Friday, August 30, 2013

Facebook පින්තූර comment

 
මේ දවස් වල සැහෙන්න ජනප්‍රිය දෙයක් තමා පින්තුර වලින් Facebook එකේ comment කරන එක. පරිගණකයෙන් විතරක් නෙවේ ජංගම දුරකතනයෙන් පවා දැන් එහෙම කරන්න පුළුවන්. ඔන්න මම ඔයාලාට අරන් ආවා එහෙම comment 250+ ක එකතුවක්.
මේවා ඉතින් මම හදපුවා නෙවේ. එක එක්කනා හදලා post කරලා තියනවා දැක්කම download කරගත්ත ඒවා. බලන්නකෝ ඔයාලා ළඟ නැති ඒවාත් තියනවද කියලා.

නොමිලේ Google Books download කරමු

 
අපි අන්තරජාලයේ පොත් හොයපුවාම සමහර විට අපිට google books වල වල ඒවා හම්බවෙනවා. එත් එකෙන් අපිට පොත online කියවන්න දුන්නට download කරන්න පහසුකමක් දෙන්නේ නෑ. එයාලා දෙන්නේ ඒ පොත මිලදීගන්න අවස්ථාවක් විතරයි. එහෙනං බලමු කොහොමද එක download කරගන්නේ කියලා.
ඉස්සලාම අපිට අවශ්‍ය පොත Google books එකේ open කරගන්න. දැන් මේ මම දීලා තියන පොඩි software එක install කරලා (Internet එකේ ඉද්දිම install කරන්න) open කරගන්න. එකේ ..... කියන තැනට අර අවශ්‍ය google book එක තියන link එක copy කරලා paste කරගන්න. ඊට පස්සේ පොත save වෙන්න ඕනි තැනයි save වෙන්න ඕනි විදියයි දීල download කරන්න. දැන් බබා වගේ පොත save වෙයි.


මේකෙන් කරන්නේ එයා පොත load කරගෙන ඒ පොතේ තියන පිටු capture කරලා ඒවා එකතු කරලා PDF එකක් විදියට save කරන එකයි. ඒ නිසා internet connection එක හොදට තියන වෙලාවක මේක කරන්න. නැත්තන් සමහර පිටු load කරගන්න එයාලට බැරිවෙන්න පුළුවන්.

අලුත් Huawei dongle unlock කරන්න

 
 මේකෙන් ඔයාලට පුලුවන් අලුතෙන් එන Huawei dongle unlock කරගන්න. අලුත් dongle කිව්වේ IMEI no එක 86 න් පටන්ගන්න E303, E173(new) වගේ ඒවා.

මේ 86xxxxxxxxxxxx IMEI තියන dongle වල තියෙන්නේ අලුත් algorithm එකක්. ඒ නිසා ඉස්සර හදපු unlock code generators වලින් දෙන unlock code ගැහුවට unlock වෙන්නේ නෑ. වෙන එකම දේ තමා unlock code ගන්න තියන අවස්ථා 10 ඉවර වෙලා dongle එක permenant lock වෙන එක. ඊට පස්සේ ඉතින් ආය code ගහලා unlock කරන්න බෑ. ඊට පස්සේ dc-unlocker වගේ software භාවිතා කරන ඕනි unlock කරගන්න. ඒක ඉතින් free කරගන්න බෑ එතකොට.

ඉතින් මට මෙච්චර කල් new algo code නොමිලේ දෙන මොකුත් හොයාගන්න බැරිවයි හිටියේ. ඔන්න මට යන්තන් හම්බවුනා ක්‍රමයක්. ඉස්සෙල්ලම ඔයාලා මම පහල දීලා තියන site එකට යන්න.

දැන් Sign in කියන එක click කරලා ඔයාගේ e-mail එකයි password එකයි දීලා signin වෙන්න.



Signin උනාට පස්සේ ඔයාගෙන් permission වගයක් ඉල්ලයි. ඒක Accept කරාම ඔයාට dongle එකේ IMEI එකයි Model එකයි ගහන්න එයි. ඒ දෙකම ඔයාගේ dongle එකේ හා box එකේ සටහන් කරලා ඇති. උදාහරණයක් ලෙස,
IMEI       : 868988011210173
Model   : E303s-1

දැන් CALCULATE කරලා එන Google+ ලකුණ ඔබන්න. එතකොට ඔයාට ඒ IEMI එකට අදාල පරණ හා අලුත් unlock code පෙන්නයි. ඒකෙන් ඔයාලා New Algo Code කියන එක copy කරගන්න. Google+ ලකුණ එබුවාම ඒ e-mail එකට අදාලව google+ account එකක් නැත්නම් හදන්න කියල එයි. එක create කරන්න.



දැන් මම මේ පහල දීලා තියන software එක download කරගන්න.

දැන් ඔයාගේ dongle එක පරිඝනකයට සම්බන්ද කරලා software එක open කරලා Unlock කියන එක දෙන්න.
ඊට පස්සේ එන පොඩි box එකේ ඔයා අර copy කරගත්ත code එක paste කරලා ok කරන්න.

දැන් ඔයාගේ dongle එක unlock වෙයි, දැන් ඉතින් කැමති sim එකක් දාලා යන්න පුළුවන්.

Android phone ආරක්ෂා කරගන්න තියන හොදම software එක

සාමාන්‍යයෙන් android phone වලට anti-theif වැඩසටහන් android market එකේ ඕනි තරන් තියනවා. සමහරවිට ඔයා දැනටමත් දාගෙන ඇති එකක්. එත් ඒ ගොඩක් software වල අඩුපාඩු රැසක් තියනවා නේද, හොරා ටිකක් වැඩකාරයෙක් නම් එයාට පුළුවන් පහසුවෙම්ම ඒ programs වලින් ගැලවෙන්න. එත් මම දැන් කියලාදෙන ක්‍රමයෙන් නම් හොරා මාට්ටු වෙනවා නිසැකයි. මේ මම පහල දීලා තියන application එක ඔයාල direct බාලා හරි android market එකෙන් හරි install කරගන්න. ඒ තමා Avast Anti-theif එක.


          

මේකේ විශේෂත්වය තමා මේක තියෙන්නේ Update Agent කියලා නමකින්. Install කරගත්තාම ඔයාලට පෙනෙයි එහෙම නමකින් කොලපාට icon එකක්. දැන් ඔයාලා එක open කරලා Anti-theif on කරලා pin number එකක් එහෙම set කරලා නැති උනොත් massege යන්න වෙන phone number එකක් එහෙම දෙන්නකෝ.



ඒ වැඩ ටික හමාර කරගත්තාම ඔයාලා ඒකෙන් අයින් වෙලා බලන්න. ආයේ phone එකේ කොහෙවත් ඔයාට Update Agent හෝ වෙන මොනවා හරි නමකින් ඔයාට icon එකක් දකින්න ලැබෙන්නේ නෑ. මේකේ වාසිය තමා කවුරුත් දන්නේ නෑ ඔයාගේ phone එකේ මෙහෙම දෙයක් install කරලා තියනවා කියලා. ඔයාට pin එක වෙනස් කරන්න හරි වෙන මොන වැඩකට හරි ඔයාට application එක open කරන්න ඕනි නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ pin එකට call එකක් ගන්න එක. ඒ කියන්නේ ඔයාගේ pin එක 2222 නම් ඔයා 2222 dial pad එකේ ගහලා call කරන්න. එතකොට ඒක open වෙයි. Number එක call log එකේ හිටින්නේ නෑ. ඒකට බයවෙන්න එපා.
අනික මේක වැඩකරන්නේ Stealth mode එකේ. ඒ කියන්නේ හොරා දැනගන්නේ නෑ මෙහෙම දෙයක් තියන බව වත් එයාව track වෙන බව වත්. එයා sim එක වෙනස් කරත් එයාට වෙනස තේරෙන්නේ නෑ. එත් අලුත් sim එකෙන් ඔයා අර දීලා තියන යාළුවගේ number එකට දිගටම message එනවා phone එක තියන තැන කියල. එහෙම නැත්තම් ඔයාට පුළුවන් phone එක lock කරන්න. එකට ඔයාට කරන්න තියෙන්නේ phone එකේ තියන number එකට 2222 lock හරි 2222 lost හරි කියලා (2222 වෙනුවට ඔයාගේ pin එක ගහන්න) sms එකක් යවන්න. එතකොට ඒ phone එක lock වෙලා alarm එකක් වදිනවා. එයට pin එක ගහල මිසක් එක නවත්වන්න බෑ. අඩුම ගානේ off කරන්න මොකුත් කරන්න වත් බෑ.



Lock කරන්න විතරක් නෙවේ තව ගොඩක් වැඩ sms යවලා කරන්න පුළුවන්. පහල බලන්න
.
{your pin} CALL {phone number}
phone එකෙන් ඔයා දෙන number එකට call එකක් එනවා.

{your pin} FORWARD SMS {your phone no}
ඒ phone එකට එන sms ඔයාගේ no එකට forward වෙනවා එයාට ලැබෙන්නේ නෑ.

{your pin} CC SMS {your phone no}
ඒ phone එකට එන sms  වල copy එකක් ඔයාටත් ලැබෙනවා.

{your pin} CC CALLS {your phone no}
එයාට call එකක් එද්දී ඒ call එකම ඔයාටත් එනවා. ඔයාට එයා කථා කරනවා අහන්න පුළුවන්.

ඒ වගේම එයාගේ call log එකේ copy එකක්, එයාගේ inbox එකේ සහ sent box එකේ තියන message ටික ඔයාට ගෙන්න ගන්න පුළුවන් මෙහෙම sms වලින්. තව sms code ගොඩක් තියනවා. ඒ ඔක්කොම Help එකේ SMS Commands වල තියනවා.

තවත් හොඳක් මේ application එකේ තියනවා. ඒ හොරා මේ application එක ගැන දැනගෙන හිටියත් එයාට මේක uninstall කරන්න බෑ. එකට ඔයා pin එක දැනගන්න ඕනි. අනික නිකන් apps අයින් කරනවා වගේ බෑ. ඔයා මේකේ root mode එක install කරන්න හිටියොත් (root phone එකක් නම්) හොරා phone එක hard reset කරත් මේක අයින් වෙන්නේ නෑ. අනික sim එක වෙනස් කරලා තියෙද්දී කාටවත් phone එකේ settings වලට යන්න බෑ. Auto disconnect වෙනවා.


දැන් පේනවා නේද, සැහෙන ප්‍රමාණයක ආරක්ෂාවක් ඔයාට මේකෙන් සලසගන්න පුළුවන් බව. එහෙනං ඔයා ළඟ තියෙන්නේ android phone එකක් නම් අනිවාර්යෙන් මේක කරගන්න.

Tuesday, August 20, 2013

Mobile Partner අලුත්ම version එක........

Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. අද  Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකක් ඔන්න. මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා.


මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ. ස්ලෝ ගතියකුත් නෑ. Call පහසුකම ඇතුලුව Statistics Internet usage , Track Data usage , Wifi Hotspot (New) , Change Your Mobile Partner Screen Background by Your favorite Pic යන අන්ග හදුන්වන්න පුලුවන්.නියම බාණ්ඩයක් !




මේ තියෙන්නේ Call පහසුකම

මේ තියෙන්නේ USSD පහසුකම

Track Data Usage පහසුකම

අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය
පෙන්වන Connection Statistics Window එක.

WI-FI Hotshot රන්ත් පුලුවන්.


Mobile Partner About [ Mobile Partner 23.009.09.02.910 ]



අපිට පුලුවන් මේකේ Background එකට අපි කැමති Pic එකක් දාගන්න.





අලුත් පෙනුම