Thursday, March 29, 2012

Internet Download Manager හැක් කිරීම

මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද Internet Download Manager අලුත්ම සංස්කරණය ජීවිතකාලෙටම වෙනත් කිසිම සොෆ්ට්වෙයා එකක (ක්‍රැක් එකක් හෝ කීජන් එකක) ආදාරයකින් තොරව පාවිච්චි කරන්නෙ කියලා. Internet Download Manager කියන සොෆ්ට්වෙයා එක අද අන්තර්ජාලය බාවිතා කරන ගොඩක් අයට නැතුවම බැරි සොෆ්ට්වෙයා එකක් වෙලා ඉවරයි කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මම හැමදාම කිව්වා වගේ මේක තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයා එක. මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද මේක කොහොමද ජීවිත කාලෙටම බාවිතා කරන්නෙ කිසිම ගැටලුවකින් තොරව

ඔයාලා මුලින්ම කරන්න ඕන Internet Download Manager වල අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න එක. ඒක ඉතින් කියලා දෙන්න දෙයක් නෑනේ. සාමාන්‍ය සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ට්‍රෝල් කරන විදියට පියවර කිහිපයකින් දඩස් ගාලා ඒක ඉන්ස්ට්‍රෝල් කරගන්න පුලුවන්. ඔන්න මම පියවර ටික පහලින් එකින් එක දානවා.

01.) මුලින්ම මේ සයිට් එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකේ අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න. (http://www.internetdownloadmanager.com/download.html) ඩවුන්ලෝඩ් කරගෙන සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කරගන්න. ඒවා ඉතින් කියලා දෙන්න දෙයක් නෑනේ.

02.) හරි ඊලඟට කරන්න තියෙන්නෙ මම පහලින් ඩවුන්ලෝඩ් කරගන්න දාන 'hosts' ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න එක. ඒක පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න.


03.) හරි... දැං ඩවුන්ලෝඩ් කරගත්තු රාර් ෆයිල් එක Winrar කියන ෆොෆ්ට්වෙයා එක බාවිතයෙන් එක්ස්ට්‍රෑක්ට් කරගෙන ඉවර වෙලා ඇතුලෙ ෆෝල්ඩර් එකේ තියෙද බලන්න 'hosts' කියලා නම තියෙන ෆයිල් එකක්. ඒ ෆයිල් එක කොපි කර ගන්න. පේස්ට් කරන්න ඕන තැන මම පහලින් දාන්නම්.

04.) දැං ඔයා ඔයාගේ පරිගණකයෙ Computer >>> C:/ drive >>> Windows >>> system32 >>> drivers >>> etc කියන ෆෝල්ඩරය ඇතුලට යන්න. ගිහිල්ලා කලින් ඔයාලා කොපි කරගත්තු ෆයිල් එක පේස්ට් කරන්න. රී ප්ලේස් කරන්නද? කියලා අහලා මැසේජ් එකක් එයි. රී ප්ලේස් කරන්න.

05.) හරි දැං ඔය ඕපන් කරගෙන ඉන්න ෆෝල්ඩර් සේරම ක්ලෝස් කරලා දාලා ඇවිල්ලා. ආයෙත් Internet Download Manager ඕපන් කරගෙන මම පහලින් දාන සීරියල් නම්බර් වලින් එකක් දීලා රෙජිස්ටර් කරගන්න.

Internet Download Manager Serial Keys :

RLDGN-OV9WU-5W589-6VZH1
HUDWE-UO689-6D27B-YM28M
UK3DV-E0MNW-MLQYX-GENA1
398ND-QNAGY-CMMZU-ZPI39
GZLJY-X50S3-0S20D-NFRF9
W3J5U-8U66N-D0B9M-54SLM
EC0Q6-QN7UH-5S3JB-YZMEK
UVQW0-X54FE-QW35Q-SNZF5
FJJTJ-J0FLF-QCVBK-A287M

Thursday, March 15, 2012

Megapixel 41ක කැමරාවක් සහිත Smartphone එකක් හඳුන්වාදෙයි......


ලෝකයේ ස්මාර්ට් ෆෝන් නිෂ්පාදනයෙන් තුන්වන ස්ථානයේ පසුවන Nokia සමාගම තම සමාගම විසින් නොබෝදිනකින්ම වෙළඳපලට ඉදිරිපත්කිරීමට බලාපොරොත්තුවන නවතම ස්මාර්ට්ෆෝනයක් ප්‍රකාශයට පත්කරයි. Nokia 808 PureView නමින් දැනට හැඳින්වෙන මෙම Smartphone එකෙහි සුවිශේෂි ගුණාංග අතුරින් ප්‍රමුඛ ස්ථානයේ පසුවන්නේ එහි ඩිජිටල් කැමරාවයි. කැමරාවෙහි විශේෂ ගුණාංග 3ක් මේවනවිට ප්‍රකාශයට පත්ව තිබෙනවා. එනම්:

  • මෙගාපික්සල් 41ක ධාරිතාවකින්යුත් සෙන්සර්
  • Carl Zeiss ප්‍රකාශ තාක්‍ෂණය
  • නවතම  Pixel Oversampling තාක්‍ෂණයක්


Nokia 808 PureView ඇසුරින් ලබාගන්නා ඡායාරූපයන්හි ඇති සුවිශේෂී සත්‍යාසන්නභාවය පිටුපස ඇත්තේ 41MP සංවේදක අභිබවා එහි භාවිතවන නවතම Oversampling තාක්‍ෂණයයි. මෙම තාක්‍ෂණය අනුව කුමන මෙගාපික්සල් පරාසයක ඡායාරූපයක් වුවද සත්‍යාසන්නතාවයෙන් ඉතා ඉහළ මට්ටමක පවත්වාගතහැකි බව Nokia සමාගම ප්‍රකාශයටපත් කරනවා.

ස්මාර්ට්ෆෝනයේ අනෙක් ගතිගුණ ලෙස

  • අඟල් 4ක දෘශ්‍ය තිරය
  • Full HD 1080p වීඩියෝ තාක්ෂණයට සහායදැක්වීමේ හැකියාව
  • ඩොල්බි හෙඩ්ෆෝන් තාක්‍ෂණය
  • 1.3Ghz ප්‍රොසෙසරය
  • 512MB RAM මතකය
  • 16 GB built-in ස්ථාවර මතකය
  • මතක ප්‍රමාණය වැඩිකිරීම සඳහා microSD කාඩ් සඳහා අනුකූලතාව


දැක්විය හැකි අතර උපාංගය Symbian Belle මෙහෙයුම් පද්ධතිය පාදකකරගනිමින් ක්‍රියාත්මකවේ.

Nokia 808 PureView, 2012 වසරේ දෙවන කාර්තුව තුළ දී නිකුත්වනු ඇතැයි විශ්වාස කරන අතර යුරෝ 450ක මිලකට යුරෝපාකරයට මුලින්ම හඳුන්වාදීමට Nokia සමාගම බලාපොරොත්තු වන බව දැනගන්නට ඇත.


Pixel OverSampling ගැන කෙටි හැඳින්වීමක්
ඩිජිටල් පින්තූර නිරූපණය වන්නේ කුඩා කොටු ලෙස නිරූපණයවන පික්සල් වලින් බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා ඇත්තෙන්ම පින්තූරයක් කියන්නෙ පික්සල් සමූහයක්. පික්සලයකට තිබිය හැක්කේ එක් වර්ණයක් පමණයි. එක ලඟ ඇති පික්සල් දෙකක් ගැන සිතන්න.. මේ පික්සල් දෙකේ ඇත්තේ එකිනෙකට වෙනස් වර්ණ දෙකක් නම් ඒවා අතර තියුණු මායිමක් ලෙස පෙනෙනවා. මේ තත්වය Aliasing කියා හැඳින්වෙනවා.

නමුත් සැබෑ ලෝකයේ මෙවැනි තත්වයක් නෑ. ඒ නිසා සැබෑ ලෝකයේ යමක් ඩිජිටල් පින්තූරයක් ලෙස ගතතොත් කොහොමත් සත්‍ය තත්වය නිරූපණය වෙන්නේ නැහැ. ඉතින් මේ තත්වය හැකිතාක් දුරට වසන් කර වඩාත් සත්‍යාසන්න තත්වයකින් පින්තූර ඉදිරිපත් කරන්නයි Pixel Oversampling භාවිතාවන්නේ. මෙහිදී වන්නේ යම්කිසි ක්‍රමවේදයක් භාවිතා කර පික්සල් අතර මායිම් බොඳකිරීම වැනි දෙයක්. ඒකට කියන්නේ Anti-Aliasing කියලයි.

උදාහරණයක් ලෙස පහත පින්තූර පෙළ බලන්න.

Right Click මෙනුවට කැමති වැඩසටහනක්...............

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන විට පරිගණක තිරයේ හිස් ස්ථානයක් රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවට කැමති වැඩසටහන් එක් කර ගැනීමෙන් පහසුවෙන් එම වැඩසටහන් වෙත පිවිසෙන්නට පුළුවන් බව ඔබ දන්නවාද.


මෙලෙස රයිට් ක්ලික් මෙනුවට කැමති වැඩසටහනක් එක් කර ගැනීමට Start > Run වෙත පිවිස Regedit යනුවෙන් සටහන් කර OK කර Registry Editor වැඩසටහන විවෘත කරගන්න.

මීළගට HKEY_CLASSES_ROOT > Directory > Background > Shell වෙත පිවිසෙන්න. මීළගට Shell යන ෆෝල්ඩරය රයිට් ක්ලික් කර, ලැබෙන option අතරින් New > Key තෝරන්න.මෙහිදී එම Key එකෙහි නම ලෙස රයිට් ක්ලික් කල විට ලැබිය යුතු ඔප්ෂනයට නමක් ලබාදෙන්න. මීළගට සාදාගත් Key එක රයිට් ක්ලික් කර New > Key තෝරන්න.මෙහිදී එම Key එකෙහි නම ලෙස command යන්න සටහන් කර OK කරන්න. මීළගට අවසානයේ සාදාගත් command Key එක මත ක්ලික් කර වම් පසින් දිස්වන Default අයිකනය ඩබල් ක්ලික් කරන්න.දැන් විවෘත වුනු Edit String මෙනුවෙහි Value data ස්ථානයට රයිට් ක්ලික් මෙනුවට ඇතුලත් විය යුතු වැඩසටහන පරිගණකයේ ඇති පාත් එක නිවැරදිව සටහන් කර OK කරන්න.

 යම් වැඩසටහනක පාත් එක ලබා ගැනීම සදහා කීබෝර්ඩ් එකෙහි ඇති Shift යතුර සමග අදාල වැඩසටහනේ අයිකනය රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Copy as path තොරන්න.