Friday, September 13, 2013

නොමිලේ 100GB Cloud Storage එකක්

Kim Dotcom ගේ Mega සේවාව අභියෝගයට ලක් කිරීම සිව් දෙනෙකුගේ මුල පිරීමෙන් ආරම්භ වන මෙම අලුත් ක්ලවුඩ් හොස්ටිං සේවාවේ මූලික අරමුණ වී තිබෙනවා. drag and drop ක්‍රමයට ඉතා ඉක්මනින් හා පහසුවෙන් ෆයිල් ෂෙයාරිං කටයුතු කළ හැකි මෙහි මූලිකම විශේෂත්වය වන්නේ මේ හා සමාන අනෙක් සේවාවන් අභිබවා යමින් නොමිලේ 100GB ඉඩක් සැපයීමයි.


[IMG]


100GB ඉඩක් ලබා දෙන මෙම සේවාව සඳහා අප්ලෝඩ් කළ හැකි උපරිම ෆයිල් සයිස් එක 2GB වනවා. ඔබට 100GB වලට අමතරව තවත් ඉඩ උවමනා නම් එය මිළ දී ගැනීමටද මෙම වෙබ් අඩවිය අවකාශ සලසා තිබෙනවා. තවමත් ජනප්‍රිය වෙමින් පවතින අලුත්ම සේවාවන් වන shared.com වෙත පිවිසී ඔබගේ ගිගාබයිට් 100ක නොලිලේ ඉඩ ලබා ගැනීමට පහත සබැඳිය භාවිතා කරන්න.



මෙහිදී ඔබගේ ෆයිල්ස් ඔබට කැමති පරිදි organize කර ගැනීමටත් පහසුකම් තිබෙනවා. එමෙන්ම, mp3, pdf වැනි ෆයිල්ස් ඩවුන්ලෝඩ් නොකර ව්‍රවුසරය තුළදීම බලා ගැනීමටත් හැකියි. මෙම සේවාව භාවිතා කිරීම සඳහා ඩ්‍රොප්බොක්ස් වලදී මෙන් කිසිම මෘදුකාංගයක් ස්ථාපනය කිරීම අවශ්‍ය වන්නේ නැහැ.



[IMG]

Monday, September 9, 2013

කැතී පෙරී හිට් කරපු රෝර් - Katy Perry - Roar (Official)


කැතී පෙරී ගයන රෝර් මියුසික් වීඩියෝව මේ දිනවල අන්තර්ජාලයේ විශේෂ කථා බහකට ලක්ව තිඛෙනවා. මිලියන 16 කට වැඩි පිරිසක් යූ ටියුබ් ඔස්සේ දැනටමත් නරඹා තිඛෙන මේ ගීතය ගුවන් අනතුරකින් පසු කැලයේ තනිවූ තරුණියක විඳින අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය වූවකි......

Thursday, September 5, 2013

මයික්‍රොසොෆ්ට් නොකියා මිලදී ගනී





ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ජංගම දුරකථන නිෂ්පාදනයෙහි  ප්‍රබලයෙකු වන නොකියා ජංගම දුරකථන සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 7.2කට මිලදී ගන්නට නියමිත ය.

ඉතා ශක්තිමත් වෙළදපොලක් සහිත ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වූ නොකියා සමාගමට, ඇපල් සහ සැම්සුන්ග් දුරකථන සමාගම් සමග තරග කිරීමට නොහැකි වීමෙන් දිගින් දිගටම තම වෙළදපොල තත්ත්වය කඩා වැටුනි.

2010
වර්ෂයේ සිට නොකියා ස්මාර්ට් දුරකථන සදහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කෙරුනත් එය සැම්සුන්ග් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් සමාගමේ IOS මෙහෙයුම් පද්ධති සමග සටනක් දීමට නොහැකි තත්ත්වයට පත් විය.

2007
වර්ෂයේදී ලොව ජංගම දුරකථන අතුරින් 40% ක ප්‍රතිශතයකට හිමිකම් කියූ නොකියා සමාගම මෙම වසර වනවිට හිමි කරගෙන සිටින්නේ 15% තරම් අගයක් පමණි. එම අගයෙනුත් ස්මාර්ට් දුරකථන සදහා හිමි කරගෙන ඇත්තේ 3% තරම් අගයකි.

නොකියා සියලුම සමාගම් වල අගය 2007 වසර වනවිට යූරෝ බිලියන 200ක් ව තිබූ අතර මේ වනවිට එහි වටිනාකම යූරෝ බිලියන 15 දක්වා පහත වැටී ඇත.

පසුගියදා මයික්‍රොසොෆ්ට් විධායක නිලධාරියෙකු වූ ස්ටීව් බාර්මර් විශ්‍රාම ගත් අතර එම තනතුරෙහි හිඩැස පිරවීමට නොකියා සමාගමේ විධායක නිලධාරී ස්ටෙෆන් එලොප් පත්විය හැකි බවයි ජ්‍යාත්යන්තර අර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ස්ටෙෆන් එලොප් නොකියා සමාගමෙහි ප්‍රධානියා වූ දා පටන් එම සමාගමෙහි කොටස් වෙළද පොල අගය ඉතා සීඝ්‍ර ලෙස පහත වැටුනි.

මෙම මිලදීගැනීම 2014 වසරට පෙර සිදුවන අතර ඉන් පසු 32,000ක් පමණ වන නොකියා සේවකයින් මයික්‍රෝසොෆ්ට් සේවකයින් වනු ඇති.

Wednesday, September 4, 2013

ඩෝන්ගලයෙන් free වීඩියෝ කෝල් ගමු.........


මේකෙන් ඔයාලට පුලුවන් වීඩියෝ කෝල් ගන්න පුලුවන් සිම් එකක් ඩොන්ගල් එකට දාගෙන ඉන්ටර්නෙට් ලොග් වෙන්නෙ නැතුව වීඩියෝ කෝල් ගන්න....
මුලින්ම කරන්න තියෙන්නේ පහත ලින්ක් එකෙන් අලුත් mobile partner සොෆ්ට්වෙයා එක ඩවුන් කරගෙන ඉන්ස්ටෝල් කර  ගන්න..ඊට පස්සේ  ඉන්ස්ටෝල් කර ගත්ත mobile partner ඕපන් කරගත්තහම ඒකේ වීඩියෝ කෝල් අයිකන් එකක් ඇති..........3G phone එකක් නැති අයටනම් මේක ගොඩක් වැදගත් වෙයි....