Tuesday, August 20, 2013

Mobile Partner අලුත්ම version එක........

Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. අද  Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකක් ඔන්න. මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා.


මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ. ස්ලෝ ගතියකුත් නෑ. Call පහසුකම ඇතුලුව Statistics Internet usage , Track Data usage , Wifi Hotspot (New) , Change Your Mobile Partner Screen Background by Your favorite Pic යන අන්ග හදුන්වන්න පුලුවන්.නියම බාණ්ඩයක් !




මේ තියෙන්නේ Call පහසුකම

මේ තියෙන්නේ USSD පහසුකම

Track Data Usage පහසුකම

අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය
පෙන්වන Connection Statistics Window එක.

WI-FI Hotshot රන්ත් පුලුවන්.


Mobile Partner About [ Mobile Partner 23.009.09.02.910 ]



අපිට පුලුවන් මේකේ Background එකට අපි කැමති Pic එකක් දාගන්න.





අලුත් පෙනුම

ෆෝන් එකෙන් කරන ඔක්කොම වැඩ ටික computer එකෙන්

ජංගම දුරකථනයක් නිතර භාවිතා කරන ඔබට. ඔබගේ දුරකථනය මගින් සිදුකරගන්නා කාර්යයන් සියල්ල ඔබගේ දුරකථනය පරිගණකයට සම්බන්ධ කර ඔබගේ පරිගණකය හරහා සිදු කර ගැනීම ට හැකි මෘදුකාංගයක් වන My phone explorer මෘදුකාංගය ඔබට පහසුකම් ‍රැසක් සපයන මෘදුකාංගකි.

මුලින්ම කියන්න ඕනෙ මෙම මෘදුකාංගය ඔබට භාවිතා කළ හැක්කේ Sony සහ Android ජංගමදුරකථන සමග පමණයි. බාවිතයට ඉතා පහසු මෙම මෘදුකාංගයෙහි අතුරැ මුහුණත ඔබට පහසුකම් රැසක් සපයනවා. මේ මෘදුකාංය මටනම් ගොඩක් වැදගත් වන්නේ SMS කිරීම සදහා. පහත රෑපය මගින් ඔබටත් අවභෝධ වේවි. මෙම මෘදුකාංගය කොතරම් වැදගත් මෘදුකාංගයක්ද කියා.
එපමණක් නොව මෙම මෘදුකාංයේ තව වැදගත් පහසුකමක් තමයි ඔබගේ දුරකථනය ඔබගේ පරිගණකයෙහි යතුරැ පුවරැව හරහා හැසීරවීමට හැකිවීම සහ ඔබගේ දුරකථනයෙහි screenshot ලාබා ගැනීමට ඇති පහසුකම.
 ඉතින් මෙම මෘදුකාංගයෙහි ඇති සියලු පහසුකම් ගැන කියල පොස්ට් එක දික් කරගන්න එක බොරැ වැඩක් පහත ලින්ක් එකට ගොස් මෙම මෘදුකාංගය download කරගෙනම බලන්න.

මෙතනින් Download කර ගන්න.

Friday, August 16, 2013

ක්‍රෙඩිට් කාඩ් වල තියෙන CVC / CVV / CVV2 මොනවාද ?

අද කාලේ රැකියාවක්, ව්‍යාපාරයක් කරන බොහෝ දෙනෙක් අතේ තියෙනවා අනිවාර්ය මෙවලමක් තමයි ක්‍රෙඩිට් කාඩ් එක. ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන ඕනෑම කෙනෙක් ගාව කාඩ් දෙකක් වත් තියෙනවා කියන එක තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න විද්වතුන්ගේ පිළිගැනීම. ඉතිං තියෙනවා වගේම තමයි පාවිච්චියත්. විශේෂයෙන්ම අන්තර්ජාල භාවිතාව. 2005 ඉඳලා 2010 දක්වා අන්තර්ජාල භාවිතාවට සාපේෂව පහුගිය අවුරුදු දෙකහමාර තුල ඉතාමත් ඉහල ගිහිං. ප්‍රධාන හේතුව තමයි ඊ-බේ ආකෘතියේ ඊ-වෙළඳාම් කරන වෙබ් අඩවි. 
අන්තර්ජාල ගනුදෙනු වලදී වංචා(Fraud) සහ අවභාවිතාවන්(misuse) වැඩි නිසාම ඇති වෙන ගැටලුත් වැඩියි. ඕනෑම කෙනෙකුගේ ක්‍රෙඩිට් කාඩ් පතේ අංකය තුන්වෙනි පාර්ශවයකට දැන ගන්න තියෙන ක්‍රම විශාල ප්‍රමාණයක් තියෙනවා. මාසිකව ඔබේ නිවසට ලැබෙන ප්‍රකාශනයෙන් වුනත් මේ අංකය පහසුවෙන් දැන ගන්න පුළුවන්. ඔබ කාඩ් පත භාවිතා කරමින් ගනු දෙනු කල රිසිට් පත්‍රය, ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගත් විට දෙනු ලබන මුද්‍රිතයේ මේවා දකින්න පුළුවන්. හැබැයි දැන් සම්පූර්ණ කාඩ් අංකය ඉහතින් දක්වපු රිසිට් පත්‍ර වල සටහන් වෙන්නේ නෑ. ඒක වෙනමම මාතෘකාවක් ඔස්සේ කථා කරන්න ඕනේ මාතෘකාවක්. ඊට අමතරව ඉලෙක්ට්‍රොනික් උපාංග භාවිතා කරමින්, සන්නිවේදන සබඳතා වලට සම්බන්ධ වීමෙන් කාඩ් අංක උකහා ගත්තු අවස්ථා එමටයි. අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරන විටදී විවිධ උපක්‍රම යොදමින් කාඩ් අංක සොරා ගන්නා අවස්ථාත් එමටයි. 
ගනුදෙනුකරුවෙක් අන්තර්ජාලය ඉදිරියේ ඉඳගෙන භාවිතා කරන්නේ නියම කාඩ්පතද කියල දැන ගන්න තමයි සීවීසී (CVC) අංකය කරලියට එන්නේ. CVC කියන්නේ Card Verfication Code සමහර අවස්ථා වල මේක CSC - Card Security Code විදියටත් ආමන්ත්‍රණය කරනවා. මාස්ටර්කාඩ් ආයතනය තමයි මේක මුලින්ම භාවිතා කලේ, ඒ 1997 දී. වීසා ආයතනය එය භාවිතා කරන්නේ 2001 දී. අපි මේ CVC, CVV, CVV2 ගැන කථා කලාට, බොහෝ දෙනෙක් ළඟ කාඩ් පත් තිබුණාට, මේ අංකය සටහන් වෙලා තියෙන්නේ කොහේද කියලා බොහෝ දෙනෙක්ට අවුබෝධයක් නෑ. මම එහෙම කියන්නේ අන්තර්ජාල ගනුදෙනු අතරමැද්දේ ඉඳගෙන මේ අංකය හොයා ගන්න ලැබෙන ඇමතුම් නිසා. හරි අපි මේක පින්තූරයකින්ම බලා ගමු. 
පින්තූරය ගත්තේ : www.iweb2cell.com
වීසා හා මාස්ටර් ආයතන මේක මුද්‍රණය(engrave) කරන්නේ කාඩ්පත පිටුපස. ඇමෙරිකන් එක්ස්ප්‍රස් ආයතනය මේක ඉදිරිපසම මුද්‍රණය කරනවා. මෙතන අමෙක්ස් ආයතනය පොඩි ප්‍රයෝගයක් කරනවා. ඔවුන් කාඩ්පත පිටුපස වීසා හා මාස්ටර් ආයතන මුද්‍රණය කරන තැනම ඉලක්කම් තුනේ අංකයක් මුද්‍රණය කර තිබෙනවා. නමුත් නිවැරදි අංකය ඉදිරිපස තිබෙන ඉලක්කම් හතරකින් යුත් අංකයයි. 
වර්තමානයේ ඔබේ කාඩ්පතේ පිටුපස තිබෙන අංකය CVV2 වශයෙන් හඳුන්වනවා. මෙහිදී පෙර පැවති CVV අගය හා මෙහි ඇති එකම වෙනස නම් මෙම CVV2 අංකය අනුමාන කිරීමට අපහසු එකක් වීමයි. එහෙම කියන්නේ මේ ආයතන දෙකමයි. එය දෙවන පරම්පරාවේ (2nd Generation) අංකයක් ලෙසයි හඳුන්වන්නේ. එහෙත් ඉලක්කම් තුනක, අහඹු ලෙස තෝරාගත් අංකයක් අනුමාන කිරීම අපහසු වුවද, මතක තබා ගැනීමේ කිසි ගැටළුවක් නැත. අද දින ඔබට මෙන්ම මටද තිබෙන ගැටලුව එයයි. 
මෙම අංක සහ රහස් අංක කිසිදු විටෙක පටලවා නොගෙන භාවිතා කිරීම ඉතා වැදගත්. දුරකථනය මගින් ඔබේ කාඩ් අංකය සහ CVC අංකය ලබා දුන්නත්, රහස් අංකය කිසිවෙකුට හෙළි නොකිරීමට ඔබ වග බලා ගත යුතුයි.

QR Code සහ එහි භාවිත ස්මාර්ට් දුරකථන

QR Code මුලින්ම භාවිතයට ගන්නේ රථවාහන  කාණ්ඩ කිරීමේ කේතයක් ලෙසටයි. ටොයෝටා සමාගමේ හවුල්කාර සමාගමක් වන ඩෙන්සෝ සමාගම විසින් 1994 දී මෙය දියුණු කරන්නට යෙදුනු අතර මෙහි ඇති වේගවත් භාවය හා ධාරිතාවය නිසා QR Code ඉතා ඉක්මනින් ජනප්‍රිය විය. අප ලබාගන්නා පාරිභෝගික භාණ්ඩයක, ඉලොක්ට්‍රොණික උපාංගයක් හෝ ලිපි ද්‍රව්‍ය වල මුද්‍රණය කර ඇති කළු පැහැදි ඉරි සමූහයක් වැනි බාර් කෝඩ් හා සමාන ඊට වඩා බොහෝ සෙයින් උසස් තත්වයේ ක්‍රමයක් ලෙස QR Code හදුන්වා හිය හැකිය. ඇහි ඇතුලත් කේත ඉතා ඉක්මනින් ස්කෑන් කර තොරතුරු ලබාගත හැකි නිසා Quick Response Code - QR Code ලෙස මේවා නම් කර තිබේ. බාර් කෝඩ් එකකදී තොරතුරු ගබඩා වන්නේ ඒක මාන ලෙසය. එහෙත් QR Code එකක තොරතුරු ගබඩා වන්නේ ද්විමාන ලෙසටයි. ඒ සමචතුරස්‍රාකාර හැඩයක් තුල කුඩා කොටු ආකාරය ගත් කේත ආකාරයට දත්ත ගබඩා කෙරේ. මෙහි තිබෙන ප්‍රධාන වාසිය නම් බාර් කෝඩ් එකක තැම්පත් කල හැකි තොරතුරු ප්‍රමාණය 2cm තරම් කුඩා ඉඩකින් QR Code එකක් තුල අඩංගු කල හැකි වීමයි

මෙම QR Code ජපානය, ඇමරිකාව සහ යුරෝපා රටවල ද බොහෙවින්ම ප්‍රචලිත වී තිබේ. මෙහි තිබෙන ප්‍රධාන ලක්ශණයක් වන්නේ භෞතික ලෝකය හා ඩිජිටල් ලෝකය එකතු කිරීමේ මාධ්‍යක් ලෙස OR Code ක්‍රියාකරලීමයි. අපි විසින් QR Code ක්‍රියාත්මක කරවා ගැනීමට නම් අවශ්‍යතා දෙකක් සපුරාගත යුතුයි. පළමු වන්න QR Code Reader මෘදුකාංගයක්දෙවනුව මෙම මෘදුකාංගය Install කල හැකි පුද්ගල පරිගණකයක්, ටැබ්ලට් පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් අවශ්‍යතාවය වේ. ලෝකයේ වැඩියෙන්ම QR Code භාවිතයට ගැනෙන්නේ ස්මාට් ජංගම දුරකථන ආශ්‍රිතවයි



අපි විසින් සකස් කරගන්නා QR Code එකක් තුලට අක්ෂර 4296 ක් සහ අංක පමණක් නම් 7089ක් උපරිම වශයෙන් සමචතුරස්‍රාකාර QR Code එක තුලට ඇතුලත් කර තැබිය හැකමෙයට ඔබේ වෙබ් ලිපිනයනිෂ්පාදිත හෝ වෙළදනාමයන්පෞද්ලික ලිපිනයදුරකථන අංකය හා තමාගේ නම්පත් උවත් ඇතුලත් කර තබාගත හැකියමෙහි භාවිතය වඩාත් පහසුවන්නේ ස්මාට් ජංගම දුරකථනයක් හෝ පුදරගල පරිගණකයක් ආදාරයෙන් කැමරාව යොමු කර QR Code Reader එක විවෘත කර මේ කේතය ස්කෑන් කල විට ස්වංක්‍රීයවම අදාලා වෙබ් අඩවියට පිවිසීමයිමෙම QR Code එකක් කියවීමට ගත වන්නේ තප්පර 05ක තරම් කුඩා කාලයක් නිසා වඩාත් කාරයක්ෂම වේමෙහි කියවීමෙන් අනතුරුව එහි ඇතුලත් වන නම්පත් ඔබගේ දුරකථනයේ Contact List එක තුලටද ඇතුලත් කර ගැනීමට පුළුවනඇමරිකාවජපානය වැනි දියුණු රටවල දුම්රිය කලාසටහන් මේ ආකාරයටද මුද්‍රණය කර තිබේකුඩා ඉඩක් තුල වැඩි තොරතුරු ප්‍රමාණයක් රදවා තබා ගත හැකි නිමා මෙය  ඉතා වාසිදායක ප්‍රචාරක ක්‍රමයකිඔබ සතු QR Code එක පලුදු වී ඇත්නම් එහි ඇති දෝෂ සහිත තැන් නිවැරදි කර කියවීමට (Error Correction) මේ යාන්ත්‍රනයට හැකියාවක් ඇත.





QR Code එකක් සකස්කර ගැනීම

QR Code එකක් සකස් කර ගැනීමට ඔනෑම කෙනෙකුට පුළුවනතමන්ට අවශ්‍ය තොරතුරු ඇතුලත් කර QR Code එක සකස් කරගැනීමට පහත වෙබ් අඩවියට පිවිස ඔබේම QR Code එකක් සකස් කරගන්නhttp://www.i-nigma.com/createBarcodes.html

Wednesday, April 3, 2013

ebay එකෙන් නියමෙටම search කරන්න


Ebay කියන්නේ අපිට අලුත් මාතෘකාවක් නෙවෙයි නේ.ඒත් මම අද කියන දේ නම් මෙතෙක් සිංහල බ්ලොග් එකක පල වෙලා නෑ.මම මේ ලිපිය ලියන්ඩ කලින් google එකේ search කරලා බැලුවා.ඒ සම්භන්ධව ලිපියක් තිබ්බේ නෑ.ඒ නිසා තමා මේක ලියන්ඩ ගත්තේ.

අපි හැමෝම වගේ යන්නේ  ebay.com කියන එකට.අපි බඩුවක් ගන්න ඕන උනාම search කරන්නේ ඔය site එකේ.ඒ කියන්නේ අපිට පෙන්නන්නේ ඔය ebay.com එකේ තියන ඒවා විතරයි
.එත් ebay එකේ තව site ගොඩක් තියනවා.ඒවගේ තියන බඩුත් බලන්නනම් අපි ඒ රටේ විදිහට log වෙන්න ඕනේ.ebay.com එකේ පෙන්නන්නේ USA වල දාන ඒවා.(වෙන රටවල් වලින් දාන ඒවත් නෑ කියනවා නෙවේ.ඒත් අනිත් රටවල් වල තියන ගොඩක් බඩු මේකෙදි අහු වෙන්නේ නෑ)

අද මම කියන්නේ ඒ site ඔක්කොගේම තියන ඒවා එකම තැනකින් බලාගන්න විදිහ ගැන. මුලින්ම බලන්ඩකෝ ebay එකේ තියන site ටික.




































100% නොමිලේ sms news alert එකක් ලබා ගන්න.


ගොඩ දෙනෙක් news alerts පාවිච්චි කරනවනේ.ඒවාට අඩුමතරමේ මාසෙකට Rs.30ක් වත් යනවා.මම අද දෙන්න යන්නේ 100% නොමිලේ sms news alert එකක් දාගන්න හැටි කියලා දෙන්ඩ.තේරෙන සිංහලෙන්ම එසැනින් පුවත් කෙටියෙන්ම දැන ගන්න පුළුවන්.

කෙළවරක් නැතුව හැමෝටම වෙන විදිහේ කාටවත් වැඩක නැති අනවශ්‍ය පුවත් වලින් තොරයි.

කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි.
මුලින්ම ඔයාලගේ phone එක අරන් F vrnewz කියලා type කරලා 40404 ට send කරන්න.

එතකොට පොඩි පොඩි sms කීපයක් එනවා.ඊට පස්සේ ඔයාලහේ නම type කරලා 40404 ට send කරන්න.

දැන් වැඩේ හරි.මොකක් හරි උණුසුම් පුවතක් ලැබුන ගමන්ම ඔයාලට sms එකකින් එක දැනගන්න පුළුවන්.ඔයාලා news alert එකක් දාගෙන තිබ්බනම් එක අයින් කරන්ඩ.එතකොට ඒ ගානත් ඉතුරුයි.