Monday, December 12, 2011

එක එක විදිහට පින්තූර හදන්න PhotoFunia


මෙම වෙබ් අඩවිය Effects යොදාගෙන පින්තූර නිර්මාණය කරන්න හදපු අඩවියක්. Photoshop වැනි මෘදුකාංග යොදාගෙන අසීරුවෙන් කළ යුතු නිර්මාණ ඡායාරූප සංස්කරණය පිළිබදව කිසිදු මූලික දැනුමක් නොමැතිව මෙම වෙබ් අඩවිය මගින් පහසුවෙන් කිරීමේ හැකියාව පවතිනවා.  සිදු කළ යුත්තේ අදාල Effects එක යොදාගෙන අවශ්‍ය පින්තූරය Upload කිරීම පමණයි. මෙහිදී යොදා ගත හැකි වන්නේ පෙර සකස් කළ Effects වර්ග පමණයි. පිවිසෙන්න.

Twitter දැන් කොරියන් භාෂාවෙනුත්


Twitter වෙබ් අඩවිය කොරියන් භාෂාවෙන් සැකසුණු නව සංස්කරණයක් හදුන්වා දී ඇති අතර මේ වන විට Twitter වෙබ් අඩවිය භාවිතා කළ හැකි භාෂා ගණන 7 කි. මෙයට හේතු වී ඇත්තේ පසුගිය වසර තුළ කොරියානු Twitter පරිශීලකයන් විශාල වශයෙන් වැඩි වීමයි. මෙහිදී Twitter වෙබ් අඩවිය පමණක් නොව ඔවුන්ගේ Android හා iPhone apps ද කොරියන් භාෂාවට පරිවර්තනය කර ඇත.

Thursday, December 1, 2011

Ready Boost - Win 7 වලදී RAM එක වැඩි කරගන්න හැටි

 



මේක කරන්න පුලුවන් Windows 7  වල විතරයි.අපි හැමෝම ලඟ සමානයෙන් pen drive තියෙනවනෙ. ඒකම මේ වැඩේට ගන්න පුලුවන්. 
 
ඉස්සර වෙලාම pen drive එක USB port එකට සම්භන්ධ කරන්න. ඊට පස්සෙ My Computer අයිකන් එක Double Click කරලා open කරගන්න.  ඔබේ pen drive එතන දැන් පේන්න ඇති. එක Select කරලා ඒක උඩම Right Click කරන්න. 
 
ඊට පස්සෙ ඒකෙ යටම තියෙන Properties කියන එක Click කරන්න. 

ඊට පස්සෙ Dialog Box එකක් මතු වෙනවා. ඒකෙ තියෙනව ReadyBoost කියලා Tab එකක්. ඒක Select කරගන්න. ඒකෙ තියෙන Settings ටික  පහත රූපයේ විදියට හදාගන්න. Pen Drive එකේ  ඉතිරි වෙලා තියෙන ඉඩ ප්‍රමාණය තමයි එතන පෙන්වලා තියෙන්නෙ. RAM එක විදියට ගන්න ඕන ඉඩ ප්‍රමාණය අපිට කැමති විදියට අඩු වැඩි කරගන්න පුලුවන්.
 
ඊට පස්සේ OK කරාම Pen Drive එක ‍RAM එකක් විදියට වැඩ කරනවා. මේක අපිට දිගටම පාවිච්චි කරන්න පුලුවන්. මේ අතරෙම Pen Drive එකේ ReadyBoost කියලා file එකක් හැදෙනවා. ඒකත් මකන්නෙ නැතිව තියන්න. ඒ file එක මැකුනොත් වැඩ කරන්නෙ නෑ.