Tuesday, January 17, 2012

Mirror Folder දෙකක් හදා ගන්න මෘදුකාංගයක්



Mirror Folder එකක් කියන්නේ එක Folder එකක කොපියක්‍. මේ Folder දෙකෙහිම එකම දත්ත තියෙන්න. අපිට මෙම ක්‍රමය backup විදියට භාවිත කරන්න පුලුවන්. මෙම මෘදුකාංගය මගින් Mirror Folder සාදාගෙන data automatically ම sync වෙන්න සාදාගන්න පුලුවන්. ‍මම නම් කරල බැලුව. සාර්ථක ක්‍රමයක්. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කරල බලන්න. network location එකකට වුනත් sync වෙන්න සාදාගන්න පුලුවන්. ‍ඒ නිසා කාර්්‍යාල කටයුතු වලට නම් ප්‍රයෝජනවත් වෙනවා. ‍

Download Here

Memory chip වල Pen වල files permanently මකල දාන්න......


 මෙය freeware එකක්. Eraser නම් ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. අපේ memory chip වල pen  වල වැදගත් files දානවනෙ. අපි pen එක කා‍ට හරි දෙනකොට ඔක්කොම මකල දුන්නම ආයේ ඒ files ගන්න බැ කියල හිතන්න නම් එපා. ඒ files recovery කරන්න පුලුවන්. එයට අවශ්‍ය මෘදුකාංගත් ඕන තරම් තියනවා. මේ තත්වය මත් අපේ පුද්ගලිකත්වය අවධානමකට ලක් වෙන්න තියන ඉඩ කඩ වැඩියි. ‍මම අද කියන්න යන්නේ නැවතත් files recovery කිරීමේ සම්බාවිතාවය අවම කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන. Eraser මෘදුකාංගය මගින් දත්ත 99% දක්වා සම්පූර්ණයෙන්ම මකන්න පුලුවන්.
තවත් මෙහි ඇති වාසි
 
  • User friendly
  • Secure drive erasure methods are supported out of the box
  • Erases files, folders and their previous deleted counterparts
  • Works with an extremely customizable Scheduler
  • It works with any drive that works with Windows

Tuesday, January 10, 2012

SLT එකේ රහස් ඩේටාබේස් ලීක් වෙයි

මේ දවස් වල වැඩිපුරම කතා වෙන මාතෘකාවක් තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් කියන්නෙ. හේතුව මේ ආයතනයේ සෙට් එක පහු ගිය දවස් වල එයාලගෙ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් ලිමිට් කරලා කියන හේතුව. ඒ කියන්නෙ ඔයාලා අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් එකක් ගත්තත් ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න පුලුවං උපරිම 25GB විතර. එක එක පැකේජ් අනුව ප්‍රමාණය වෙනස් වෙනවා. හොඳම ආතල් එක තමයි කලිං පැකේජ් අරගෙන තියෙන කස්ටර්මස්ලටත් මේ FUP (Broadband Fair Usage Policies) එක දාලලු.

 මෙහෙම කරන්න හේතුව විදියට එයාලා කියන්නෙ සමහර පුද්ගලයො දිගට හරහට ඩවුන්ලෝඩ් කරන නිසා සාමාන්‍ය බාවිතා කරන්නන්ට අසාදාරනයක් වෙනවා කියන එක. මුලින්ම මෙයාලා හොයලා බලනවා කව්ද හයි යූසර්ස්ලා කියලා. එයාලව හොයලා එයාලගෙ ලිස්ට් එකට දාගෙන එවැනි පුද්ගලයන්ට මෙන්න මේ කියන ලිමිට් එක දානවලු.

ඔන්න ඉතින් මේවා ඉස්සුවේ කොහොමද කියලා නං අහන්න එපා...:P. බාගෙන බලන්න. මේවා ෆයිල් 3 ඇති. ඕපන් කරන්න ඕන නම් මයික්‍රොසොෆ්ට් එක්සෙල් (Microsoft Excel) බාවිතා කරන්න වෙනවා. බලන්න ඔයාලගේ යූසර් නේම් එක තියෙනවාද කියලා. තියෙනවා නම් ඔයත් හයි යූසර් කෙනෙක්...:P.

Sunday, January 8, 2012

Hard Drive එකේ Speed එක වැඩි කරමු

මේ Configuration එකට Enable AHCI කියලා තමා කියන්නෙ. දිග නම තමා Advanced Host Controller Interface කියන එක. Windows7 වල අපිට පුළුවන් මේ AHCI කියන දේ Enabled කරගන්න. මේකෙන් වෙන වාසිය තමයි අපේ Machine එකේ තියෙන SATA drives වල operations වල වේගය වැඩි කරන්න (Read and Write Speed) සහ multitasking වල efficiencyනැත්තම් කාර්යක්ෂමතාව වැඩිකරගන්න පුළුවන් .


Step 1
Start Button එක උඩ Click කරලා "regedit" type කරලා enter කරන්න.

Step 2
දැන් අපු Window එකෙන් Browse කරගන්න මේ Path එක HKEY_LOCAL_MACHINE\System\CurrentControlSet\Services\msahci

Step 3
දැන් තියෙන Window එකෙන් start කියන එක Double Click කරන්න.
දැන් ඔයාලටත් මේ වගේ Window එකක් ලැබෙයි. ඒකේ Value එක "0" නෙමෙයිනම් "0" කරලා OK කරන්න. දැන් Restart කරන්න.


Thursday, January 5, 2012

වින්ඩෝස් 7 එක්ක එන Malicious Software Removal Tool එක ගැන දන්නවාද?


Windows 7 දැන් අවුරුදු 3 ඉඳලා පාවිච්චි කලාට ළඟදි තමයි මම නම් දැනගත්තෙ Malicious Software Removal Tool එකක් Windows එක්කම තියෙනවා කියලා. ගොඩක් වෙලාවට Virus Guard එකක් පාවිච්චි කරන් නැති අයට වගේම සාමාන්‍ය antivirus software එකකින් detect කරන්නැති Malicious Software ලේසියෙන්ම Windows එක්ක එන මේ Tool එකෙන් detect කරගන්න පුළුවන්. අළුතෙන් කිසිම දෙයක් Install කරන්න අවශ්‍ය නෑ, Start Menu එකේ " mrt " කියලා type කරලා මේ Tool එක open කරගන්න පුළුවන්.

Desktop එක වෙන කෙනෙකුට භාර කරන්නේ කොහොම ද?


Desktop එක තවත් කෙනෙකුට පෙන්වන්නේ කියලා. මේ සඳහා විවිධ ක්‍රම කිහිපයක්ම තියනවා. ඒ අතරින් Skype මෘදුකාංගය හරහා Desktop එක ආරක්ෂිතව වෙනත් අයකුට පෙන්විය හැකි ය. ඒ සඳහා මුළින්ම එම අදාළ පුද්ගලයා Skype Contacts තුළට ඇතුලු කර ගන්න. ඊට පස්සේ Call තුළින් Share Your Screen තුළ ඇති Share Full Screen තෝරා යන්න. එවිට අනෙක් පුද්ගලයාට අපේ Desktop එක දර්ශනය වේ. නමුත් ඒ තුළට විත් අනෙක් අනෙක් පුද්ගලාය අපගේ පරිගණකයට ඇතුලු වී කටයුතු කිරීමට හැකියාව නැත. ඒ සඳහා Remote Desktop භාවිතා කළ යුතු ය. එය කරන විදිය දැන ගන්න ඕන නම් ලැජ්ජ වෙන්නෙ නැතුව මෙතන ක්ලික් කරන්න.