙකුගේ මුල පිරීමෙන් ආරම්භ වන මෙම අලුත් ක්ලවුඩ් හොස්ටිං සේවාවේ මූලික අරමුණ වී තිබෙනවා. drag and drop ක්‍රමයට ඉතා ඉක්මනින් හා පහසුවෙන් ෆයිල් ෂෙයාරිං කටයුතු කළ හැකි මෙහි මූලිකම විශේෂත්වය වන්නේ මේ හා සමාන අනෙක් සේවාවන් අභිබවා යමින් නොමිලේ 100GB ඉඩක් සැපයීමයි.


[IMG]


100GB ඉඩක් ලබා දෙන මෙම සේවාව සඳහා අප්ලෝඩ් කළ හැකි උපරිම ෆයිල් සයිස් එක 2GB වනවා. ඔබට 100GB වලට අමතරව තවත් ඉඩ උවමනා නම් එය මිළ දී ගැනීමටද මෙම වෙබ් අඩවිය අවකාශ සලසා තිබෙනවා. තවමත් ජනප්‍රිය වෙමින් පවතින අලුත්ම සේවාවන් වන shared.com වෙත පිවිසී ඔබගේ ගිගාබයිට් 100ක නොලිලේ ඉඩ ලබා ගැනීමට පහත සබැඳිය භාවිතා කරන්න.



මෙහිදී ඔබගේ ෆයිල්ස් ඔබට කැමති පරිදි organize කර ගැනීමටත් පහසුකම් තිබෙනවා. එමෙන්ම, mp3, pdf වැනි ෆයිල්ස් ඩවුන්ලෝඩ් නොකර ව්‍රවුසරය තුළදීම බලා ගැනීමටත් හැකියි. මෙම සේවාව භාවිතා කිරීම සඳහා ඩ්‍රොප්බොක්ස් වලදී මෙන් කිසිම මෘදුකාංගයක් ස්ථාපනය කිරීම අවශ්‍ය වන්නේ නැහැ.



[IMG]

Monday, September 9, 2013

කැතී පෙරී හිට් කරපු රෝර් - Katy Perry - Roar (Official)


කැතී පෙරී ගයන රෝර් මියුසික් වීඩියෝව මේ දිනවල අන්තර්ජාලයේ විශේෂ කථා බහකට ලක්ව තිඛෙනවා. මිලියන 16 කට වැඩි පිරිසක් යූ ටියුබ් ඔස්සේ දැනටමත් නරඹා තිඛෙන මේ ගීතය ගුවන් අනතුරකින් පසු කැලයේ තනිවූ තරුණියක විඳින අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය වූවකි......

Thursday, September 5, 2013

මයික්‍රොසොෆ්ට් නොකියා මිලදී ගනී





ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ජංගම දුරකථන නිෂ්පාදනයෙහි  ප්‍රබලයෙකු වන නොකියා ජංගම දුරකථන සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 7.2කට මිලදී ගන්නට නියමිත ය.

ඉතා ශක්තිමත් වෙළදපොලක් සහිත ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වූ නොකියා සමාගමට, ඇපල් සහ සැම්සුන්ග් දුරකථන සමාගම් සමග තරග කිරීමට නොහැකි වීමෙන් දිගින් දිගටම තම වෙළදපොල තත්ත්වය කඩා වැටුනි.

2010
වර්ෂයේ සිට නොකියා ස්මාර්ට් දුරකථන සදහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කෙරුනත් එය සැම්සුන්ග් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් සමාගමේ IOS මෙහෙයුම් පද්ධති සමග සටනක් දීමට නොහැකි තත්ත්වයට පත් විය.

2007
වර්ෂයේදී ලොව ජංගම දුරකථන අතුරින් 40% ක ප්‍රතිශතයකට හිමිකම් කියූ නොකියා සමාගම මෙම වසර වනවිට හිමි කරගෙන සිටින්නේ 15% තරම් අගයක් පමණි. එම අගයෙනුත් ස්මාර්ට් දුරකථන සදහා හිමි කරගෙන ඇත්තේ 3% තරම් අගයකි.

නොකියා සියලුම සමාගම් වල අගය 2007 වසර වනවිට යූරෝ බිලියන 200ක් ව තිබූ අතර මේ වනවිට එහි වටිනාකම යූරෝ බිලියන 15 දක්වා පහත වැටී ඇත.

පසුගියදා මයික්‍රොසොෆ්ට් විධායක නිලධාරියෙකු වූ ස්ටීව් බාර්මර් විශ්‍රාම ගත් අතර එම තනතුරෙහි හිඩැස පිරවීමට නොකියා සමාගමේ විධායක නිලධාරී ස්ටෙෆන් එලොප් පත්විය හැකි බවයි ජ්‍යාත්යන්තර අර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ස්ටෙෆන් එලොප් නොකියා සමාගමෙහි ප්‍රධානියා වූ දා පටන් එම සමාගමෙහි කොටස් වෙළද පොල අගය ඉතා සීඝ්‍ර ලෙස පහත වැටුනි.

මෙම මිලදීගැනීම 2014 වසරට පෙර සිදුවන අතර ඉන් පසු 32,000ක් පමණ වන නොකියා සේවකයින් මයික්‍රෝසොෆ්ට් සේවකයින් වනු ඇති.

Wednesday, September 4, 2013

ඩෝන්ගලයෙන් free වීඩියෝ කෝල් ගමු.........


මේකෙන් ඔයාලට පුලුවන් වීඩියෝ කෝල් ගන්න පුලුවන් සිම් එකක් ඩොන්ගල් එකට දාගෙන ඉන්ටර්නෙට් ලොග් වෙන්නෙ නැතුව වීඩියෝ කෝල් ගන්න....
මුලින්ම කරන්න තියෙන්නේ පහත ලින්ක් එකෙන් අලුත් mobile partner සොෆ්ට්වෙයා එක ඩවුන් කරගෙන ඉන්ස්ටෝල් කර  ගන්න..ඊට පස්සේ  ඉන්ස්ටෝල් කර ගත්ත mobile partner ඕපන් කරගත්තහම ඒකේ වීඩියෝ කෝල් අයිකන් එකක් ඇති..........3G phone එකක් නැති අයටනම් මේක ගොඩක් වැදගත් වෙයි....