ගූගල් ආයතනය Smart Phones භාවිතයට නව පරිච්චේදයක් එක් කරමින් පසුගිය
ෆෙබරවාරියේ මුලින්ම Modules ආකාරයට නිමැවෙන ස්මාර්ට් දුරකථනයක් පිලිබදව
නිවේදනය කරනු ලැබුවා. භවිතාකරන්නාගේ අවශ්‍යතාවය පරිදි තම දුරකථනයේ අංගයක්
උස්තල ගන්වන්නට හැකිවන ලෙසට නිමවෙන මෙම දුරකථනය පිලිබදව භාවිතාකරන්නන්ගේද
වැඩි අවධානයක් දිනා ගෙන තිබුනු බවයි විචාරනය වෙමින් තිබුනේ. මේ වන විට
ගූගල් ආයතනය නිවේදනය කර සිටින්නේ තම "Project Ara" නම් ඉහත කී වපෘතිය 2015
ජනවරි වන විට වෙළඳ පොල වෙතට නිකුත් කරන්නට තම සූදානම් වන බවයි. ඩොලර්
50කින් ඇරබෙන මෙම නිකුතුව එ සදහා වන Ara developers conference සමග
සිදුවනු ඇති බවටයි දැනට නිවේදනය වන්නේ. මෙම දුරකථනයන් Android හා Eremenko
මෙහෙයුම් පද්ධතිවලින් සමන්විතව පැමිනෙන්නට නියමිත අතර electro-permanent
magnets ආකාරයට එම Modules එකි නෙකට සවිව නිකුත්වන අතර එම physical
skeleton වසර පහක හෝ හයක කාලයක් හොඳින් පවතිනු ඇති බවටයි ආයතනය පවසන්නේ.
Third party developers සදහා මෙම Modules නිෂ්පාදනය කර ගැනීමට 3D මුද්‍රනය
භාවිතාකිරීමට හැකිවනු ඇති බවටයි වැඩි දුරටත් ගූගල් ආයතනය පැහැදිලි කර
සිටින්නේ.
No comments:
Post a Comment