Thursday, September 5, 2013

මයික්‍රොසොෆ්ට් නොකියා මිලදී ගනී





ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ජංගම දුරකථන නිෂ්පාදනයෙහි  ප්‍රබලයෙකු වන නොකියා ජංගම දුරකථන සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 7.2කට මිලදී ගන්නට නියමිත ය.

ඉතා ශක්තිමත් වෙළදපොලක් සහිත ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වූ නොකියා සමාගමට, ඇපල් සහ සැම්සුන්ග් දුරකථන සමාගම් සමග තරග කිරීමට නොහැකි වීමෙන් දිගින් දිගටම තම වෙළදපොල තත්ත්වය කඩා වැටුනි.

2010
වර්ෂයේ සිට නොකියා ස්මාර්ට් දුරකථන සදහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කෙරුනත් එය සැම්සුන්ග් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් සමාගමේ IOS මෙහෙයුම් පද්ධති සමග සටනක් දීමට නොහැකි තත්ත්වයට පත් විය.

2007
වර්ෂයේදී ලොව ජංගම දුරකථන අතුරින් 40% ක ප්‍රතිශතයකට හිමිකම් කියූ නොකියා සමාගම මෙම වසර වනවිට හිමි කරගෙන සිටින්නේ 15% තරම් අගයක් පමණි. එම අගයෙනුත් ස්මාර්ට් දුරකථන සදහා හිමි කරගෙන ඇත්තේ 3% තරම් අගයකි.

නොකියා සියලුම සමාගම් වල අගය 2007 වසර වනවිට යූරෝ බිලියන 200ක් ව තිබූ අතර මේ වනවිට එහි වටිනාකම යූරෝ බිලියන 15 දක්වා පහත වැටී ඇත.

පසුගියදා මයික්‍රොසොෆ්ට් විධායක නිලධාරියෙකු වූ ස්ටීව් බාර්මර් විශ්‍රාම ගත් අතර එම තනතුරෙහි හිඩැස පිරවීමට නොකියා සමාගමේ විධායක නිලධාරී ස්ටෙෆන් එලොප් පත්විය හැකි බවයි ජ්‍යාත්යන්තර අර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ස්ටෙෆන් එලොප් නොකියා සමාගමෙහි ප්‍රධානියා වූ දා පටන් එම සමාගමෙහි කොටස් වෙළද පොල අගය ඉතා සීඝ්‍ර ලෙස පහත වැටුනි.

මෙම මිලදීගැනීම 2014 වසරට පෙර සිදුවන අතර ඉන් පසු 32,000ක් පමණ වන නොකියා සේවකයින් මයික්‍රෝසොෆ්ට් සේවකයින් වනු ඇති.

No comments:

Post a Comment