Friday, February 10, 2012

නොමිලේ Mouse Pad එකක් ගෙදරටම ගෙන්න ගමු!

1. මුලින්ම http://www.tomtop.com/  site එකට යන්න
 

2. ඊට පස්සේ ඒ site එකේ register වෙන්න.
 
3. ඊට පස්සේ ඔයාගේ E-mail Address එකට Confirmation Link එකක් දේවි. ඒකට කොටන්න.

 

 
4. ඊට පස්සේ Registration Successful කියලා message එකක් එයි.

 



5. හරි. දැන් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. දැන් ඔය Page එකේ තියෙන Search Bar එකේ "C571" කියලා ටයිප් කරලා Go! බොත්තමට කොටන්න.

 
6. හරි! දැන් ඔය තියෙන්නේ ඔයාගේ Mouse Pad එක. එතන තියෙන Add to cart බොත්තමට කොටන්න.

   
7. දැන් Added to your Shopping Cart කියලා තියෙන තැන Shopping Cart කියන එක Click කරන්න.


8. දැන් ඔය TomTop Points කියලා තියෙන තැන 70 type කරලා Apply Points යන්න.

9.
දැන් Proceed To Checkout Click කරන්න.

10.
ඔය ලබා දෙන Form එකේ ඔයාගේ විස්තර ටික දීල Continue Click කරන්න.
      (
මතක ඇතුව Ship to this address කියන එක තෝරලා දෙන්න)
 

11. හරි. දැන් Shipping Method ඒකට free (0.00USD) දීල තියෙන option එක තෝරලා Continue කරන්න.
12. දැන් Payment Options වල Pay with Points දීල Continue කරන්න.

13.දැන් Order Review වල Place Order Click කරන්න.

14. වැඩේ ගොඩ! Continue Shopping Click කරලා ඊට පස්සේ Logout වෙන්න.
හරියටම හරි! Mouse Pad එක සති 2-3 ක් වෙද්දී ගෙදරටම එයි!

මේ  විදියට ඔයාලට Mouse Pad 100 ක් උනත් ගෙන්න ගන්න පුළුවන්, හැබැයි E-mail Addresses 100 ක් තියෙන්න ඕනි!

Thursday, February 9, 2012

Facebook එකෙන් Phone එකට නොමිලේ Reloads!!!....

 
කැමතිද නොමිලේම 4n එකට Reloads දා ගන්න??
මෙන්න ක්‍රමය, පියවරෙන් පියවර.
මුලින්ම ෆේස් බුකියට ලොග් වෙලා හිටිමුකො.
ඊට පස්සේ පහල තියෙන ලින්කුව ක්ලික් කරන්න.....

http://apps.facebook.com/mobilewallet/?invitedby=1182396982

ලොග් වුනාම "Request For Permission" කියල ඔයාගේ Profile එකට Access කරන්න අවසර ඉල්ලයි. ඒකෙ "Allow" ක්ලික් කරන්න.

දැන් තමයි වැඩ පටන් ගන්නේ.

Sign Up Now කියන එක යටතේ ඔයාගේ Phone එකේ අංකය, රට, Carrier ( Operator ) ගැන විස්තර අහල ඇති, එකෙ හරියටම විස්තර ලබා දීල "I accept the Terms of Service" කියන Check Box එකත් Check කරලා Register ක්ලික් කරන්න.

දැනට නම්
Airtel
Dialog
Etisalat
Mobitel

Connections තියෙන අයට විතරයි මේ පහසුකම තියෙන්නේ.

දැන් Welcome Screen එක එයි. ඒකෙන් Next Click කරන්න.

Next කරනකොට උපදෙස් ඒවි. ඒ ටිකත් (කම්මැලි නැත්නම්) කියවල Next කරන්න. තව පාරක් next කරනකොට Start කියල Button එක වෙනස් වෙයි. ඒක ක්ලික් කරන්න.

දැන් හරි. ඔයාට දැනට Points 50 ක් ලැබිල ඇති. Points 140 ක් තියෙනවනම්
රුපියල් 100 ක රීලෝඩ් එකක් ගන්න පුළුවනි.

කොහොමද තව Points Add කර ගන්නේ??

හරිම ලේසියි.

Points 50 කියල තියෙන තැනට යටින් Validate කියල Link එකක් ඇති. ඒක Click කරලා ඔයාගේ Phone එකේ Number එක Validate කරන්න. එතකොත් තවත් Points 50 එකතු වෙයි.

Home එකට ගියාම Get More Embee Points Now කියල සඳහනක් ඇති. ඒක Click කරන්න. එකෙ Signup For Email Alerts කියල තියෙන තැන Click කරලා Signup වෙන්න. එතකොට තව Points 10 ක් එකතු වෙයි.

Earn ටැබ් එකට ගියාම Videos බලල Points Add කරගන්නත් පුළුවනි.

Friends ටැබ් එකට ගියාම ඔයාට ලැබෙන Reffral Link ඒක දීල යාළුවො සේරමත් මේකට එකතු කරගන්න. හැම යාලුවෙකුටම ඔයාට Points ලැබෙනවා( එක යාළුවාට Points 50 ගානේ ), යාළුවා Points 100 ක් එකතු කර ගත්තොත් ඔයාටත් Points 10 ක් ( 10% ) ලැබෙනවා.


Points 400 ක් එකතු කර ගත්තොත් ඔයාට රුපියල් 300 ක reload එකක් ලේසියෙන්ම ගන්න පුළුවනි. ( ගොඩ නේ ?? )

කොහොමද සල්ලි Phone එකට ගෙන්න ගන්නේ?

Redeem ටැබ් එකට යන්න. එතනින් ඔයාගේ Points ගාන අනුව Reloads ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්.

Tuesday, February 7, 2012

WiFi Hotspot එකක් හදාගන්න අන්තර්ජාලයත් එක්කම...


 
අපි ළඟ තියෙන ලැප්ටොප් එක ලේසියෙන් ම පට්ට WiFi Hotspot එකක් කරන්නේ කොහොමද කියලා තමයි කියන්න යන්නේ මේ! හිතමුකෝ අපි ළඟ රවුටර් එකක් ගන්න සල්ලි නෑ කියලා, ඉතින් කොහොමද අපි මැෂින් ගොඩක් සෙට් වෙන නෙට්වර්ක් එකක් හදාගන්නේ. ඉතින් ලැප් එකේ තියෙන WiFi පහසුකම පාවිච්චි කරලා නෙට්වර්ක් එකක් හදාගන්න හැමෝම දන්නවා ඇතිනේ. අද මේ කියන්න යන්නේ WiFi Hotspot එකකින් අන්තර්ජාල පහසුකම බෙදාගන්නේ කොහොමද කියලා.

සාමාන්‍යයෙන් WiFi පහසුකම පාවිච්චි කරන්නේ File Sharing කරන්නනේ. අපි නම් ඒකටත් නෙවෙයි පාවිච්චි කළේ... ගේම් ගහන්නනේ. හොස්ටල් එකේ කට්ටිය සෙට් වෙලා ලැප් 10 ක් 15ක් නෙට්වර්ක් කරගෙන Wulfenstein, Halo වලින් වෙඩි තියාගන්නවා, NFS වල කාර් පැද පැද ඉන්නවා, සමහර දවස් වල රෑ එකයි දෙකයි නිදාගනිද්දී.

කියාගෙන ආව එකෙන් පිටට ගියානේ, මේ Connectify කියන software එක ස්ථාපනය කරගත්තා ම ලේසියෙන් ම WiFi Hotspot එකක් හදාගන්න පුළුවන්. ඊටපස්සේ ඩොන්ගල් එකක් නැති යාළුවෙකුට අපේ අන්තර්ජාල සම්බන්ධතාවය හරහා ලේසියෙන් ම සම්බන්ධතාවය ලබාදෙන්න පුළුවන්. Configuration කරගන්න පුළුවන් විනාඩියෙන්. ස්ථාපනය කළාට පස්සේ Hotspot name 1, Password එක දුන්නා ම task bar එකේ WiFi device පෙන්නන තැන (Notification Tray එකේ )Connectify පෙන්නනවා. එතැනින් ලේසියෙන් ම අන්තර්ජාල පහසුකම ලබාදෙන කෙනාගේ WiFi Hotspot එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට අපේ පරිගණකයේ මේ මෘදුකාංගය තියෙන්න ඕනෙත් නෑ. බලන්නකෝ ඔයාලත් කැමති නම් බාගත කරගෙන ම....

Windows මුර පදය අමතක වුණාද..?

අද මම කියන්න යන්නෙ Windows වල මුර පදය අමතක උනොත් recover කරගන්න විදිහක් ගැන. මටත් Windows කිව්වම ඉතින් ජාති ගොඩක් තියනවනෙ, මෙන්න මේවා තමා ඒ,
NT 3.51, NT 4 (all versions and SPs),  Windows 2000 (all versions & SPs), Windows XP (all versions, also SP2 and SP3),  Windows Server 2003 (all SPs), Windows Vista 32 and 64 bit (SP1 also),  Window 7 (all variants). (Some say also Windows Server 2008 is OK)

මේ වගේ වෙලාවට මුලින්ම බලන්න ඕන Default Administrator Account එකේ මුර පදයක් නැද්ද කියල, ඒකට logging window එකේදි Ctrl + Alt + Delete දෙපාරක් ඔබල user name එකට Administrator කියල දීල මුර පදය නැතුව ඇතුලට යන්න පුලුවන්ද බලන්න. ( Safe Mode එකෙදි මේ Default Administrator Account එක logging window එකේ පෙන්වනව, Safe Mode යන්න Windows logo එක පේන්න කලින් F8 ඔබන්න ). ඒකෙ මුර පදයත් මතක නැත්නම් ඉතින් මේ විදිහට තමයි ගොඩ ගන්න වෙන්නෙ. මේ වැඩේට අපිට Bootable CD එකක් හදා ගන්න වෙනව. මම කියන්නම්කො කරන පිළිවෙල.


වැදගත් :
මේ විදිහට recover කළායින් පසුව කලින් තිබුනු encrypted files කියවීමට නොහැකි වේ,
අන්තිම පියවරේදි read only file system කියල error එකක් එනවනම් Safe Mode එකට ගිහින්
log in window එක ආපුවාම Shutdown කරල නැවත උත්සහ කරල බලන්න.
මොකද කලින් පාර හරියට Shutdown වෙලා තිබ්බෙ නැත්නම් අවුල්.

1. මෙතනින් ISO Image එක බාගන ISO Burn කරන මෘදුකාංගයක් පාවිච්චි කරල CD එක burn කරගන්න.
2. ඊට පස්සෙ මුර පදය අමතක වෙච්ච මැසිම ඒකෙන් boot කරන්න.
3. දැන් තියෙන්නෙ එන උපදෙස් පිළිපදින එක තමයි. සම්පූර්ණ විස්තරයක් මෙන්න මෙතන තියනව. මේක බා‍ගෙන හිටියොත් වඩාත් හොඳයි. මේකෙදි සාර්ථකම ක්‍රමය කියන්නෙ Administrator Account එකේ මුර පදය එක හිස් කරන එක. 

වැරදි කෙනෙක්ට ගියොත්, අපි බේරෙන්නෙ කොහොමද ?
මේකත් කියන එක ඇඟට ගුණයි කියල මට හිතුන. උඩ තියන මෘදුකාංගය USB Pen Drive එකක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක හින්ද මේ වගේ දෙයක් වැරදි විදිහට පාවිච්චි කරන කෙනෙක්ගෙන් බේරෙන්න තියන විදිහ තමයි first boot device එක Hard Disk කරල BIOS වලට මුර පදයක් දාන එක. හැබැයි Mother Board එකේ බැටරිය ගැලෙව්වහම ඒකත් නැති වෙනව. ඒකට විසඳුම තමයි මැසිමට බුවා මහත්තයා වගේ padlock 1ක් දාගන්න එක :P