Tuesday, April 22, 2014

එක ක්ලික් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් ROOT කර ගන්න

මේ කාලේ වෙන කොට ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක් අත පත නොගාපු කෙනෙක් හොයාගන්න අමාරුයි. ඒ තරමට දැන් ඇන්ඩ්‍රොයිඩ් ජනප්‍රියයි. ඇන්ඩොයිඩ් ගැන කතා කරද්දි "රූට් කිරීම" කියන වචනයත් නිතරම අපිට අහන්න ලැබෙනවා. මොකක්ද මේ රූට් කරනවා කියන්නෙ?... රූට් කිරිමේ වාසි අවාසි මොනවද?... ඒ දේවල් මම මෙතන කතා කරන්න යන්නෙ නෑ. හේතුව සිංහල කොටන්න මම ටිකක් කම්මැලියි. ඒක නිසා මම ඔයාලට වෙන අය ලියපු ලිපි දෙකක් දෙන්නම් ඒවා කියවලා මේ රූට් කරනවා කියන්නෙ මොකක්ද කියන එක ගැන වැටහීමක් ලබා ගන්න.

මම අද ඔයාලට දෙන්න යන්නෙ මේ කියන රූට් කිරීම ලේසියෙන්ම කරගන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා එකක අලුත්ම සංස්කරණය ඔයාලට දෙන්න. මේ සොෆ්ට්වෙයා එක යූස් කරන්නෙ කොහොමද කියන එක බලන්න මෙතනින් යන්න. කරන හැටි විඩියෝ වලින්ම කියලා දෙන නිසා අවුලක් යන්න විදියක් නෑ. ඔයාලටත් මේ සොෆ්ට්වෙයා එක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් සිරියල් නම්බර් එකත් එක්කම පහලින් ඩවුන්ලොඩ් කරගන්න. මුදල් ගෙවලා ගන්න ගියොත් ඩොලර් 29ක් විතර වෙනවා.

UnlockRoot Pro 4.1.2 + Serial
Unlock Root is a software to help you root your Android device. The main function of this software is to obtain the highest user privileges, thus you can remove, install or uninstall any applications on your device freely and give you a clean system since you use Unlock Root. It has powerful functions and strong compatibility, and also it is very simple to operate. Nothing to worry whether your device would get bricked, because this software is stable enough.

Unlock Root has over 10,000,000 users around the world. It has 2 years of development. On December, 2012, Unlock Root Pro launched. It supports Android 2.2-2.3, 4.0.3 and even the hottest and latest devices, such as Samsung Galaxy S/SII/SIII, Note/Note 2, HTC One X, Amazon Kindle Fire/HD 7",Google Nexus 4/7/10, etc. It is the safest root software and provided with restore function. You can successfully root your device in 5 minutes. We guarantee 100% refund if failed. What's more, Unlock Phone is free of cost if you purchased Unlock Root Pro.

Root your device with Unlock Root can help you:
1. Overclocking
2. Underclocking which can help save battery
3. Mods to improve battery life
4. Access to apps that might require superuser permission
5. Removal of bloatware such as apps pre-installed by manufacturers or carriers
6. Deeper customization
7. Flashing ROMs such as CyanogenMod, MIUI
8. Gaining access to features that your carrier might otherwise have charged you a fee for i.e. WiFi/USB tethering.

Pro Version:
- One-click Get Root Access Permission
- Support Android 2.2- 2.3
- Support Android 4.0-4.1
- Support Samsung Galaxy SIII (S3), Galaxy Note II (Note2)
- Support Google Nexus 4 / 7 / 10
- Support HTC One X / S,Droid DNA,EVO,Incredible,Sensation,Tattoo
- Support Amazon Kindle Fire / HD 7"



Download UnlockRoot Pro 4.1.2 + Serial
http://goo.gl/MjEJCS

"Project Ara" 2015 ජනවාරි පැමිනේවි!!!!

  ගූගල් ආයතනය Smart Phones භාවිතයට නව පරිච්චේදයක් එක් කරමින් පසුගිය ෆෙබරවාරියේ මුලින්ම Modules ආකාරයට නිමැවෙන ස්මාර්ට් දුරකථනයක් පිලිබදව නිවේදනය කරනු ලැබුවා. භවිතාකරන්නාගේ අවශ්‍යතාවය පරිදි තම දුරකථනයේ අංගයක් උස්තල ගන්වන්නට හැකිවන ලෙසට නිමවෙන මෙම දුරකථනය පිලිබදව භාවිතාකරන්නන්ගේද වැඩි අවධානයක් දිනා ගෙන තිබුනු බවයි විචාරනය වෙමින් තිබුනේ. මේ වන විට ගූගල් ආයතනය නිවේදනය කර සිටින්නේ තම "Project Ara" නම් ඉහත කී වපෘතිය 2015 ජනවරි වන විට වෙළඳ පොල වෙතට නිකුත් කරන්නට තම සූදානම් වන බවයි. ඩොලර් 50කින් ඇරබෙන මෙම නිකුතුව එ සදහා වන  Ara developers conference සමග සිදුවනු ඇති බවටයි දැනට නිවේදනය වන්නේ. මෙම දුරකථනයන් Android හා  Eremenko මෙහෙයුම් පද්ධතිවලින් සමන්විතව පැමිනෙන්නට නියමිත අතර electro-permanent magnets ආකාරයට එම Modules එකි නෙකට සවිව නිකුත්වන අතර එම physical skeleton වසර පහක හෝ හයක කාලයක් හොඳින් පවතිනු ඇති බවටයි ආයතනය පවසන්නේ.  Third party developers සදහා මෙම Modules නිෂ්පාදනය කර ගැනීමට 3D මුද්‍රනය භාවිතාකිරීමට හැකිවනු ඇති බවටයි වැඩි දුරටත් ගූගල් ආයතනය පැහැදිලි කර සිටින්නේ.

Android සුරකින්නට නව නව සේවාවක්!!!!


ඇන්ඩ්‍රොයිඩ් බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් වනවා සේම අනාරක්ශිත බවක් පිලිබදව හැගීමක් ‍රැගෙන එන භාවිතාවක් ලෙසටද පිලිගැනීමක් කෙමෙන් නිර්මානය වෙමින් තිබේ. එහි වන පහසු භාවිතාවට සහය වන විවෘත බවම මෙම අනාරක්ශිත බවටත් හේතුවෙමින් ඇති බවටයි හදාරන්නන්ගේ පිලිගැනීම වන්නේ. ගූගල් ආයතනය මේ සදහා නව විසදුමක් ඉදිරිපත්කරමින් පවසන්නේ Google play වෙතින් ලබා  ගන්නට හැකි වන on-device monitoring හදුන්වාදීමක් ඔස්සේ මෙම අනාරක්ශිත බවට විසදුමක් ‍රැගෙන එනු ඇති බවය. යම් app මෘදුකාංගයක් ස්ථාපනයට පෙර සේම ස්ථාපනයෙන් පසුවද හැසිරීම හදාරමින් භාවිතාකරන්නාගේ සුරක්ශිත බව තහවුරු කිරීම එහි ක්‍රියාකාරීත්වය වේ. නිෂ්පාදකයා හේ සේවා සපයන්නාගෙන් ස්වායන්තව ක්‍රියාත්මක වන මෙම මෘදුආරක්ශකයා Gingerbread (2.3) සංස්කරනයෙන් ඉහල සියලුම සංස්කරන සදහා සහය දක්වන බවටයි එම ආයතනය නිවේදනය කර සිටින්නේ. ආයතනය වෙඩි දුරටත් පවසන්නේ සියලුම ආකාරයේ හානිකරයන් පිලිබදව මෙම අරක්ශකයා ප්‍රතිචාර නොදක්වන නමුත් verify applications service ඔස්සේ යම් app මෘදුකාංගයක් ස්ථපනයට පෙර මෙන්ම භාවිතාවේදීද අනවශ්‍ය ආකාරයේ හැසිරිමක් පිලිබදව අවධානයෙන් සිටිමින් භාවිතාකරන්නා සුරකින්නට එය සමත්වනු ඇති බවය.

අන්තර්ජාලය හරහා ඔබේ මිතුරන් මවිත කරමින් සංවාදයේ යෙදෙන්න අලූත් ම ක‍්‍රමය මෙන්න!

අලූත් පරිගණක වැඩසටහනක් එනවා, ඒ මගින් ස්කයිප් කරන අතර ඔබේ මිතුරන් මවිත කරවන්න පුළුවන්! මෙසේ මවිත කරවන්නේ විස්මිත වෙස්වලා ගැනීමක් මගින්.

ඒ පරිගණක වැඩ සටහන හරහා සකයිප් කරන ඔබට රතු පැන්ඩාවකුගේ පටන් අං ඇති යක්ෂයකු දක්වා පරිගණක කී‍්‍රඩාවල හෝ ටෙලිවිශන්, සිනමා ආදියෙහි එන ඕනෑම ජනපි‍්‍රය චරිතයක් බවට පෙරළී ඔබේ මිතුරා විස්මයට පත් කරමින් කතා කළ හැකියි. ඒ ඔබ තෝරා ගන්නා රූපයට ඔබේ ඉරියව් පවා අනුකරණය කළ හැකියි.

ඒ අනුව ළඟදීම ඔබට අමුතුම විනෝදයක් ස්කයිප් හෝ වෙනත් වෙබ්කැම් සේවාවක් හරහා කරන කතාබහේදී ලබා ගත හැකියි.


 
දැන් අලූතින් ම නිපදවා ඇති මේ ‘ෆේස්රිග්’ මෘදුකාංගය යොදා ගෙන ඕනෑම ජනපි‍්‍රය චරිතයක් ලෙස වෙස්වලා ගන්න පුළුවන්. ඒ රූපයට ඔබේ කටහඬ පමණක් නෙවෙයි, ඔබේ ඉරියව් පවා ඒ ආකාරයෙන්ම අනුකරණය ඛළ හැකියි.

ලබන අගෝස්තුවේ දී මෙය ලොව පුරා දියත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙම පරිගණක වැඩසටහන හැඳින්වෙන්නේ ‘ෆේස්රිග්’ (FaceRig) කියායි.

මේ ‘ෆේස්රිග්’ මෘදුකාංගයට අදාළ පුද්ගලයාගේ මුහුණේ ඇති වන වෙනස්කම් හා හිසේ චලනය හසුකර ගත හැකියි.

එසේ ම එය භාවිත කරන තැනැත්තාගේ ඉල්ලීමට අනුව ති‍්‍රමාන රූපයක් සජීවීකරණය කරන්න අවශ්‍ය දත්ත එක්රැුස් කර ගන්න එයට පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, මේ මෘදුකාංගය සාමාන්‍ය වෙබ්කැම් එකක් භාවිත කරන්නක් වන අතර, එයට වීඩියෝ චැට් සේවාවන්වල වීඩියෝ සඳහා එක්වීමට ද ස්කයිප් හා වෙබ් අඩවිවල ඇති කී‍්‍රඩාවලට එක්වීමට ද පුළුවන.

භාවිත කරන්නාට එහි කට හඬ වෙනස් කරන්නට ද කැරෝකී මාදිලියට යොදා ගන්නටද පුළුවන.

භාවිතකරන්නාට තමන්ගේ ප‍්‍රතිරූපය හෙවත් අවතාරය හා එහි පසුබිම ආලෝකමත් කිරීම ද තමන්ට කැමති පරිදි සිදු කළ හැකියි.

කලින් කිව්වා වාගේ අර ජපන් පාසල් දැරියගේ චරිතය හෝ අං සහිත යක්ෂයාගේ හෝ රතු පැන්ඩාගේ චරිතයක් තෝරාගෙන ඊට ආදේශ විය හැකියි.

මේ තාක්ෂණය භාවිත කරන්නන්ට අතථ්‍ය චිත‍්‍රපටයක ඩිජිටල් නළුවකු වීමට අවස්ථාවක් ලැබෙනවා.

මෙහි එන චරිත රුමේනියාවේ බුකාරස්ට් නුවර පරිගණක කී‍්‍රඩා නිෂ්පාදක සමාගම් පහක් විසින් පරිගණක කී‍්‍රඩා නිර්මාණ කළ ඒවායි. ඒ නිසා පහසුවෙන් ම පරිගණකය ඔස්සේ ස්කයිප් තාක්ෂණයේ දී වගේ ම වෙනත් වෙබ් සේවාවලදීත් භාවිත කරන්න පුළුවන් කම ලැබෙනවා.

ආරම්භයේ දී ලබන අගෝස්තුවේ දී මෙය අලෙවි කරන්න පටන් ගත්තාම ඩොලර් 5ක් වැනි මුදලකටයි ලබා දෙන්න යන්නේ. මෙය පසුව වඩාත් සංකීර්ණ කළ විට මිල වැඩි කරන්න නිෂ්පාදකයන් අපේක්ෂා කරනවා.

හොලෝටෙක් ස්ටුඩියෝස් කියන්නේ, ලොව ප‍්‍රථමවරට පුළුල් ලෙස වෙළඳ පොළට යැවෙන හැඟීම් හා ඉරියව් හසුකර ගත හැකි මෘදුකාංගය ඉදිරිපත් කරන්නට තමන්ට හැකි වීම ගැන ආඩම්බර වන බවයි.

මේ නව මෘදුකාංගය නිපදවා ඇත්තේ ස්වීඩනයේ විසාජ් ටෙක්නොලොජීස් (Visage Technologies) නම් නව සමාගමක් මගින්. මේ සඳහා සජීවීකරණ රූප පෙළ ඔබ වෙනුවෙන් සකස් කළේ ඔවුන්ගේ ම තවත් අතුරු සමාගමක් වන හොලෝටෙක් ස්ටුඩියෝස් (Holotech Studios) ආයතනය මගින්. පරිගණක කී‍්‍රඩා නිපදවන සමාගම් කීපයක් මෙයට දායක වෙලා තියෙනවා.

ඒ මොහොතේම ඉදිරියේ සිදු වන දේ කැමරාවෙන් හසු කර ගෙන ඊට අදාළ දත්ත ලබා ගෙන එය ති‍්‍රමාන මොඩලයකට යෙදීම ඇත්තෙන්ම විස්මිත දෙයක්. ඒ සඳහා විශේෂ මෘදුකාංගයක් සකසා තියෙනවා.

මේ නිර්මාණයට එක් වූ විද්‍යාඥ කණ්ඩායමේ අය කියන්නේ, මේ විස්මිත නිර්මාණය කරන්න ඔවුන්ට පර්යේෂණ ගණනාවක්ම කරන්න සිදුවුණු බවයි. ඒවගේම ඉහළම මට්ටමේ විද්‍යාඥයන් හා තාක්ෂණික ශිල්පීන් පිරිසක් ද මේ කටයුත්තට ඔවුන්ගේ දයකත්වය දුන්නා. ඒ අනුවයි, මේ අපූරු න්ර්මාණය බිහිවුණේ.

 
මේ නව පරිගණක මෘදුකාංගය මගින් ජපාන කාටූන චරිතයක් වූ මංගා (වමේ) සිට අං ඇති යක්ෂයකු (දකුණේ) දක්වා ඔබ කැමති ඕනෑම චරිතයකට පිවිස ඒ චරිතය මෙන් කතා කළ හැකියි.

 
මේ ෆේස්රිග් සොල්දාදුවාගේ අවතාරය අවස්ථාව සලසා දෙනවා වෙබ් කැම් ඉදිරියේ ඉන්නා තැනැත්තාට මොහොතකට හමුදා භටයකු වෙන්න.

 
මේ බුද්ධිමත් මෘදුකාංගය සාමාන්‍ය වෙබ් කැමරාව මගින් ඉදිරියේ ඉන්නා තැනැත්තාගේ මුහුණේ ඉරියව් හා කටහඬ හසුකර ගෙන ඔහු තෝරාගත් අවතාර චරිතයට ඒ සියල්ල එසැණෙන් මුසු කිරීම සිදු කෙරෙනවා.

ඉදිරියේ දී මුහුණෙන් ඔබ්බට ගොස් මුළු සිරුරේම චලනයන් හසු කර ගත හැකි වන පරිදි මේ මෘදුකාංගය පුළුල් කරන්නට ඔවුන් බලාපොරාත්තු වෙනවා. මේ අගෝස්තුවේදී නිකුත් කෙරෙන මෘදුකාංගය ගෘහස්ථ භාවිතයට පමණක් සැකැසූ එකක් වුනත් ඉදිරියේ දී ව්‍යාපාරික වශයෙන් භාවිත කළ හැකි එකක් නිපදවීමට අපේක්ෂා කෙරනවා.

මෙය භාවිතා කරන අය මේ පැකේජයට අයත් මෘදුකාංගය අන්තර්ජාලයෙන් එය බාගත යුතුයි. ඉන්පසු කළ යුත්තේ පරගණකයේ වෙබ් කැමරාව ඉදිරියෙන් වාඩි වීම පමණයි.

මේ ව්‍යාපෘතිය සඳහා අන්තර්ජාලය හරහා මුදල් ආයෝජනය කරන්න ජනතාවට අවස්ථාව දුන්නා. මූලික අවශ්‍යතා සඳහා ඉල්ලා සිටි මුදල වූ ඩොලර් 120,000 වෙනුවට ඩොලර් 211,615ක් එකතු වුණා.

”අපට අවශ්‍ය වුණේ හැම දෙනාටම තමන් කැමති චරිතයකට ඩිජිටල් ක‍්‍රමයට පිවිසෙන්න අවස්ථාව ලබා දෙන්නයි. මූණ විතරක් නෙවෙයි, හිසේ සිට දෙපතුල දක්වාම සාර්ථකව අනුකරණය කළ හැකි සජීවී හොලිවුඞ්-පික්සාර් තත්වයෙන් යුත් ක‍්‍රමයක් හදන්නයි. ඒ වගේම අන්තර්ජාලය තුළ රූප හා ශබ්ද දෙයාකාරයෙන්ම නරඹන්නාට ප‍්‍රතිචාර දක්විය ක‍්‍රමයත් ලබා දෙන්නයි.” එය නිපදවූ කණ්ඩායම කියනවා.

”ආරම්භයේ දී දැනට අප දෙන්නේ ෆේස්රිග් යටතේ හැඟීම් හා මුහුණේ ඉරියව් හසුකර ගත හැකි ක‍්‍රමයක් විතරයි.” වැඩිදුරටත් ඒ අය කියනවා.

 
මේ මෘදුකාංගය මගින් ඒ මොහොතේම ඔබේ මුහුණේ ඇති වන වෙනස්කම් හා හිසෙහි චලනයන් අල්ලාගෙන සැණෙන් ති‍්‍රමාන මොඩලයට යොදනවා. බලන්න අං ඇති යක්ෂයා හැසිරෙන්නේ පරිගණකයේ වෙබ් කැමරාවෙන් ඔබ කරන දේ බලාගෙන ඒ විධියටමයි. ඇත්තෙන් ම විස්මයජනක දෙයක්!

 
මෙහි මුල් අදියරේ මෘදුකාංගය වෙබ් චැට්වලට හා වෙබ් කී‍්‍රඩාවලට යොදා ගත හැකි අතර භාවිත කරන්නන්ට ඒවායේ කටහඬ වෙනස් කරන්නට හා පසුබිම් ආලෝකය තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගන්නත් පුළුවන්. මෙහි දැක්වෙන්නේ කැරෝකී නිදර්ශනයක්.

 
මුලින් ම නිකුත්වෙන මෘදුකාංගයට අනුව මේ විධියට හිසෙහි හා මුහුණේ චලනයන් හසු කර ගත්තෑකි. පින්තූර දෙකේ මුහුණවල සමානකම සසදා බලන්න

 
මේ ව්‍යාපෘතිය සඳහා අන්තර්ජාලය හරහා මුදල් ආයෝජනය කරන්න ජනතාවට අවස්ථාව දුන්නා. මූලික අවශ්‍යතා සඳහා ඉල්ලා සිටි මුදල වූ ඩොලර් 120,000 වෙනුවට ඩොලර් 211,615ක් එකතු වුණා. මෙහි දක්වෙන්නේ අං ඇති යක්ෂයා කැරෝකී ක‍්‍රමයට ගීයක් ගායනා කරන අයුරුයි.