Friday, September 13, 2013

නොමිලේ 100GB Cloud Storage එකක්

Kim Dotcom ගේ Mega සේවාව අභියෝගයට ලක් කිරීම සිව් දෙනෙකුගේ මුල පිරීමෙන් ආරම්භ වන මෙම අලුත් ක්ලවුඩ් හොස්ටිං සේවාවේ මූලික අරමුණ වී තිබෙනවා. drag and drop ක්‍රමයට ඉතා ඉක්මනින් හා පහසුවෙන් ෆයිල් ෂෙයාරිං කටයුතු කළ හැකි මෙහි මූලිකම විශේෂත්වය වන්නේ මේ හා සමාන අනෙක් සේවාවන් අභිබවා යමින් නොමිලේ 100GB ඉඩක් සැපයීමයි.


[IMG]


100GB ඉඩක් ලබා දෙන මෙම සේවාව සඳහා අප්ලෝඩ් කළ හැකි උපරිම ෆයිල් සයිස් එක 2GB වනවා. ඔබට 100GB වලට අමතරව තවත් ඉඩ උවමනා නම් එය මිළ දී ගැනීමටද මෙම වෙබ් අඩවිය අවකාශ සලසා තිබෙනවා. තවමත් ජනප්‍රිය වෙමින් පවතින අලුත්ම සේවාවන් වන shared.com වෙත පිවිසී ඔබගේ ගිගාබයිට් 100ක නොලිලේ ඉඩ ලබා ගැනීමට පහත සබැඳිය භාවිතා කරන්න.



මෙහිදී ඔබගේ ෆයිල්ස් ඔබට කැමති පරිදි organize කර ගැනීමටත් පහසුකම් තිබෙනවා. එමෙන්ම, mp3, pdf වැනි ෆයිල්ස් ඩවුන්ලෝඩ් නොකර ව්‍රවුසරය තුළදීම බලා ගැනීමටත් හැකියි. මෙම සේවාව භාවිතා කිරීම සඳහා ඩ්‍රොප්බොක්ස් වලදී මෙන් කිසිම මෘදුකාංගයක් ස්ථාපනය කිරීම අවශ්‍ය වන්නේ නැහැ.



[IMG]

No comments:

Post a Comment